The Leader News
BREAKING
Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●අයවැය පොරොන්දු ඉටුකිරීමේ වසර 8ක ඉහළම ප්‍රගතියක් - 'වෙරිටේ රිසර්ච්'●Diginote : විදේශ සංචිත ඩොලර් බිලියන 7.08ට: බැඳුම්කරවලින් විදේශිකයෝ පලායති●'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්●සයිමන් සහ සර්පයා●පිළිකාව නිට්ටාවට සුව කරන ඔසු ඇත්තටම තියෙනවද?●
Top Ad
සාහිත්‍ය - කලා

නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට

Awara

Awara

November 9, 2026 • 4:39 PM

නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකට මාධ්‍යවේදිනියක, නිවේදිකාවක සහ ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන "කුවණ්ණා" චිත්‍රපටය ජනවාරි පළමු වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
  • ඇය මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සිදු කර ඇත.
  • ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය සහ ආර්ථික හුදෙකලා බව විසින් මිනිස් ජීවිත අර්බුදයට යන ආකාරය මෙම චිත්‍රපටය ඔස්සේ විවරණය වේ.
  • වසර 2500ක ගැහැනු වේදනාවේ සිනමාත්මක විමසුම වසර 2500කට පෙර අතීතයක කුවණ්ණා නමැති ගැහැනිය, රැජිනක, බිරිඳක, මවක ලෙස දරාසිටි භූමිකාවල බර, වේදනාව අද ජීවත් වන ගැහැනිය දරා සිටිනා බර සහ වේදනාවමද?
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකට මාධ්‍යවේදිනියක, නිවේදිකාවක සහ ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන "කුවණ්ණා" චිත්‍රපටය ජනවාරි පළමු වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි. ඇය මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සිදු කර ඇත.

කුවණ්ණා චිත්‍රපටයේ නිෂ්පාදනය සම්පත් සී. ගුණවර්ධන විසිනි.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය සහ ආර්ථික හුදෙකලා බව විසින් මිනිස් ජීවිත අර්බුදයට යන ආකාරය මෙම චිත්‍රපටය ඔස්සේ විවරණය වේ.

වසර 2500ක ගැහැනු වේදනාවේ සිනමාත්මක විමසුම

වසර 2500කට පෙර අතීතයක කුවණ්ණා නමැති ගැහැනිය, රැජිනක, බිරිඳක, මවක ලෙස දරාසිටි භූමිකාවල බර, වේදනාව අද ජීවත් වන ගැහැනිය දරා සිටිනා බර සහ වේදනාවමද? යන්න සිනමාත්මක ප්‍රවේශයකින් විමසන 'කුවණ්ණා’ චිත්‍රපටයට රංගනයෙන් හේමසිරි ලියනගේ, ප්‍රවීණ රංගවේදී හේමසිරි ලියනගේ ගේ මුණුපුරු (හඳුන්වාදෙන) අක්දෙව් ලියනගේ, මයුර කාංචන පෙරේරා, අනසූයා සුබසිංහ සහ (හඳුන්වාදෙන) ඩිලක්ෂන් තිරුනකර් යන ශිල්පීන් දායක වේ.

ජාත්‍යන්තර සම්මාන 16කින් පිදුම් ලැබූ ගමන

මෙම චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ පැවැත්වුණු 7 වන Independent Experimental Film Festival (IEFK) හි ලෝක සිනමා අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස සිය ලෝක ප්‍රදර්ශනය ඇරඹූ අතර අනතුරුව ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල (DIFF 2026), නේපාල ජාත්‍යන්තර සිනමා උළෙල (NIFF 2026), නව දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල, ටොරන්ටෝ දකුණු ආසියානු සිනමා උළෙල, කල්කටා ලෝක සිනමා උළෙල ඇතුළුව විදේශීය සිනමා උළෙලවල් 40කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් සම්මාන 16ක් දිනාගෙන ඇත.

නව වසරේ සිනමාශාලාවට ඇරයුමක්

2027 අලුත් අවුරුද්ද වෙනස් සිනමා අත්දැකීමකින් අරඹන්න. කුතුහලයෙන් ඉන්න. අවධානයෙන් නරඹන්න.

ශ්‍රී ලාංකේය වංශ කතාවේ සඳහන් ප්‍රථම ගැහැනිය වන කුවණ්ණා ඔබට දනවන අරුත සොයාගන්නට 2027 අලුත් අවුරුද්දේ ඔබට හැකිවේවි! හැබැයි ඉතිං ඒ වෙනුවෙන් ඔබ ජනවාරි මාසයේ මුල් සතියෙන් දිනයක් වෙන්කරගෙන තබාගෙන ඔබට ළඟම රිද්ම මණ්ඩලයේ සිනමාශාලාවකට පැමිණ 'කුවණ්ණා' චිත්‍රපටය නැරඹිය යුතුමයි!

එහෙමනම් ඉතින්, ජනවාරි 1 වැනිදා සිට 'කුවණ්ණා' මුණගැසෙන්නට සූදානමින් ඉන්න...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...