ජීවිතය නම් අසවල් පැහැය යැයි කියමින් නිශ්චිතවම ඊට පැහැයක් තැවරීමට අපට නොහැකි ය. එය බොහෝවිට සියලු වර්ණවල සංකලනයකි. විටෙක කෙනකු ගේ දිවිය තද වර්ණයෙන් පමණක් සිත්තම්ව තිබිය හැකි ය. තවත් කෙනකුගේ සමස්ත ජීවිතය ම ළා පැහැය තැවරූ කැන්වසයකි.
නවකතාවද එබඳු ය.
මිනිස් ආත්ම සමූහයක අනු පිටපතක්
කවර අර්ථයෙන් ගත්තද ලෝකයේ මෙතෙක් ලියැවුණු සහ ලියැවෙන සියලු නවකතා නිශ්චිත පැහැයක් නැති ජීවිතවල ස්කෑන් පිටපතකට නොදෙවෙනි ය. තවත් ජීවිතයක නැතිනම් මිනිස් ආත්ම සමූහයක එවැනි අනු පිටපතක් කියැවීමෙන් අපට ලැබෙන්නේ මොනවා ද…?
එයට බොහෝ පිළිතුරු තිබිය හැකි වෙතත් ,සරල ම උත්තරය ලෙස මෙසේ පැවසිය හැකිය.
ඒ, තමන්ට තමන් හමුවීමට මාර්ගයක් නිර්මාණය වීම ය.
වචනවලින් ඔබ්බෙහි පවතින මොහොත

ජීවිතයේ එතෙක් නොදුටු ,තමන් තුළ වෙසෙන තමන්ගේ ම අනෙකා හෙවත් ,අනෙක් අර්ධය මුණ ගැසීම නම් මහ අසිරිමත් දෙයකි. නැතහොත් ,රහසින් හඬා වැටෙන්නට සිදුවන තරමේ කටුක වේඳනාවකි. සොවකි. තමන්ට ම අනුකම්පාවක් නැතිනම් දැඩි පිළිකුලක් දැනෙන තරමේ වචනවලින් ඔබ්බෙහි පවතින කිසියම් මොහොතකි.
හැම නවකතාවකින් ම නොවුණත් බොහෝ ප්‍රබන්ධ කෘතිවලින් ඒ මොහොතට අප කැඳවනු ලබයි.
සාහිත්‍යවේදී, ජයසිරි අලවත්ත ගේ නවතම ප්‍රබන්ධ නවකතාව වෙන " මුවන්පැලැස්සේ හිඟන කොල්ලා " ද යටකී මොහොත වෙත නිරායාසව ම අපව කැඳවන කෘතියකි.
බිසෝ ප්‍රකාශනයක් වෙන මේ කෘතියේ කවරය ප්‍රදීප් ප්‍රේමලාල් ගේ ය.

මිනිස් දිවියේ බිම්ගත ගුඪ කලාප තුළ, ජීවන පැවැත්ම මෙන්ම මැද සාලයේ චරිත අතුරින් පමණක් ජීවිතය වර නැගීමේ ප්‍රබන්ධම ය සීමා ඉක්මවමින්, සමාජයෙන් සැඟැවුණු සමහර කුඩා මිනිස්සුන්ගේ ජීවිත වෙත ඉවසීමෙන් ඇතුළුවිය හැකි සියුම් යතුරක් 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා ' අත, ලේඛක අලවත්ත තබා තිබේ.
හැකි විටෙක ඔබත් කියවා බලන්න!

කතුවරයා ගේ ඡායාරූපය - Tissa Gunawardana




