The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

2026 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඈන් කාසන් වෙත…

Nethmini

Nethmini

October 10, 2026 • 9:20 AM

2026 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඈන් කාසන් වෙත…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි කාර්සන්, කාව්‍ය, ප්‍රබන්ධ සහ ශාස්ත්‍රීය අධ්‍යයන යන ක්ෂේත්‍ර අතර සීමා මායිම් ඉක්මවා යන නිර්මාණ වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින්නී ය.
  • නොබෙල් සම්මානය යනු ජීවිත කාලය තුළ කරන ලද සමස්ත සාහිත්‍ය මෙහෙවරක් වෙනුවෙන් පිදෙන ගෝලීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ පිරිනැමෙන ගෞරවනීය සහ වඩාත්ම කීර්තිමත් සම්මානය ලෙස සැලකේ.
  • මෙම ත්‍යාගය දිනාගන්නා ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට හිමිවන මුදල ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක (ආසන්න වශයෙන් පවුම් 900,000ක හෝ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක) මුදල් ප්‍රමාණයකි.
  • නොබෙල් ත්‍යාගය දිනාගත් පුවත ප්‍රසිද්ධ කිරීමට මඳ වේලාවකට පෙර දුරකනයෙන් ඈන් කාසන්ට එම පණිවිඩය දැනුම් දුන් බව ස්වීඩන් ඇකඩමියේ ස්ථිර ලේකම්වරිය වන ඉන්ග්‍රිඩ් කාල්බර්ග් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

76 හැවිරිදි කාර්සන්, කාව්‍ය, ප්‍රබන්ධ සහ ශාස්ත්‍රීය අධ්‍යයන යන ක්ෂේත්‍ර අතර සීමා මායිම් ඉක්මවා යන නිර්මාණ වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින්නී ය.

නොබෙල් කමිටුවේ නිර්දේශය

ඇය වෙත මෙම සම්මානය ප්‍රදානය කිරීමට හේතු ලෙස නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනයේ සඳහන් වන්නේ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ සුහද සංවාදයක නිරත වෙමින් සමකාලීන සාහිත්‍යය සඳහා නව ආකෘති නිර්මාණය කර ඇති ඇයගේ නිර්භීත සහ නිර්මාණශීලී සමස්ත සාහිත්‍ය මෙහෙවර අගයමින් මෙම සම්මානය ප්‍රදානය කරන බව යි.

නොබෙල් සම්මානය යනු ජීවිත කාලය තුළ කරන ලද සමස්ත සාහිත්‍ය මෙහෙවරක් වෙනුවෙන් පිදෙන ගෝලීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ පිරිනැමෙන ගෞරවනීය සහ වඩාත්ම කීර්තිමත් සම්මානය ලෙස සැලකේ. මෙම ත්‍යාගය දිනාගන්නා ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට හිමිවන මුදල ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක (ආසන්න වශයෙන් පවුම් 900,000ක හෝ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක) මුදල් ප්‍රමාණයකි.


සුළඟේ හඬට සවන් දෙමින්....

නොබෙල් ත්‍යාගය දිනාගත් පුවත ප්‍රසිද්ධ කිරීමට මඳ වේලාවකට පෙර දුරකනයෙන් ඈන් කාසන්ට එම පණිවිඩය දැනුම් දුන් බව ස්වීඩන් ඇකඩමියේ ස්ථිර ලේකම්වරිය වන ඉන්ග්‍රිඩ් කාල්බර්ග් සඳහන් කළේ ය. ඒ වන විට ඇය සිටියේ අයිස්ලන්තයේ වන අතර, ඇය ඉන්ග්‍රිඩ් කාල්බර්ග්ට පවසා ඇත්තේ තමා මේ මොහොතේ සුළඟේ හඬට සවන් දෙමින් සිටින බව යැයි ඉන්ග්‍රිඩ් කාල්බර්ග් සදහන් කර ඇත. ඇය පුදුමයට පත් වූ නමුත් ඉතා සතුටින් සිටි බව මට ඇගේ හඬින් තමාට හොඳින් ම දැනුණු බව ඉන්ග්‍රිඩ් කාල්බර්ග් වැඩි දුරටත් පවසා ඇත.

වසර 30කට අධික කාලයක් සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක ලෙස ද කටයුතු කර ඇති ඈන් කාසන් මුල් කාලීන ග්‍රීක සාහිත්‍යය වෙනුවෙන් ද පරිවර්තන සිදු කර ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Anne Carson#Literature#Nobel Prize
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...