The Leader News
BREAKING
යුක්‍රේන සටන් විරාමය බිඳවැටෙයි: සාම බලාපොරොත්තු අභියෝගයක●සර්බියානු ශිෂ්‍ය විප්ලවය: දේශපාලනඥයන් නැති අලුත් දේශපාලනය●බදු ගෙවන්නන් සූදානම් වුවත් RAMIS පද්ධතිය තවමත් අඩපණයි●ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි●සජිත්ගෙන් තිරසර වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළකට මුල පිරේද?●අර්නබ් සුළි කුණාටුවෙන් ඔඩිෂා ගොවිබිම් අක්කර තුන්දහසක් යටවෙයි●ෆ්ලොරිඩා ගුවන් අනතුර: ලියර්ජෙට් යානය කඩා වැටුණේ ගුවනේදී කැඩී යාමෙන්ද?●වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්●කාන්තාවකට පහරදුන් පොලිස් කොස්තාපල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි නියෝගයක්●ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර බැඳුම්කර අභියෝගය●
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි

Nethmini

Nethmini

November 3, 2026 • 12:38 PM

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි (Osmund Bopearachchi) යනු ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය, මුළු ලොව ම පිළිගත් ඉතිහාසය සහ පුරාවිද්‍යා විද්වතෙකි.
  • මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය සමයෙන් ඉක්බිති ආසියාවේ ඇති වූ ග්‍රීක බලපෑම (Hellenistic legacy), ගාන්ධාර බෞද්ධ කලාව, පැරණි ඉන්දියානු සාගරයේ මුහුදු වෙළඳාම මෙන් ම අපේ රටේ ඉතිහාසය පිළිබඳ ඔහු සිදු කළ පර්යේෂණ ලෝකයේ ම අවධානයට ලක්වුණි.
  • When West Met East: Gandharan Art Revisited: බටහිර සහ පෙරදිග සංස්කෘති එකතු වී බිහිවූ සුප්‍රසිද්ධ ගාන්ධාර බෞද්ධ කලාව පිළිබඳ ලියවුණු විශිෂ්ට කෘතියකි.
  • මෙම කෘති සහ ලේඛනවලට අමතර ව ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සඟරා සඳහා පැරණි ලංකාවේ මුහුදු මාර්ග, කාසි භාවිතය සහ වෙළඳ සබඳතා පිළිබඳව ලියූ පර්යේෂණ ලිපි සහ ශාස්ත්‍රීය ලිපි (Research Papers) ද කිහිපයක් ම පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි (Osmund Bopearachchi) යනු ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය, මුළු ලොව ම පිළිගත් ඉතිහාසය සහ පුරාවිද්‍යා විද්වතෙකි.


හෙතෙම පුරාවිද්‍යාව සහ පැරණි කලා ඉතිහාසය පිළිබඳ ව මෙන් ම කාසි පිළිබඳ අධ්‍යයනය (Numismatics) කළ ලොව ප්‍රමුඛ ම විශේෂඥයෙකි. 


මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය සමයෙන් ඉක්බිති ආසියාවේ ඇති වූ ග්‍රීක බලපෑම (Hellenistic legacy), ගාන්ධාර බෞද්ධ කලාව, පැරණි ඉන්දියානු සාගරයේ මුහුදු වෙළඳාම මෙන් ම අපේ රටේ ඉතිහාසය පිළිබඳ ඔහු සිදු කළ පර්යේෂණ ලෝකයේ ම අවධානයට ලක්වුණි.


මතු පළ වන්නේ ඔහු විසින් රචිත අතිශය ජනප්‍රිය සහ වටිනා ග්‍රන්ථ සහශාස්ත්‍රීය ලිපි කිහිපයකි.


Monnaies gréco-bactriennes et indiennes (Catalogue raisonné): ඉන්දු-ග්‍රීක කාසි කලාව සහ ඉතිහාසය පිළ්බඳ ව ලෝකයේ පවතින ප්‍රධානතම සහ විස්තරාත්මකම නාණක (කාසි පිළිබඳ) විද්‍යා අත්පොතකි.


Roots of Sri Lankan Art: අපේ පැරණි ශ්‍රී ලාංකීය කලාවේ මූලාරම්භය සහ එහි විකාශනය පිළිබඳ ලැගුම් ලත් අපූරු පර්යේෂණ ග්‍රන්ථයකි.


When West Met East: Gandharan Art Revisited: බටහිර සහ පෙරදිග සංස්කෘති එකතු වී බිහිවූ සුප්‍රසිද්ධ ගාන්ධාර බෞද්ධ කලාව පිළිබඳ ලියවුණු විශිෂ්ට කෘතියකි.


Ruhuna, an ancient civilisation re-visited: අපේ පැරණි රුහුණු රාජධානියේ සැඟවුණු පුරාවිද්‍යාත්මක සහ වෙළඳ ඉතිහාසය ලෝකයට ම විවෘත කළ පර්යේෂණ ග්‍රන්ථයකි.

 
මෙම කෘති සහ ලේඛනවලට අමතර ව ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සඟරා සඳහා පැරණි ලංකාවේ මුහුදු මාර්ග, කාසි භාවිතය සහ වෙළඳ සබඳතා පිළිබඳව ලියූ පර්යේෂණ ලිපි සහ ශාස්ත්‍රීය ලිපි (Research Papers) ද කිහිපයක් ම පළ කර ඇත.

 

මීට අමතරව මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ප්‍රංශයේ සුප්‍රසිද්ධ CNRS-ENS ආයතනයේ සම්මානිත පර්යේෂණ අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙන් ම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UC Berkeley) සහායක මහාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

 
මෙහි දී ඔහු ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ ව ද සඳහන් කළ යුතු ම ය.


කාසි විද්‍යාව වෙනුවෙන් ප්‍රංශ ඇකඩමිය වෙතින් පිරිනමන කීර්තිමත් 'George Perrot' පදක්කම සහ Sri Lanka Foundation International වෙතින් ජීවිතකාලීන සම්මානයෙන් පිදුම් ලැබීම. ඊට අයත් වේ

 

මූලාශ්‍ර - Ithihasaya ඉතිහාසය face book පිටුව ඇසුරෙනි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Osmund Bopearachchi
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...