කලා අධ්‍යක්ෂණය හරහා 60 - 70 දශකවල පරිසරය මැනවින් ප්රතිරූපණය කිරීම, රන්වන් වර්ණ සහිත සිනමා රූ ගැන්වීම, මිල්ටන් ගේ පැරණි ගීත ඔහුගේ ම මුණුබුරා වූ පවන් ලවා ගායනා කරවීම (තාරක සහ රනිල් මල්ලවාරච්චි ගේ ගායන ද ඇතුළත් ය), අංග රචනය ආදිය ගැන සලකා බලද්දි මේ චිත්‍රපටය ඉතාම හොඳ තලයක චිත්‍රපටයක්. ඒවගේ ම ඉතා හොඳ යැයි සම්මත නළු නිළියන් සේම, වෙළඳපළ අගය අතින් ඉහළ යැයි සම්මත නළු නිළියන් ද හැකි උපරිම යොදා ගෙන තිබ්බ නළුවරණය අමතක කරන්නම බෑ . කොටින්ම, මේ අංග ලක්ෂණ සමුච්චය විසින් චිත්‍රපටය සම්බන්ධව මග හළ නොහැකි ධනාත්මක හැඟීමක් ජනනය වෙනවා සහ මා තුළත් ඒක ඇති වුණා කියල කියන්න ඕනි. (VFX අවුල් කිහිපයක් සහ Lux ඕනෑවට වඩා චිත්‍රපටය ඇතුළට රිංගල කියල දැනුණ තැන් නොතිබුණා නෙමේ. ඒත් ඒක එතරම්ම තැකිය යුතු නෑ.)
තිර රචනය අසමත්
කෙසේ නමුත් චිත්‍රපටයේ තිර රචනය පිළිබඳව නම් තෘප්තිමත් වෙන්න අමාරුයි . ඒකට මූලිකම හේතුව තමා චිත්‍රපටය පුරා ම චරිත ගොඩ නගා තිබුණේ සහ සංසිද්ධි ගොඩ නගා තිබුණේ හරිම Flat විදිහට. අදාළ චරිතවලට හෝ අදාළ සිද්ධිවලට දිය යුතු යථාර්ථවාදී ගැඹුර ලබා දීමට පිටපත විසින් අසමත් ව තිබුණු බවයි මට දැනුණෙ. මේ චිත්‍රපටය වාණිජමය නිර්මාණයක් නිසා යථාර්ථයේ අගාධයට ම කිමිදිය යුතු නෑ තමයි; නමුත් වාණිජ චිත්‍රපටයක වුණත් චරිත සහ සංසිද්ධි තුළ තිබිය යුතු යම් කිසි යථාර්ථවාදී ගැඹුරක් තිබෙනව මේ චිත්‍රපටයේ පිටපත එම ගැඹුරින් මඳක්වත් ස්පර්ශ කර නැති බවයි මට දැනුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට චිත්‍රපටයේ: චරිත / සංසිද්ධි සියල්ලම මට දැනුණෙ ඉඳ හිට ඇහෙන පුවත්වල ඉන්න චරිත / ඉඳ හිට ඇහෙන පුවත් වගේ; භාවමය බන්ධනයක් රහිතව.
නිදසුනක් විදියට කියනවා නම්: අපට එදිනෙදා නිතර දෙවේලේ අහන්න ලැබෙන පෙම් සබඳතාවක බිඳ වැටීමක්, මවක ගේ මරණයක් හෝ මිනිසෙකු ගේ යම් කිසි ජයග්‍රහණයක් අපිට බොහෝ විට දැනෙන්නෙ පැතලි විදිහට; Flat විදිහට. අපිට ඒව ගැන සංවේදීතාවක් ඇති වෙන්නෑ ලොකුවට. හැබැයි ඒවට කවුරු හරි Realistic Depth එකක් දීල ඉදිරිපත් කරද්දියි අපි ඒකට භාවාත්මකව බැඳෙන්නෙ. ඉතින්, මේ පිටපත තුළ දී ඒක වෙලා නොතිබ්බ බවයි මගෙ කියවීම. මේ හේතුවෙන් මිල්ටන් සහ ඔහුගේ පරිවාර චරිතවලට, ඔවුන්ගේ අත්දැකීම් සමුදායට මං භාවාත්මකව නොබැඳුණු බව - ඒවා හුදෙක් පුවත් පමණක් වූ බවත් අවංකවම කිව යුතු ම යි .
