The Leader News
BREAKING
"ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30වන දා සිට…●භික්ෂූන්ගේ නම් ඇතුළත් කර ඉවත් කිරීමෙන් අධිකරණය නොමඟ යැවූ බවට එජාපයෙන් චෝදනාවක්●බන්ධනාගාරගත නාමල්ට මහින්දගෙන් ලිපියක්: පළිගැනීම් එපා; අධිකරණය විශ්වාස කරන්න●පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා●ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?●ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’●රු. බිලියන 13.6ක NDB මූල්‍ය වංචාව: මුදල් අයකර ගැනීමේ ප්‍රගතිය කොහේද?●නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!●කාන්තා ව්‍යවසායකත්ව 'ප්‍රතිභාභිෂේක' තරග බිමට ඔක්තෝබර් 31 තෙක් ඉඩ●සිඩ්නි විද්‍යාඥවරියකගෙන් පිළිකා මාරයා පරදන ලොව පළමු එන්නත වාර්තාවේ●
Top Ad
සාහිත්‍ය - කලා

"ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30වන දා සිට…

Awara

Awara

October 23, 2026 • 4:06 PM

"ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30වන දා සිට…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව බිහිකළ විශිෂ්ඨතම සිනමාකරුවෙක් වන Vimukthi Jayasundara ගේ අලුත්ම චිත්‍රපටය "ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30 තිරගතවීමට නියමිත ය.
  • මම හිතන්නේ අවුරුදු ගාණකට පස්සේ තමයි ලාංකික ප්‍රේක්ෂකයාට විමුක්ති ගේ චිත්‍රපටියක් දකින්නට හම්බවෙන්නේ.
  • එයාලගේ හැසිරීම් හැඩය උදේට හවසට දකින ජීවිතේදි හම්බවෙන්නේ නෑ.
  • ප්‍රේක්ෂකයාට සෑහෙන නිර්මාණශීලී මොළයක් ඕනේ මේකේ තියන කෑලි කෑලිවලින් සමස්ත රූපය හදාගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාව බිහිකළ විශිෂ්ඨතම සිනමාකරුවෙක් වන Vimukthi Jayasundara ගේ අලුත්ම චිත්‍රපටය "ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30 තිරගතවීමට නියමිත ය.

මම හිතන්නේ අවුරුදු ගාණකට පස්සේ තමයි ලාංකික ප්‍රේක්ෂකයාට විමුක්ති ගේ චිත්‍රපටියක් දකින්නට හම්බවෙන්නේ. විමුක්තියානු සිනමාව ටිකක් ලංකාවේ ප්‍රේක්ෂකයාට අලුත් සහ දුරයි. ඒකට හේතුව තමයි විමුක්ති කියන්නේ Abstract Style සිනමාකරුවෙක් වීම. මේක මම කඩලා ගන්නේ paintingsවල තියන මුලික අදහසකින්.

මේ මොකක්ද කියලා කියවගන්න කලින් අපි නිකං බලමු මේකේ අනික් පැත්ත මොකක්ද කියලා. ඒ තමයි representational art කියන එක. දැන් චිත්‍රපටිවලින් ගත්තොත් ඔය මම කරන වගේ ඒවා. ඒ කියන්නේ ඔබ දැනට ඉතාම හොඳින් දන්න අඳුනන තත්ත්ව සහ රූප පෙළක් මට කියන්නට අවශ්‍ය කතාවක් වෙනුවෙන් පෙළගස්වන එක. එතකොට ඒකේ රූපමය භාෂාව සංකීර්ණ නෑ. රූප අපි දන්න ඒවා. ඒවල සංකේත අපි දන්න ඒවා. කතාව සහ ඒකේ contexct එකත් ඒකේ දේශපාලනයත් කියන එක තමයි අපි ප්‍රේක්ෂකයා එක්ක කරන ගනුදෙනුව.

