The Leader News
BREAKING
මෝස්තර ලෝකයේ මිනිස් රැකියා AI ක්ලෝනවලට බිලිවේද?●සදාචාරය වෙනුවෙනුත් පෙනී සිටින සිනමා ශාලා හිමියන්ගේ සංගමයට පිළිතුරක්●ඊශ්‍රායල මැතිවරණයේ තියුණු සටනක්: පැහැදිලි බහුතරයක් නෑ●කථානායක විශ්වාසභංගය වටා පාර්ලිමේන්තුවේ උණුසුම් අර්බුදයක්●කඩදාසි බට ඇත්තටම පරිසරයට හිතකාමී ද? කොරියානු විමර්ශනයෙන් හෙළිවූ තතු●එයාර්බස් නඩුව: නාමල්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 19ට කල්යයි●කාඩර්වරුන් ගේ දරුවන් පිළිබඳ ව මාඔ් ගේ දැක්ම●ලූලාගෙන් අනුරට ප්‍රතිචාර: රාජ්‍ය තාන්ත්‍රික සීමා ගැන සංවාදයක්●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හකුළාගන්නැයි ඇම්නෙස්ටි ඉල්ලයි●සුළි කුණාටු අවදානම: ලංකාවේ බෝට්ටු 25කට ඉන්දීය මුහුද විවෘත වෙයි●
Top Ad
සාහිත්‍ය - කලා

සදාචාරය වෙනුවෙනුත් පෙනී සිටින සිනමා ශාලා හිමියන්ගේ සංගමයට පිළිතුරක්

Nethmini

Nethmini

October 28, 2026 • 1:01 PM

සදාචාරය වෙනුවෙනුත් පෙනී සිටින සිනමා ශාලා හිමියන්ගේ සංගමයට පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමා ශාලා හිමියන්ගේ සංගමය විසින් ඊයේ (27) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි; ඒ නගර ආශ්‍රිතව කාමර මාලියේ සිනමා ශාලා බිහිවීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ය.
  • දැන් නගරවල කාමර මාදිලියේ සිනමා ශලා බිහිවෙන බවත් , ඒවා තුළ නොමනා ක්‍රියා සිද්ධ වෙන බවත් , එය තමන්ගේ කීර්ති නාමයට කැළලක් බවත් ඒ අය සඳහන් කරනවා.
  • දහම් පාසල් බවට පත්වුණ සිනමා ශාලා ශාලා හිමියන්ට අවුලක් වුනත් මේක මට සිනමාකරුවෙක් විදිහට අහන්න ලැබුණු සතුටුදායක ම ආරංචියක්.
  • අපි වගේ පවුලේ නොවන චිත්‍රපටි හදන, වැඩිහිටි තේමාවන් කතා කරන සිනමාකරුවන්ට ඔය සිනමා ශාලාවල කොහෙත්ම ඉඩක් තිබුනෙ නෑ (හොඳ හිත ඇති කීප දෙනෙකු ගේ ආවරණයක් මිස).
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා ශාලා හිමියන්ගේ සංගමය විසින් ඊයේ (27) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි; ඒ නගර ආශ්‍රිතව කාමර මාලියේ සිනමා ශාලා බිහිවීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ය. මතු පළ වන්නේ නවජ විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර එම සාකච්ඡාවට දැක්වූ ප්‍රතිචාරය යි.

සිනමා ශාලා හිමියන්ගේ සංගමය මාධ්‍ය කැඳවීමක් කරලා තිබුණා. දැන් නගරවල කාමර මාදිලියේ සිනමා ශලා බිහිවෙන බවත්, ඒවා තුළ නොමනා ක්‍රියා සිද්ධ වෙන බවත්, එය තමන්ගේ කීර්ති නාමයට කැළලක් බවත් ඒ අය සඳහන් කරනවා. දැන් සිනමා ශාලා හිමියො සදාචාරය වෙනුවෙනුත් පෙනී ඉන්න අරගෙන තියෙනවා.

දහම් පාසල් බවට පත්වුණ සිනමා ශාලා

ශාලා හිමියන්ට අවුලක් වුනත් මේක මට සිනමාකරුවෙක් විදිහට අහන්න ලැබුණු සතුටුදායක ම ආරංචියක්. අපි වගේ පවුලේ නොවන චිත්‍රපටි හදන, වැඩිහිටි තේමාවන් කතා කරන සිනමාකරුවන්ට ඔය සිනමා ශාලාවල කොහෙත්ම ඉඩක් තිබුනෙ නෑ (හොඳ හිත ඇති කීප දෙනෙකු ගේ ආවරණයක් මිස). මණ්ඩලයේ ඉල්ලීමට කුඩම්මාගේ සැලකිල්ල සහිතව යාන්තම් දින 14ක් ලැබෙන එක තමයි අපේ සිනමාවට මේ සිනමා ශාලා සංස්කෘතිය ඇතුළෙ ලැබුණු ඉඩ. මේ සිනමා ශාලා වේගයෙන් දහම් පාසැල් බවට පත්වෙමින් ගියා. ඒක ඒ අය තෝරගත්ත බිස්නස් මොඩ්ල් එක. එතනදි අපි වගේ විකල්ප සිනමාකරුවන් වගේ ම ප්‍රේක්ෂකයන් කාන්ඩයකුත් එලියට විසිවෙනවා.