නළුවරණයේ සාර්ථකත්වය
කෙසේ වුණත් රංගන කර්තව්‍යය ගැන ගත්තහම නම් සමස්තයක් විදිහට තෘප්තිමත් විය හැකි මට්ටමක සියලු රංගන තිබුණා. (නළුවන්ට රඟ දක්වන්න තිබුණේ ඒ සා යථාවාදී ගැඹුරකින් තොර Flat & Shallow චරිත වුණත් තමන්ට පැවරී තිබුණු සරල රාජකාරිය ඔවුන් විසින් පැහැර හැර තිබුණෙ නෑ කියලයි මට දැනුණෙ) ඒ අතර රොෂෙල්, සෙනාලි, කලණ, දිලීප අබේසේකර, මයුර කාංචන, ජෙහාන් අප්පුහාමි, දිනෙත් ද සිල්වාගේ රංගන සිත් ගන්නාසුලු බව සඳහන් කරන්න ඕනි. මිල්ටන් ගේ මිතුරන්ට රඟපාන සියලු නළුවන්ගේ නම් නොදත් නිසා සටහන් නොකරා මිස ඔවුන් සියල්ලන් ම තමන්ට පැවරි රාජකාරිය හොඳාකාරව ඉටු කොට තිබුණ බවත් කියන්න ඕනි. ඒ වගේම ජනිත් වික්‍රම ගේ ගැන වුණත් සමාජය තුළ උද්ගත වුණු ආන්දෝලනාත්මක අප්‍රසන්න බව මට ඇති වුණේ නෑ. මගෙ අදහස අනුව ඒ රංගනයේ මහා හොඳක්වත් නරකක්වත් තිබුණෙ නෑ. එකම දේ ගාමිණී ෆොන්සේකා නමැති සිනමා සක්විති පෞරුෂය - ඒ ප්‍රතිරූපයේ නියෝජිතයා ජනිත් වීම කියන Casting Problem එක. ඒ හැර එතන වුණත් කියන්න තරම් අවුලක් නොතිබුණ බවයි මගේ හැඟීම. නැවත සාරාංශගත කළොත් රොෂාන් නොවන අනික් නළුවන් ගැන මගේ හැඟීම ඕක.
රොෂාන් පිළිබඳ කියවීම

මේ සේරම කතා කරල රොෂාන් සම්බන්ධව නම් ටිකක් වෙනම කතා කරන්න ඕනි. හේතුව මේකයි. චිත්‍රපටයේ පිටපත විසින් චරිත ගොඩනගා තිබුණ විදිහ යථාර්ථවාදී ගැඹුර අවම, Shallow සහ Flat විදිහක් නිසා නළුවන්ට පැවරෙන වගකීම සාපේක්ෂව සරල බව මම ඉහතදී කියල ඇති. රොෂාන් රඟපාන මිල්ටන් මල්ලවාරච්චි ගේ චරිතය වුණත් ගොඩනගා තිබුණේ ඒ විදියට. නමුත් ඒක ඇතුළෙ ඊට වඩා අමතර, අන් අයට වඩා ටිකක් ලොකු බරක් තිබුණා. ඒ තමයි මිල්ටන් මල්ලවාරච්චිව සජීවි ප්රසංගවලින් හෝ රූපවාහිනියෙන් හෝ යූ ටියුබයෙන් දැක ඇත්තන් හමුවේ ඔහු ගේ Public Persona ව එපරිද්දෙන් ම පෙන්වන එක. රොෂාන් මේ සරල ( අනිකට සාපේක්ෂව) සංකීර්ණ දෙකම තමන්ට හැකි උපරිමයෙන් කරල තියෙනව.
