ඔහු මෙම අදහස් පළ කළේ Art Center youtube නාලිකාව ඉදිරිපත් කරන අපේ සිනමාව වැඩසටහන සමග එක් වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සමිත පැවසුවේ ලාංකීය සිනමා නිර්මාණ සඳහා වැඩි වටිනාකමක් ලබා දීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බවයි.
එමෙන් ම මෙම ආයතනයට Awakashaya යන නම ලබා දුන්නේ ශ්‍රී ලාංකීය චරිතාංග නළුවකු වන රුක්මල් නිරෝෂ් බව ද සමිත සිහිපත් කළේ ය.
මතු පළ වන්නේ Awakashaya Entertainmentහි කළමනාකාර අධ්‍යක්ෂ සමිත ද මැල් Art Center youtube නාලිකාව ඉදිරිපත් කරන අපේ සිනමාව වැඩසටහන සමග කළ සාකච්චාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.




