BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සහකම්පනයෙන් සංවේදී වී සුවපත් සමාජයක් යදින 'යකාවැවට නන්දිකඩාල්' : ජන. 23 කොළඹ දී

T

The Leader

January 18, 2026 • 2:40 AM

සහකම්පනයෙන් සංවේදී වී සුවපත් සමාජයක් යදින 'යකාවැවට නන්දිකඩාල්' : ජන. 23 කොළඹ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''එන්න, අමිහිරි අතීතය අවබෝධයෙන් යුතුව අපි අමතක කරමු.. අපි එක්ව ගොඩනගමු අපිට සාමයෙන් ඉන්න පුළුවන් රටක් ''
  • ''2025 මැයි මාසේ 19 දා, යුද්ධයෙන් විපතට පත්වුණු යකාවැවේ කැබිතිගොල්ලෑවේ කණ්ඩායමකුත්, මුලතිව් නන්දිකඩාල් කණ්ඩායමකුත් අපි හමුවුණා.
  • ඒ නිසා අපි මැයි මාසේ 28 වෙනි දා ඔවුන්ව මුණගැසුණා.
  •  නාට්‍යයේ උප්පත්තිය ගැන එසේ සඳහන් කළේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ (ONUR)  සභාපති විජිත් රොහාන් මහතා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


 මෙහෙම කියන්නේ 2026 ජනවාරි මාසේ 23 වෙනි දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH ) 'කමතේ' දී දිග හැරෙන ''යකාවැවට නන්දිකඩාල්''  නම් වූ සැබෑ ජීවිත කථා කිහිපයක තිත්ත යථාර්තය සිහිගන්වන, එනමුත් ඉල්ලා යදින අව්‍යාජ සංහිඳියාවක් පිළිබඳ රංගාවේෂයේ ය.

වසර ගණනාවක් පුරා ගැටගැසුණු ඉතිහාසයක් ඇති එකී කථාවට අත්තිවාරම වැටෙන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) මගින් 2025 වසරේ සිට දියත් කළ වැඩමුළු කිහිපයක ප්‍රථිපලයක් වශයෙනි.

''2025 මැයි මාසේ 19 දා, යුද්ධයෙන් විපතට පත්වුණු යකාවැවේ කැබිතිගොල්ලෑවේ කණ්ඩායමකුත්, මුලතිව් නන්දිකඩාල් කණ්ඩායමකුත් අපි හමුවුණා. යුද්ධයෙන් මියගිය සියළුදෙනා වෙනුවෙන් අපි පහන් පත්තු කරලා පින් අනුමෝදන් කළා. ඒ වගේම ඔවුනොවුන්ගේ ජීවිත කථාව ඛෙදාගන්නටත්  අපට අවශ්‍ය වුණා. ඒ නිසා අපි මැයි මාසේ 28 වෙනි දා ඔවුන්ව මුණගැසුණා. ඒ ජීවිත කථාව ඛෙදාගැනීමේ  ප්‍රථිපලය තමයි ''යකාවැවට නන්දිකඩාල්'' කියන මේ සුවපත් වීමේ නාට්‍යය බිහිවුණේ''.

 නාට්‍යයේ උප්පත්තිය ගැන එසේ සඳහන් කළේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ (ONUR)  සභාපති විජිත් රොහාන් මහතා ය.

dssdfsd| ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ (ONUR)  සභාපති විජිත් රොහාන්
එමෙන් ම, යුද්ධයට මුහුණ දුන් ජීවිත ගැන, ජීවිතවලට ආදරය කිරීම, වේදනාවන් ගැන, වේදනාවන් කොහොමද ඛෙදාගන්නේ , සමරන්නේ කියන කාරණා පිළිබඳව මෙම නාට්‍යය පුරාම කථාකරන බවත්, ඒ තුළින් ඔවුන් කොහොමද සුවපත් වුණේ කියන කාරණයත් දැකගැනීමට හැකි බවත්  විජිත් රොහාන් මහතා පැවසීය.