රොෂාන්මය විභවය කෝ…?
නමුත් මට දැනෙන එකම අවුල තමා රොෂාන් රවීන්ද්‍ර වගේ නළුවෙක්ට ඒ කැරැක්ටර් ඩිවලොප්මන්ට් එක ඇතුළෙ කළ හැකි හරඹයක් තිබුණා ද කියන එක. මට හිතුණෙ නම් "නෑ'' කියන එක. මේක ඇතුළෙ දි ඇත්තම කියනව නම් රොෂාන්ට තිබුණේ තමන්ගේ Basic Skills ටික භාවිත කරන්න. එතනින් එහා අපි නිතර දෙවේලේ දැක තියෙන ඔහු ගේ රොෂාන්මය විභවය දිහාවට යාමට තරම් තදබල අවශ්‍යතාවක් මේ චිත්‍රපටය තුළ නොතිබි බවයි මගේ හැඟීම. ( Basic Skills හරහා National Icon එකක් ප්‍රතිනිර්මාණය කළ නොහැකි වුණත් මිල්ටන්ගේ Public Persona වෙ තියෙන දරදඬු ස්වරූපය අනුව බලද්දි ඒකට රොෂාන්මය විභවය ම අවශ්‍ය නොවන වගයි මගේ කියවීම) ලංකාවේ අද ඊයෙ නෙමේ ඈත අතීතේ සිට ම අති දක්ෂ චරිතාංග නළුවො තමන්ගෙ විභවය පෙන්වීමට අවශ්‍ය නොවන - තමන්ගේ Basic එක විතරක් අවශ්‍ය වන චරිත භාර ගත්තා සහ අදටත් ගන්නවා. මේ පිටුපස තිබෙන හේතු කිහිපයක් විදිහට සුහදතාව මත කෙරෙන බැහැර කළ නොහැකි ඇරයුම්, මූල්‍ය අවශ්‍යතා, ජනප්‍රියත්වය, කිසියම් ආකාරයක Tribute එකක් දී ම වගේ කරුණු කාරණා ගන්න පුළුවන්. ඒ අනුව රොෂාන්ගෙ රංගනයත් One Of His Finest වගේ අතිශයෝක්ති ඉදිරිපත් කරන්න අවැසි නෑ. මේක ඔහු තමන් ගේ විභවය වෙනුවට තමන් ගෙ Basic Skills පාවිච්චි කරල කරපු Tribute Act එකක් විදිහට විතරයි මම නම් දකින්නෙ. "ලද්දු" වගේ මනෝ විද්‍යාත්මකව සංකීර්ණ චරිත නිරූපණයකින් පසුව රොෂාන් විසින් ලබා ගත්තු පසුගාමී නොවන, එහෙත් පෙරටුගාමීත් නොවන විවේකයක් විදිහටයි මේ රංගනය මං දුටුවේ.
