The Leader News
BREAKING
ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●වෙරළබඩ පරිසර අර්බුදය හෙළිදරව්වට මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව අවස්ථාවක්●NDB රු. බිලියන 13.6ක අක්‍රමිකතාව: අදාළ EY විගණකවරුන්ට බැංකු තහනමක්●අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!●යෝගා සුවයෙන් රූපවාහිනී තිරයට අලුත් රිද්මයක් දුන් මල්ශ්‍රී●මහමග පැය ගණන් සිරවෙන නාගරිකයන්ට චීන අත්දැකීමෙන් විසඳුමක්?●ජාත්‍යන්තර සයිබර් ජාවාරම්කරුවන්ට ලංකාව තෝතැන්නක් වූ හැටි●
Top Ad
සාහිත්‍ය - කලා

ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු

Nethmini

Nethmini

November 10, 2026 • 2:22 PM

ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමුක්තිගේ ‘ඔත්තු බලන තරු’ සර්වකාලීන අගයක් ඇති සිනමාකෘතියකි.
  • සැබවින්ම මෙය අනාගතයේ සිට වර්තමානය දෙස බලන කලා කෘතියකි.
  • යන්ත්‍ර මගින් පාලනය වන යාන්ත්‍රික ලෝකයක ඒ ඔත්තුකාර තාරකාවල අවධානය යොමුව ඇත්තේ අධි බලගතු මනුෂ්‍යයා ගැන ය.
  • පෘථිවියෙන් එපිට බුද්ධිමත් ජීවීන් උනන්දු වන්නේ සබුද්ධික මනුෂ්‍ය සත්වයා වන අප ගැන ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විමුක්තිගේ ‘ඔත්තු බලන තරු’ සර්වකාලීන අගයක් ඇති සිනමාකෘතියකි. එසේ වනුයේ එය අනාගත වාක්‍ය සහිත රූපාවලියක් වන නිසා ය. මෙය විශ්වීය නිර්මාණයක් වන්නේ එය මහ පොළොව දෙස විශ්වයේ සිට හොර රහසින් අප දෙස බලා සිටින නිසා ය. එසේ හොරුහින් බලන්නේ අනාගතයේ සිට ය. සැබවින්ම මෙය අනාගතයේ සිට වර්තමානය දෙස බලන කලා කෘතියකි.

යන්ත්‍රානුසාරයෙන් නිශ්චය වූ මනුෂ්‍ය ලෝකය

මෙහි විවිධ සමාජීය හා දේශපාලන හේතු මත අතුරුදන් කරවනු ලැබූවන් සහ මරා දැමූවන් ය. සිය ඥාතී භාරකරුවන් එකී තම ප්‍රියයන් යළි තමා වෙත එතැයි විශ්වාසයෙහි ජීවත් වන සෙයකි. එම මිය ගිය ප්‍රාණීන් යනු අනාගතයේ සිට වර්තමානයට සංචාරය කරන පිටසක්වළ අද්භූත ජීවීහූ වෙති. මෙය අමුතු දෘෂ්ටියකින් හෙබි කලා කෘතියකැයි සිතන්නේ එබැවිනි.

යන්ත්‍ර මගින් පාලනය වන යාන්ත්‍රික ලෝකයක ඒ ඔත්තුකාර තාරකාවල අවධානය යොමුව ඇත්තේ අධි බලගතු මනුෂ්‍යයා ගැන ය. පෘථිවියෙන් එපිට බුද්ධිමත් ජීවීන් උනන්දු වන්නේ සබුද්ධික මනුෂ්‍ය සත්වයා වන අප ගැන ය. උත්ප්‍රාසය වනුයේ එම මනුෂ්‍ය ලෝකයද මේ වන විට යන්ත්‍රානුසාරයෙන් නිශ්චය වී තිබීමය.

පියවි මිනිස් ලෝකය සහ ඉන් එපිට විශ්වීය ලෝකය යන අන්ත දෙකෙහි මනුෂ්‍ය අප ජීවත් වන්නේ ඒ එක් අන්තයකය. එබැවින් අපට ආගන්තුක වූ පිටස්තර ලෝකය දෙස අප බලනුයේ සැක බිය මුසු අනියතතාවකිනි.

දිගු රූපයේ ගැඹුරු අර්ථය දැකීම

සිනමාකරුවා පළමුව තමා ඉදිරියේ සිටින අශික්ෂිත රසිකයා ගේ ශික්ෂණය සාදයි. චිත්‍රපට වේශයෙන් අඛන්ඩව නරඹන්නට සිදුවූ විවිධාකාර වෙළෙඳමය සහ දේශපාලනමය යටි අරමුණෙන් අවස්ථාවාදී වූ සිනමා ව්‍යාපෘතිවලට හුරු වී සිටින නරඹන්නාගේ ප්‍රේක්ෂාව ගැන විමුක්තිට විශ්වාසයක් නැත. නිහඬතාවයේ ඇසිය යුතු හඬට සවන් දීම සඳහා සහ දිගු රූපයේ ගැඹුරු අර්ථය දැකීම සඳහා විඳින්නා පෙරසූදානම් කිරීමට ඔහුට සිදුවන්නේ ඒ නිසා ය. චිත්‍රපටය අරඹන්නට පෙර එසේ අපව හික්මවනු ලැබීම වටී.

දීර්ඝ සහ නිශ්චලතාවට හුරු දැඩි සංයම රූපාවලි එදෙස බලා සිතිවිලි රූප නිශ්චය කිරීමෙහිලා පුල පුලා සිටින ප්‍රකර්ශකාරී නරඹන්නා ගේ ස්වෝත්සාහය බලගන්වයි. එනම් නරඹන්නා දකින්නකු බවට පරිණාමනය කරන සංදේහය සහ සුපරීක්ෂාකාරී බව කුළුගැන්වීමයි.

(ලියමින් සිටින සටහනක් බැවින් අවසාන පරම විනිශ්චය ලෙස නොගන්න)

සටහන - අජිත් ගලප්පත්ති

උපුටා ගත්තේ Ajith Galappaththiගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...