''නිත්‍යා මාංකුලම් ඉස්කෝලේ 2වසර ඉගෙන ගන්න කාලේ දී තමයි මේ සිදුවීම වුණේ. ඒ, 2006 ජුනි 15 වෙනි දා, හරියට ම කැබතිගොල්ලෑවේ බස් එකට බෝම්බ තියපු දවසමයි. එදා නිත්‍යා හිටපු ඉස්කෝලේ ළඟ තිබුණු ත්‍රස්තවාදී කඳවුරකට හමුදාවෙන් මෝටාර් ගහලා තිබුණා. ඒ ශබ්දය දරාගන්න බැරිව ළමයින් ගණනාවක් මිය ගිහින් තිබුණා. ඒත් මේ ගුරුතුමිය නිත්‍යාව වැළඳගෙන හිටිය නිසා එයා බේරිලා තිබුණා........ ඔව්, එදා 2006 ජුනි 15 දා මම ඉගැන්නුවේ මුලතිව් මාංකුලම් මහා විද්‍යාලයේ තමයි. ''මේ, රංගාවේෂය හැඩගැන්වෙන එක්තරා සිදුවීමක කථීකාවක් ය.¡

මේ කථිකාවට සමපාතව වේදිකාවේ එක් පසෙක පසුබිම වෙනස් වෙනවා. නිත්‍යා කියන චරිතය, දෙක වසරේදි අධ්‍යාපනය ලැබූ මාංකුලම් විද්‍යාලය දර්ශනය වෙනවා.  

රංගාලෝක වෙනස්කම් හරහ දර්ශන අපූරුවට විදහාපාමින් ලලිත් අතාවුද, සහාය අධ්‍යක‍ෂණයෙන් එස්. ජීවරාජ්, සංගීත අධ්‍යක‍ෂණයෙන් හේමන්ත චන්දිමාල් ලියනපතිරණ, වේදිකා පරිපාලනයෙන් දනුක මාලින්ද බාලසූරිය යන සහෘද ශීල්පීන්, ''යකාවැවට නන්දිකඩාල්'' සැබෑ කථිකාවේ ප්‍රාණය විනාශ නොවී ප්‍රේක‍ෂක බුද්ධිය යථාර්තවාදීව විවර කරන්නට හැකිවන සේ, රංගාවේෂයේ පිටපත රචනා කර, අධ්‍යක‍ෂණය කරන කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව උපාධිධාරියෙකු සහ තරුණ නාට්‍ය නිර්මාණකරුවකු වන ගයාන් රන්දීරගේ උත්සාහය නිර්ලෝභීව ඔසවා තබයි.  

grgsr| නාට්‍ය නිර්මාණකරු ගයාන් රන්දීර
එකම අවස්ථාවේ දී දෙමළ සහ සිංහල භාෂා දෙකෙන් ම රංගාවේෂය වේදීකාව මත ජීවමාන වන බැවින් භාෂා අසීරුතාවක් කෙසේවත් පැණනොනගින අතර, රූපනය සහ හඬ දෙකම එකවිට ග්‍රහණය කරගැනීමට පහසු වන සේ අධ්‍යක්ෂක විසින් රංගාවේෂය මනාව හසුරුවා ඇති ආකාරය ප්‍රශංසනීය ය. තවද, නළු නිළි සැවොම ගායන වෘන්දයේ නිරතවීම ද මෙම කථාපුවත් හී යථාර්තය තවත් ගැඹුරකර පෙන්වන අරුමැසියකි. ඒ නම්, සංවදයේ දී පමණක් නොව, ගායනයේ දී පවා මතුව එන්නේ ඔවුන්ගේම අර්බුදයේ, වේදනාවේ සහ බලාපොරොත්තුවේ සැබෑ ම ස්වරයයි.

''යකාවැවට නන්දිකඩාල්'' කථා පුවත රඟදක්වන චරිත ගොඩනැගෙන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) විසින් සිය කාර්යාලයේ වගකීම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් හරහා ගනු ලැබූ සමාජය සුවපත් කිරීමේ එක් පියවරක දී ය. මායම්ගම්මාන වන අනුරාධපුරය, කැබිතිගොල්ලෑව සහ මුලතිව්, නන්දිකඩාල් යන ප්‍රදේශවල ජීවත්වන යුද්ධයෙන් හොඳින් බැට කෑ සිංහල සහ දෙමළ තරුණ බාල මහළු මෙන් ම කාන්තා පිරිමි කණ්ඩායමක් 2025 මැයි මාසේදී පමණ සුවපත් වීමේ මේ ගමනට මුලපුරා ඇත.

රංගාවේෂයේ කෙනෙකු හැර අන් සියල්ලෝම නළු නිළියෝ නොවෙති.  සැවොම තම තමන් යුද්ධයට මුහුණ දුන් ආකාරය ඒ වේදනාව ඛෙදාගන්නට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් විවෘත කළ පොදු වේදිකාවකට පැමිණි නාඳුනන භාෂා දෙකක් කථාකළ මිනිසුන් වූහ. කාලයාගේ ඇවැමෙන් සහ පා තැබූ (ONUR) වේදිකාවේ අපූරුව නිසා, දැන් ඔවුන් එකම කුටුම්භයක් මෙනි.  

