The Leader News
BREAKING
රාමායන සිනමා දැවැන්තයා ඉන්දියාවේ මෘදු බලය පැතිරවීමක් ද?●දේශගුණ අර්බුදය ලොව ප්‍රකට උදෑසන කෑම මේසයත් සොලවයි●‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි●අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව●හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ●සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට●නව චීන තානාපති සහ දිලිත් අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්●ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ ‘රාමායන’ ලොවපුරා තිරයට●ඔක්ටේන් 95 යළි ඉහළට: පෞද්ගලික සහ රජයේ මිල පරතරය රුපියල් 25ක් වෙයි●සංඛ්‍යා ලස්සන වුණත් තරුණ පරපුර රට හැරයන අර්බුදය●
Top Ad
සාහිත්‍ය - කලා

‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි

Nethmini

Nethmini

November 5, 2026 • 11:31 AM

‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය, ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ‘එදා රෑ’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ මෙ‌තෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ.
  • ඒ, චිත්‍රපටය තිරගත වීම අරඹා දින 40 ක් බඳු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8,093 ක (රු.
  • ,300,000) දැවැන්ත ආදායමක් ඉපැයීමෙනි.
  • මීට පෙර රුපියල් ලක්ෂ 6,300ක ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනප්‍රිය, ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ‘එදා රෑ’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ මෙ‌තෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ.

ඒ, චිත්‍රපටය තිරගත වීම අරඹා දින 40ක් බඳු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8,093ක (රු. 809,300,000) දැවැන්ත ආදායමක් ඉපැයීමෙනි.

මීට පෙර රුපියල් ලක්ෂ 6,300ක ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය යි. වර්තමානය වන විට එම වාර්තාව අභිබවා යමින් ‘එදා රෑ’ නව සිනමා වාර්තාවක් පිහිටුවා ඇත.

පසුගිය සැප්තැම්බර් 18 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළ ‘එදා රෑ’ චිත්‍රපටය මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලාවල අඛණ්ඩව තිරගත වෙමින් පවතී.

‘එදා රෑ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන වන අතර නිෂ්පාදනය One Line Production & Entertainment වෙතිනි.

මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය ප්‍රධාන වශයෙන් නිරූපණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර විසිනි.

ඊට අමතරව: නෙත්මි රොෂෙල් (ස්වර්ණා), සෙනාලි ෆොන්සේකා (ඇනට්), ශේෂාද්‍රි ප්‍රියසාද් (ශිරාණි), දිනෙත් ද සිල්වා සහ ධර්මප්‍රිය ඩයස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...