ප්‍රේක්ෂකයා නිර්මාණය කරගත යුතු දෑ

හැබැයි දැන් abstract Artsවලට ගියාම මේක වෙනස්. දැන් මේකේ තියන රූපවල, චරිතවල, තත්ත්ව හැඩය ගොඩක් වෙලාවට ප්‍රෙක්ෂයාට සමීප නෑ. එයාලගේ හැසිරීම් හැඩය උදේට හවසට දකින ජීවිතේදි හම්බවෙන්නේ නෑ. පරිසරය, වටපිටාව ආලෝකය වගේ කිසිම දෙයක් අපි සාමාන්‍යයෙන් දන්න අඳුනන කිසිවක් Represnt කරන්නේ නෑ. ඒ වෙනුවට අපේ මොළයට ක්‍රියාකාරකමකින් මේ තත්ත්ව ටික අඳුනාගන්න වෙනවා. ප්‍රේක්ෂකයාට සෑහෙන නිර්මාණශීලී මොළයක් ඕනේ මේකේ තියන කෑලි කෑලිවලින් සමස්ත රූපය හදාගන්න.

දැන් එතකොට මේක කියවන එකෙක්ට හිතෙනවා නේද ඇයි යකෝ මං එච්චර මහන්සි වෙන්නෙ ටිකට් එකක් අරගෙන කියලා. මගේ සරල ප්‍රශ්නය ඇයි උඹ ටිකට් එකක් අරගෙන තීම් පාක් එකකට ගිහිල්ලා ඇඟ රිදෙන වැඩ කරන්නේ. ඇයි උඹ අතෙන් වියදම් කරගෙන කඳු නගින්නේ. ඇයි...? ඒ තමයි උඹට ඕනේ උඹ යමක් කලා කියන එක්සයිට්මන්ට් එක. ඒ කන්ද නැග්ගට පස්සේ උඹේ ජීවිතේ උඹ නොදන්නා කලාපයක් ඇහැරිලා උඹ නොදන්නා අලුත් තත්ත්වයකට උඹ පත්වෙනවා.

සිනමා නිර්මාණය නැරඹීමට පෙර සහ පසු

මේ වගේ චිත්‍රපටි කරන්නෙත් ඒක. උඹේ මොළය ඇතුළෙ හැංඟිලා තියන අලුත් අදහස් මේ චිත්‍රපටි විසින් එළියට ඇදල ගන්නවා. මේ විමුක්තියානු රූපමය, භාෂාමය අදහස කියවන්න උඹ ගන්න උත්සාහය ඇතුළෙ උඹේ මොළය ඇතුළෙ උඹ දන්නැතුව අගුල් දාලා වහල තියන දොරවල් ඇරලා ඒවල තියන tools එළියට ගන්න වෙනවා. ඇත්තටම ගත්තොත් උඹ හරියටම මේ වගේ ෆිල්ම් එකක් එක්ක එන්ගේජ් උණොත් ඒ ෆිල්ම් එක බලන්න කලින් උන්න උඹ සහ බැළුවට පස්සේ ඉන්න උඹ කියන්නේ සෑහෙන ම වෙනස් දෙන්නෙක් එක මනෝභාවයකදී.

ඉතිං, මම මේක කිව්වේ විමුක්තිව බලන්න යන්න කලින් පූර්ව සුදානමක් ගන්න උඹ සාමාන්‍යයෙන් මේ වගේ ආර්ට්වලට අකමැති කෙනෙක් නම් පොඩි clue එකක් දෙන්නං මේව බලන්න පටන්ගන්න. ඉස්සරලාම කවියක් කියවලා ඒකේ තේරුම හොයාගන්න. ගූගල් කරලා Abstract Painting එකක් බලලා මොන රෙද්දක්ද මේ කියලා හිතන්න පටන් ගන්න. ටිකකින් උඹට ලයින් එකක් අහුවෙනවා. ඒ ලයින් එක උඹ ඇතුළෙ හැංඟිලා හිටපු එක කාලෙක වළදාපු ලස්සන ගැඹුරු මිනිහෙක් ඉන්නවා කියන සංකේතයක්.

දැන් ගිහිල්ලා විමුක්තිව බලන්න; ලංකාවේ අපි හරියට දන්නෙවත් නැති නමුත්, ලෝක සිනමාව ඇයි මේ විමුක්ති කියන පොරට මෙච්චර ආදරේ කියලා එතකොට උඹට තේරෙයි.

ලකා ධර්මරත්න

උපුටා ගත්තේ Laka Darmarathna ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...