(ONUR) එකෙන් කරන අතීශ්‍ය වැදගත් වැඩක් නිසයි මම මේ නාට්‍යට සම්බන්ධ වෙන්න හිතුවේ. පුරවැසියො විධියට අපිටත් ජාතික වගකීමක් තියෙනවානේ මෙවැනි ජාතික කාර්යයන් වලදී සහයෝගය දෙන්න යැයි පැවසූ ''යකාවැවට නන්දිකඩාල්'' රංගාවේෂයේ අධ්‍යක‍ෂක ගයාන් රන්දීර, මෙම දුෂ්කර කාර්යය ඉටුකිරිමේ සිය අත්දැකීම මෙසේ ඛෙදාගත්තේය.

''කාර්යාලයට සම්බන්ධ ජාතික ඒකාබද්ධතා නිළධාරීන් හරහා සොයාගත් පුද්ගලයින්ගෙන් තමයි මේ නිර්මාණය බිහිවෙන්නේ. එයාලගේ ඇතුලාන්ත කථාවලින් කියවුණු දේ ආශ්‍රයෙන් මම නාට්‍ය පිටපත රචනා කළා. සමස්ත නාට්‍ය කණ්ඩායමට 45 දෙනෙක් ඉන්නවා, නමුත් 19 දෙනෙක් තමයි චරිතවලට පණපොවන්නේ. මේ කිසිම කෙනෙක් නළු නිිළියෝ නෙවෙයි. එක පිරිමි සහෝදරයෙක් ඉන්නවා, එයා නාට්‍යවල රඟපාන කෙනෙක්. අනික් අයට රඟපෑම ගැන කිසිම අත්දැකීමක් නැහැ. ඒ  නිසා මම මේ නාට්‍ය ෆෝරම් තියටර් ස්ටයිල් එකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.'' යැයි ඔහු පැහැදිළි කළේය.  

ඔහුට අනුව, ඔහුගේ කාර්ය භාරය තුළ දී ඔහු මුහුණ දූන් දූෂ්කරම කාර්ය වී ඇත්තේ නාට්‍යකරණය සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති පිරිසක් සමග කටයුතු කිරීමට සිදුවීමත් භාෂාව ප්‍රශ්නයක් වීමත් වැඩකිරීමේ දී ගැටලු මතුවීමත් ය.

එමෙන්ම, ''මම මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි වෛරය සමනය කරන්නට ගත් උත්සාහය. දෙගොල්ලෝම අනෙකා දිහා බලන්නේ අවිශ්වාසයෙන් සහ සැකයෙන්. දෙපාර්ශවයේම හිත්වල නොකියන වෛරයක් තිබුණා. නමුත් වැඩමුළු කරගෙන ඉදිරියට එනකොට ඒ සේරම හරිගියා. හැමෝම අතර තේරුම් ගැනීමක් , ආදරයක් ඇතිවුණා. අවසානයේදි එකම පවුලක් වගේ සහයෝගයෙන් වැඩකරන්න පටන්ගත්තා. මට සතුටුයි.'' යනුවෙන් ගයාන් රන්දීර ''යකාවැවට නන්දිකඩාල්'' රංගාවේෂයේ සාමුහීක සාර්ථකත්වය ගැන සිය සතුට එසේ ප්‍රකාශ කළේය.

''යකාවැවට නන්දිකඩාල්'' රංගාවේෂය අප නෙතු ගැටීම ආරම්භ කරවන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ විහඟ සත්සර නැමති සිංහල තරුණ සිසුවෙකු හා නිත්‍යා නැමති දෙමළ සිසුවියකගේ සංවාදයකිනි.  ඔවුහු ආදරවන්තයෝ වෙති. කැබිතිගොල්ලෑව බස් බෝම්බයට ගොඳුරුවී සත්සරගේ දෙමාපියන් මියයෑමෙන් සත්සර ජීවත්වන්නේ තම සීයා සමගය. ඒ හා සමානව ම නිත්‍යා ද රුදුරු යුද්ධයේ වින්දිතයෙකු වන්නේ ඇය අනාථ කඳවුරක උපන් පියා අහිමි දැරියක වීමයි. එපමණක් ද නොව, මායිම් ගම්මානයක ජීවත් වූ නිත්‍යාගේ මව යුදහමුදාව සහ දෙමළ ත්‍රස්තවාදීන් අතර ගැටුමකදී අසීරුවෙන් දිවිබේරාගෙන අනාථ කඳවුරක දිවි ගතකළ තරුණියක විය. ඇගේ ඥාතීන් සවොම එකී යුද්ධයේ ගොඳුරු බවට පත්වීමෙන් ඇයට සිටින එකම ඥාතියා නිත්‍යා පමණි. නිත්‍යාට සිටින්නේ ද  සිය මව පමණි.

