The Leader News
BREAKING
පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා●ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?●ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’●රු. බිලියන 13.6ක NDB මූල්‍ය වංචාව: මුදල් අයකර ගැනීමේ ප්‍රගතිය කොහේද?●නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!●කාන්තා ව්‍යවසායකත්ව 'ප්‍රතිභාභිෂේක' තරග බිමට ඔක්තෝබර් 31 තෙක් ඉඩ●සිඩ්නි විද්‍යාඥවරියකගෙන් පිළිකා මාරයා පරදන ලොව පළමු එන්නත වාර්තාවේ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්●ලකුණු 430ක හඹායෑම: ශ්‍රී ලංකාවෙන් ඓතිහාසික ක්‍රිකට් පෙරළියක්●පොලිස්පති ගලවාගැනීමේ මෙහෙයුමට මහේස්ත්‍රාත්වරයාගෙන් නෛතික තිතක්●
Top Ad
සාහිත්‍ය - කලා

ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’

Awara

Awara

October 23, 2026 • 2:03 PM

ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමකාලීන දේශපාලනය තේමා කර ගත් වේදිකා නාට්‍ය බොහොමයක් වසරකට නිෂ්පාදනය වෙනවා.
  • ඒ වගේම මේක සරත් ගේ ස්වතන්ත්‍ර නාට්‍යය රචනයක්.
  • නාට්‍ය රසය ජනනය වන සිදුවීම් මාලාව (2024 දී සිදුවුණු) ආණ්ඩු පෙරළියත් එක්ක එතෙක් බල දේශපාලනයේ රැකවරණ ලද දූෂිත ජාලයක බිඳවැටීම, ඒ එක්කම ඊට දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සම්බන්ධ වූවන් ගේ අනිවාර්ය ඉරණම මේ නාට්‍යයෙන් සාකච්ඡා වෙනවා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

සමකාලීන දේශපාලනය තේමා කර ගත් වේදිකා නාට්‍ය බොහොමයක් වසරකට නිෂ්පාදනය වෙනවා. ඒවා බොහෝවිට සරල හාස්‍ය (comedy) වටා ගොනුවන ප්‍රේක්ෂකයා අරමුණු කර ගත් නාට්‍ය. ශාලාවේ සිටින ප්‍රේක්ෂකයා සිනහ ගස්වමින් නාට්‍යකරුවන් ද සිනාසෙන ඒවා. නරඹා ශාලාවෙන් එළියට එන විට නාට්‍යය පිළිබඳ මතකය ද ශාලාවෙ දමා පැමිණිය හැකි තරම්.

ඒ අතරතුර, ඉඳහිට දෙතුන් පාරක් නැරඹිය හැකි මතක හිටින නාට්‍ය ද නැතුවා නොවේ. මේ අවුරුද්ද එවැනි නාට්‍ය කිහිපයකින්ම පොහොසත් අවුරුද්දක්. ඩෙනිස් ගේ නේරංජනා තාමත් මතකයේ හොල්මන් කරනවා.

තමන් ගේ ම පිටපතක් කෙරෙහි තැබූ විශ්වාසය

මේ සති අන්තයේ නැරඹූ සරත් කරුණාරත්න ගේ ‘මේපාර ඉවරයි’ නාට්‍යය මේ අවුරුද්දේ නරඹන්නට ලැබුණු ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් නාට්‍යයක්. ඒ වගේම මේක සරත් ගේ ස්වතන්ත්‍ර නාට්‍යය රචනයක්. හොඳ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බොහෝ නාට්‍යකරුවන් විදෙස් නාට්‍යය පිටපතක් කෙරෙහි නිරායාසයෙන් ඇදී යනවා. ඒ වෙනුවට සරත් තමන්ගේ ම පිටපතක් කෙරෙහි විශ්වාසය තබනවා.

නාට්‍ය රසය ජනනය වන සිදුවීම් මාලාව

(2024 දී සිදුවුණු) ආණ්ඩු පෙරළියත් එක්ක එතෙක් බල දේශපාලනයේ රැකවරණ ලද දූෂිත ජාලයක බිඳවැටීම, ඒ එක්කම ඊට දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සම්බන්ධ වූවන් ගේ අනිවාර්ය ඉරණම මේ නාට්‍යයෙන් සාකච්ඡා වෙනවා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්. මෙහි අපූර්වත්වය තියෙන්නේ නාට්‍ය රසය ජනනය වන පරිදි එහි එන සිදුවීම් මාලාවේ පෙළ ගැස්මයි. නිරන්තරයෙන් මාරුවන වේදිකාවේ සැකැස්මයි. ඒ මත කෙරෙන රංගනයයි.

නාට්‍ය තවම අලුත් වැඩි හින්දා ඒ ගැන ඕනවට වඩා කියන්න මං යන්නේ නෑ. ලඟදි ම ආයේ කොහේ හරි වේදිකා ගතවේවි. ජූඩ් ශ්‍රීමාල් නේ කරන්නේ. ගිහින් බලන්න.

 

අශෝක හඳගම

උපුටා ගත්තේ Asoka Handagama ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...