මගේ මතය නම් අවංකව බයෝ පික් එකක් කළ පළමුවැනියත් අන්තිමයාත් තේජා ඉද්දමල්ගොඩ විතරයි කියලයි.
මේ වෙලාවේ මගේ මතකයට එන්නේ චින්තන ජයසේනව. එක්තරා කාලයක් තිබුණා ප්‍රේමදාස පාලනය විසින් මාධ්‍යකරුවන්ගේ කටවල් වහල, සුරතට මාංචු දාලා, කකුලට විලංගු දාපු, අතුරුදන් කරපු. එහෙම අවස්ථාවක චින්තන ඩිමයි A4 එකක් දෙකට නවල ටැබ්ලොයිඩ් එකක් කලා. Under ground තමයි ඒක විකුණන්නේ. සිරිලාල් ඒකට යටින් උදව් කළා. මට මතක හැටියට ඒකෙ මිල දෙකයි පනහයි. ඒකෙ විශේෂාංග කොලම් එකක් තිබුණා. එක කතාවක නම "බිබික්කම් මුදලෑලිගේ බිස්නස් එකට වෙච්ච දේ" කියලා. මට චින්තන ගේ මේ රසවත් කතාව මතක් වුණේ මුදලාලි ගේ බිබික්කම්වලට වෙච්ච වැඩේ තමයි කවද හරි බයෝ පික්වලටත් වෙන්නේ කියලා කියන්න.

දූවිලි බැඳුණු පින්තූර රාමු
දැනටමත් නොපෙන්වපු බයෝ පික් කිහිපයක් තියෙනවා. ඒ අතරේ තව කිහිපයක් හැදෙන්නත් නියමිතයි. දුක් විඳලා හිතේ ගින්දරින් බඩවැල් බොකු පුච්චගෙන මැරිච්ච එවුන්ට වධ දුන්නු ආදරණීය දරුවො මේ දවස්වල තමුන්ගේ තාත්තල ගේ අම්මලාගේ දූවිලි බැඳුණු පින්තූර රාමු හෙමිහිට පිහිදනවලු. සමහර එවුන් photoshop වලින් ලස්සනට පින්තූර හදලා, හෑලි ලියල, ගුණ වර්ණනා ලියලා, කුසලතා ගැන ලියල ෆේස්බුක් එකේ දානවලු. බඩ තඩි නිෂ්පාදකයෝ උන් පිටිපස්සෙන් ඉව අල්ලගෙන උරගයෝ වගේ බඩගානවාලු.
ඔය අල්ල පනල්ල අස්සේ තමයි ජෝතිපාල ගේ බයෝ පික් එකත් කරළියට එන්නේ. ගෙදර කට්ටිය එක්ක ගිවිසුම් අත්සන් කළා විතරයි Jigalo හදපු සුනිල් ටීත් ජෝතිපාල ගැන ම picture එකක් හදනවලු. එතකොට ඒ දෙකටම නම් තියන්න පුළුවන් "ජෝතිපාල දාම ඝාතන චිත්‍රපටි" කියල.
ඕක අද ඊයෙක වූවකුත් නෙවෙයි, මරුසිරා ගැනත් චිත්‍රපටි දෙකක් හැදුණේ . එක අතකින් බලනකොට අපරාධකාරයෙක් ගැනත් චිත්‍රපටි දෙකක් හැදුණා නම් ජෝතිපාල ගැන චිත්‍රපට කීයක් හැදුනහම මොකද...? එකක් 'සිරිපාල සහ රන්මැණිකා' ඒක කළේ අමරණාත් ජයතිලක; අනෙක ' මරුවා සමග වාසේ ' ඒක කලේ ටයිටස්තොටවත්ත.මේ දෙකටම ඉල්ලුමක් තිබුණා. කෝක කවුරු කළත් කියන්න තියෙන්නේ ප්‍රධානම කාරණය තමයි තිරනාටකය.
විශ්ව කීර්ති සම්මාන සහ සනත් අබේසේකර

මගේ දැනුම හැටියට නම් මහාචාර්ය සංජීව පුෂ්පකුමාරට තවමත් තිරනාටකයක් ලියන්න පුළුවන් ගෙදර ජීවිතේ ගැනයි, ගෙදර 8 දෙනා ගැනයි විතරයි. එයා ඉන් පස්සේ කරපු හැම චිත්‍රපටියක ම Script එක ෆේල්. මම කියන්නේ ජෝතිපාල ගැන හිතලා Script එක රසික සුරවීර ආරච්චි වගේ කෙනෙකුට දුන්නොත් නං හොඳයි, සුනිල්ගේ ෆිල්ම් එකේ තොරතුරු තවම නැති නිසා මුකුත් කියන්න බෑ.
ජාතක කතාවලින් වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක් හැදුවේ මම හිතන විදියට සනත් අබේසේකර. මිනිහට බෞද්ධ සංවිධානයකින් විශ්ව කීර්ති ද මොකක්ද ගෞරව සම්මානයකුත් දුන්නා මිනිහ ගේ සේවයට. පේන විදිහට බයෝ පික් වලිනුත් සනත් අබේසේකරලා වැඩි වැඩියෙන් බිහිවෙන්නයි හදන්නේ. කලාකරුවන්ගේ ගෙවල්වල ඉන්න එවුන්ට නං කොහොම හැදුවත් ප්‍රශ්නයක් නැහැ. මාලනීටත් මිලියන දෙකක් පගාව ඉල්ලුව කියලා ජයන්ත කියලා තිබ්බේ. ඒත් මේ කලාකරුවන්ගේ රසික රසිකාවියන්ට නම් ඇගේ ලේ නැතුව තමයි ඉන්න වෙන්නේ බයෝ පික්කාරයෝ හින්දා. අනෙක් එක වැඩිපුර හම්බ කරන්නත් වෙනවා සිනමා රඟහලට ගිහිං තමුන් ආදරය කරන කලාකරුවාගේ අපදානය නරඹලා disappointed වෙලා බැණ බැණ එන්න.
සටහන - ධර්මජිත් පුණර්ජීව
උපුටා ගත්තේ Dharmajith Punarjeevaගේ face book පිටුවෙන්