''යකාවැවට නන්දිකඩාල්''රංගාවේෂයේ මුල මැද අග රූප, සංවාද , නැටුම්, ගැයුම්, සටන්, වැළපීම්, ආලෝකය සහ ශබ්ද්ද සමගින් ඉතා හොඳින් සම්මිශ්‍රණයකර, ප්‍රේකක‍ෂකයා වෙත ඉදිරිපත් කරන දෙපාර්ශවයකගේ වැලපීමේ සහ අපේක‍ෂාවේ සැබෑ ජීවිත කථා සමූහයක් ඉදිරිපත් කිරීමෙන් හා නැරඹීමෙන් පමණක් එකී ජීවිතවලට සාධාරණය ඉටුකළ නොහැක.

''යකාවැවට නන්දිකඩාල්'' තුළින් පෙන්වා දෙන සත්‍ය කථා වැනි තවත් කථා දහස් ගණනක් මේ ලක් දෙරණේ  විශේෂයෙන් අවි ගැටුණු , බෝම්බ පතිත වූ පොළෝ මත තවමත් යුක්තිය සහ සාධාරණය ඉල්ලා කෑමොර ගසති. ඊට නිසි ලෙස සවන් දීම දැනටත් ප්‍රමාද වුවත්, එහෙත්, තවමත් වඩාත් ප්‍රමාද නැති බැවින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයට පැවරෙන්නේ අතීශ්‍ය ගැඹූරු, පුළුල් වගකීමකි. ''යකාවැවට නන්දිකඩාල්'' ආරම්භයක් පමණක් විය යුතුය.

''ඔව්, ඇත්තටම, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසනීය බව යථාර්තයක් බවට පත්කර ගන්නට අපට කටයුතු කරන්නට වෙනවා. ඒ සඳහා අපේ කාර්යාලය විවිධ මාර්ග වලින් මේක සාක්ශාත් කරගන්න උත්සහා දරනවා. වරින්වර අපි දකිනවා ජාතිවාදි , ආගම්වාදී ප්‍රවනතා රටේ ඇතිවෙනවා ඒ නිසා ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් නොකඩවා මේ ගමන යායුතු වෙනවා'' යැයි සභාපති විජිත් රොහාන් පැවසූවේය.

මතවාදීව පුළුල් කථීකාවකට යායුතු බව පෙන්වා දුන් ඔහු, ඒ සඳහා සිය කාර්යාලය පසුගිය වසරේ සිට සාකච්ඡා කළ බවද, ජාතික සමගිය සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ද කීවේය.

'' මම හිතන්නේ අපේ කාර්යාලයේ ලොකුම කාර්යය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සම්බන්ධ කරගෙන මේ සඳහා සංවාධයක් ඇතිකර ජාතික ප්‍රතිපත්තිය ගොඩනංවා ගැනීම. ඒ ප්‍රතිපත්තිය ඇතුලේ අපිට ලොකු අවකාශයක් ලැඛෙනවා, සංහිඳියාව පිළිබඳව පුළුල් කථිකාවකට යන්නට˜ මෙය බලාපොරොත්තුවේ ප්‍රකාශයකි.

ගැටුම් අවසන් ව ද, මෙවැනි කාර්යාලයක් ආරම්කර වසර ගණනාවක් වුව ද, ජාතික සංහිඳියාවක් වෙනුවෙන් දැනෙන කිසිවක් සිදුවි නොමැති තැන ''යකාවැවට නන්දිකඩාල්'' හරහා ගත් පියවර ප්‍රශංසනීය ය.

ලංකාව වැනි ඉතා කුඩා රටක ජීවත්වන මිනිසුන්, ජාති ආගම් වර්ග කණ්ඩායම් වශයෙන් ඛෙදෙන්නට ඉඩ නොදී එකම ආත්මයක් ඇති සාමකාමි ප්‍රේමනීය මිනිසුන් ලෙස ජීවත් වන්නට බලකර සිටින අහිංසාවාදී, මානූෂීය ඕනෑම පියවරක් ගන්නට සහ හඳුන්වා දෙන්නට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයට පරම පිරිසිදු අයිතියක් ඇති බව අමතක නොකළ යුතුය. මන්දයත්, පුරවැසියන් බලය ලබාදී ඇත්තේ වෙනස්කම් තුළින් සංහිඳියාව ජයගෙන සාමකාමි යහපත් දේශයක් තුළ ජීවත්වන මනුෂ්‍යයා සහ මනුෂ්‍යත්වය රකින්නට ය.    

(ඡායාරූප සහ සටහන : මෙලනි මානෙල් පෙරේරා)

melani.journalist@gmail.com

dsfsdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...