සමස්ත කැටි කිරීම
කෙසේ වෙතත් ඉහත කී යම් යම් කැපී පේන අඩුපාඩු පැවතුණත් අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන සැලකිය යුතු ගුණාත්මක භාවයක් සහිත චිත්‍රපටයක් තනා තිබෙන බව අවසන් වශයෙන් කියන්න ඕනි (වෙසෙසින් ම මං මුල්ම ඡේදයේ කී කරුණු නිසා + Simple But Well Performed Acting නිසා + රොෂාන් විසින් මිල්ටන්ව නිරූපණය කරන ආකාරය නිසා) මොකද කිව්වොත් රටක සිනමාවේ මූල්‍ය අත්තිවාරම වන්නේ වාණිජ, ජනප්‍රිය සිනමාව. ඒ මූල්‍ය අත්තිවාරම මතින් තමා අනෙකුත් සාධක ගොඩනැගෙන්නේ. මං නිතරම විශ්වාස කරන දෙයක් තමා දිගින් දිගට ම මේ අත්තිවාරම සවිමත්ව තබා ගන්න අවශ්‍ය යි සහ ඒ වගේම එසේ සවිමත්ව තබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදය ගුණාත්මකභාවයේ යම් කිසි මට්ටමක තියෙන්න ඕනි (මහා පත මාස්ත පීතර විය යුතු නෑ බහුතරය. ඒබඳු නිර්මාණ කලාතුරකට වරක් ආවම ඇති) "එදා රෑ" මේ දෙකම සම සම ව තෘප්ත කරන, ඒ කියන්නෙ: මූල්‍ය අත්තිවාරම වුවමනා පමණටත් වඩා සවිමත් කරන, යම් ගුණාත්මකභාවයක් සහිත නිර්මාණයක්. ඒ නිසා මෙය කිසි සේත්ම බැහැර කළ යුතු නොවන බව වගකීමෙන්ම කියන්න අවශ්‍ය යි. ඒ වගේම ඔබ චිත්‍රපටයක් හරහා බලාපොරොත්තු වන්නේ සරල ආස්වාදයක් නම්, "එදා රෑ" කියන්නෙ ගෙවන මුදලට පාඩුවක් නොවන Well Made චිත්‍රපටයක් බවත් අවසන් වශයෙන් කියන්නම ඕනි .
At The End Of The Day , Long Live Sinhala Cinema . You're Breathing Again After So Long

ප.ලි. මේ ලිවීම තුළ මං වැඩිපුර ම විවේචනය කරල තියෙන අඩුපාඩුව සම්බන්ධව නැගිය හැකි සාධාරණ ම ප්‍රති තර්කය තමයි: ගීත 20 කට වැඩිය තියෙන චිත්‍රපටියක Run Time එක පැය 2 යි මිනිත්තු 20 නම් ඒ මිනිත්තු 20 ඇතුළෙ දි චරිතයේ අවුරුදු 30ක විකාශනය පෙන්වන්නත් අවශ්‍ය නම්, Realistic Depth එකක් දිදී ඉන්නෙ කොහොම ද? මේ විදිහට පුවත් ස්වරූපයෙන් ඉදිරිපත් කගෙන යනවා හැර කියන කාරණය.
අවංකවම ඒ අදහසට මං විරුද්ධ නෑ. ඒකෙ අතිශය සාධාරණ සත්‍යතාවක් තියෙනවා. Musicians Biopic විශ්ලේෂණයේ දී ගෝලීය පිළිගත් සිනමා විද්වතුන් පවා ඉන්නව ඔය පක්ෂයේ හිට ගන්න අය. හැබැයි ඒ සාම Musical Biopicවල තියෙන මේ ලාක්ෂණිකය අවුලක් විදිහට දකින ලොකු පිරිසකුත් ඉන්නවා. ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම විවාදාත්මක යමක් .
මට නම් දැනෙන්නෙ මේ ක්‍රමවේදයේ දී අදාළ ගීත තුළින් යම් කිසි භාවමය බන්ධනයක් ගොඩනැගුවත්, Narrative එකේ තියෙන Shallowness එක ඒ බන්ධනයේ ශක්තිමත් භාවය බරපතළ ලෙස බිඳ දමනව කියන එක. ඒ නිසා මේ ක්‍රමවේදය Musical Biopic ශානරික සිනමා නිර්මාණයක දැවැන්ත අඩුපාඩුවක් විදිහටයි මම නම් දකින්නේ. මේකෙදි ඒක ටිකක් වැඩිපුර කැපී පේනවා.
උපුටා ගැනීම H.A. Kularatneගේ face book පිටුවෙන්




