සිනමාව, රූපවාහිනිය සහ කෙටි චිත්‍රපට ක්ෂේත්රය ඔස්සේ විවිධ නිර්මාණ රැසක් ප්‍රේකෂක ප්‍රජාව වෙත ඉදිරිපත් කර ඇති ෂර්ලි සමරසිංහ ගේ දෙවැනි දීර්ඝ වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන ''සිලිලාරේ'' නුදුරු දිනක දී ම තිරගත වීමට නියමිත ය.
ඔහු ගේ ප්‍රථම සිනමා වෘතාන්ත නිර්මාණය වූයේ "පියාඹන්න ආයෙත්" නමැති සිනමා නිර්මාණය යි.

මෙම චිත්රපටයෙහි විශේෂත්වය වන්නේ මෙය ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුවිශේෂී නිර්මාණයකි වීම ය. ඒ, ''සිලිලාරේ'' සිනමා නිර්මාණය එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වුණු 28වන යූ.කේ. ආසියානු සිනමා උළෙල (UK Asian Film Festival) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් තේරී පත් වීම ය. මෙම සිනමා නිර්මාණයේ ජාත්‍යන්තර (World Premiere) මංගල දර්ශනය පැවැත් වූයේ ද 2026 මැයි 5වන දා පැවති මෙම සිනමා උළෙලේ දී ය.
''සිලිලාරේ'' සිනමා නිර්මානය සඳහා: වසන්ති චතුරානි, සංගීත් ප්‍රභූ ,පූජන දන්දෙණිය, චමත්කා ලක්මිණි, පසිඳු විතානගේ, අමා ශාක්‍යා විජේසේකර, ප්‍රසන්න දැකුම්පිටිය, තිළිණි වීරසිංහ, නදීෂා මධුෂානි,යශෝධා රසදුනී, ග්‍රේස් තෙන්නකෝන් , රිචඩ් මානමුදලි, සුදර්ශි ගැලනිගම, රින්ස්ලි වීරරත්න, අසිරි එදිරිසිංහ, ඇන්ටන් කුරේ, ශාකිත දාබරේ, ඉසුරු මල්ශාන්, චරිත් ආචාරීගේ, විශ්වනාදන් විශ්වා, හර්ෂණ පෙරේරා, හංසිකා වීරසිංහ, චමත් ජයසිංහ, නිම්සර සාවින්ද, විමුක්ති අදීශ සහ නවෝදා බෙනට් යනාදි රංගන ශිල්පින් සහ ශිල්පිනියන් රංගනයෙන් දායක වී තිබේ.

මෙහි කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ විසින් මෙහෙයවනු ලැබ තිබේ. සංස්කරණය සමන් ඇල්විටිගල ය. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. කලා අධ්‍යක්ෂණය කුමාර කරව්දෙනිය ගෙනි. අංග රචනය ප්‍රේමලාල් ලියනගේ ගෙනි. වර්ණ සංයෝජනය කර ඇත්තේ ආනන්ද බණ්ඩාර ය. ශබ්ද සංස්කරණය ශෂික රුවන් මාරසිංහ ය.
සහාය අධ්‍යක්ෂණය ජානක සිසිර කුමාර වන අතර දෙවන සහාය අධ්‍යක්ෂණය සදහා සම්පත් නිශාන්ත දායක වි තිබේත නිශ්චල ඡායාරූප නිශ්ශංක විජේරත්න ගෙනි.
නිෂ්පාදන කළමනාකරණය සඳහා: විමුක්ති ලක්ෂාන් සමරනායක, දිල්ෂාන් පතිරගේ, නුවන් බුද්ධික සම්බන්ධ වී ඇති අතර සහාය කලා අධ්‍යක්ෂණය දිමුතු ප්‍රියජනක සහ වජිර දයානන්ද ගෙනි.
මෙම සිනමා නිර්මානයේ නිෂ්පාදනය සඳහා දායක වී තිබෙන්නේ ගයන්ත් ප්‍රසන්නජිත් ජයසුන්දර සහ වෛද්‍ය දර්ශන අනුරාධ යන දෙපළ ය.