සිනමා ශාලා හිමිකරුවන් ගේ අනාගතය

අභිසාරි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙද්දි මට කතා කරපු එක සිනමා ශාලා හිමියෙක් කිව්වෙ, මේ චිත්‍රපටිය බලන්න ආපු ප්‍රේක්ෂකයින් සිපගැනීම් කරන බවත්, එය තමන් ගේ ප්‍රේක්ෂාගාරයේ තත්ත්වයට කැළලක් බවත්‍ ය. එය මගේ චිත්‍රපටය විසින් ඇති කරන පහත් රසයක් විදිහටයි ඒ හිමිකරු කතා කළේ.

ඉතින් අපි වගේ අවතැන් සිනමාකරුවන්ට තියෙන එකම බලාපොරොත්තුව විකල්ප සිනමා මාදිලි. අපිට ප්‍රධාන ධාරාවේ සිනමා ශාලාවල ඉඩක් තිබුණෙ නෑ. ඉදිරියට ව්‍යාප්ත වෙන ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් තමයි එකම අවස්ථාව බවට පත්වෙමින් තිබුණෙ. ඉස්සරහට සිනමා ශාලාවලට වැඩි ඉල්ලුමක් මේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්වලට ලැබෙන විට මේ ශාලා හිමියන්ට සිද්ධ වෙනවා ඒකටත් පවුලේ සදාචාරය සුරකින තර්කයක් හදාගන්න.

පොප්කෝර්න් සම්ප්‍රදාය වෙනුවට පුද්ගලික සිනමා අවකාශ

රූම් සිනමා කියන්නෙ මේ පවුලේ සිනමා ආකෘතිය විසින් එළියට තල්ලු කරපු පෙම්වතුන් වෙනුවෙන් නිර්මාණය වුනු නව සිනමා ආකෘතියක්. මේක මේ ශාලා හිමියන් ම කියන විදිහට ව්‍යාප්ත වෙමින් යනවා නම් නුදුරේ දී ම ඒකත් සිනමා ප්‍රදර්ශන ජාලයක් ලෙස නිර්මාණය වෙයි. සිපගන්නවත් ඉඩක් නැති, අනුරාගය සිනමා ශාලාවලින් පිටමං කළ පොප්කෝර්න් සම්ප්‍රදාය වෙනුවට පුද්ගලික සිනමා අවකාශ නිර්මාණය වෙයි.

කිසිසේත්ම මෙවන් නව ප්‍රකාශන දොරටු අවහිර නොකල යුතු අතර ඒවා හැකි තරම් දිරිගැන්විය යුතුයි මේ හැමදාම සිනමාවට ආදරය කළ, පවුලේ සිනමාවේ රජකතා බණකතා චරිත කතා විසින් තමන්ගේ සිනමා ආස්වාදය අහිමි කළ අවතැන් වුනු සිනමා ප්‍රේක්ෂක/සිනමාකරුවන්ගේ අවකාශයක්. මෙවන් තවත් අවකාශ නිර්මාණය වනු ඇති. සියලු සිනමා හැඩ, සිනමා ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගත හැකි ආකාරයේ සිනමා ශාලා ආකෘතියක් තනා ගත නොහැකි වීමේ අලාභය මහා සිනමා ශාලා හිමියන්ට දරා ගැනීමට සිදුවනු ඇති. ආවස්තික පිරිවැය එහෙමයි.

විකල්ප මාර්ගයක්

ඉදිරියට කඩල ගොට්ටක් කමින්, ප්ලේන්ටියක් බොමින්, අඩු මුදලකට සිනමා කෘතියක් නැරඹීමට හැකි නව ප්‍රදර්ශන මාදිලියක් වෙනුවෙන් අපිත් ඔය සිනමා වෙළඳපොළට පිවිසෙනවා. විවෘත වෙළඳපොළක සැමට සම අවකාශ පැවතිය යුතුයි. වෙළඳපොළ සදාචාරය යනු එයයි. (චින්තන ධර්මදාස ගෙන් උපුටා ගැනීමකි.) තරුණ පරපුර චිත්‍රපට නැරඹීමෙන් සීඝ්‍රයෙන් ඉවත්වන මේ සමයේ රූම් සිනමා පැවතීම හොඳ බවයි. අතීතයේදී කොළඹ 13 සහ 14 ප්‍රදේශයේ මේ ආකාරයෙන් බහුලව දමිළ චිත්‍රපට ප්‍රදර්ශනය වුනා. එය හොඳයි. අද චිත්‍රපට ශාලාවල ප්‍රවේශ පත්‍ර මිල සමග සංසන්දනය කරන විට. එමෙන්ම වර්තමානයේ ෆිල්ම් හෝල් වැඩිහිටියන්ට නිපදවූ ෆිල්ම් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒවාට විකල්ප මාර්ගයක් තිබීම හොඳයි.

නවජ විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර

(සිනමා ශාලා හිමියන්ගේ සංගමයේ සාකච්ඡාව)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Saman Kumara
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...