BREAKING
Top Ad
පුවත්

පොහොර ආනයනය වැට උඩ ! - බිලියන 24 පොල්ලක් !!

T

The Leader

November 26, 2021 • 12:50 AM

පොහොර ආනයනය වැට උඩ ! - බිලියන 24 පොල්ලක් !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසර ලබාදී තිබුණද, රසායනික පොහොර ආනයනය කිරීමේදී මේවනවිට තවත් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත. ඊට හේතුවී ඇත්තේ පොහොර
  • 'නෙත් නිවුස්' කළ සොයා බැලීමකදී හෙලිව ඇත්තේ, ඉකුත් සමයේ සහනාධාර ලෙස ලබාදුන් පොහොර සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති බවයි.
  • මෙම මුදල ලැබෙන තෙක් යළි රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බව පොහොර සමාගම් කියා සිටියි.
  • එමෙන්ම ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල ගණන් ද මේවනවිට අධික ලෙස ඉහල ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාගම් සඳහා ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීමයි.

'නෙත් නිවුස්' කළ සොයා බැලීමකදී හෙලිව ඇත්තේ, ඉකුත් සමයේ සහනාධාර ලෙස ලබාදුන් පොහොර සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති බවයි. මෙම මුදල ලැබෙන තෙක් යළි රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බව පොහොර සමාගම් කියා සිටියි.

එමෙන්ම ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල ගණන් ද මේවනවිට අධික ලෙස ඉහල ගොස් ඇත. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අනාවරණ කළේ හදිසියේ රසායනික පොහොර ගෙන්වීමට සිදුවවත් එය කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අපහසුතාව පෙන්වා දෙමිනි.

මීට පෙර ශ්‍රී ලංකාවට රසායනික පොහොර වැඩිවශයෙන් ආනයනය කළේ චීනයෙනි. එහෙත් ලොව පුරා රසායනික පොහොරවලට පවතින ඉල්ලුම හේතුවෙන් චීනය පොහොර අපනයනය සීමා කර ඇත. සිය රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පමණක් මේවනවිට චීනයේ පොහොර ප්‍රමාණවත් අතර අපනයනය කිරීම සඳහා පොහොර තොග ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට දැන් පොහොර ආනයනය කිරීමට සිදුවන්නේ රුසියාවෙනි.

 චීනයෙන් පොහොර ගෙන්වන්නේ නම් බහාලුම් ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් මෙරටට ගෙන්වීමට හැකියාව තිබිණ.

 එහෙත් රුසියාවෙන් ආනයනය කරන්නේ නම් එසේ සිදු කිරීමට හැකියාව නොලැබේ. ඊට හේතුවී ඇත්තේ රුසියාවේ පොහොර අපනයන ප්‍රතිපත්තියට යටත්ව ශ්‍රී ලංකාවට ද පොහොර මිලදී ගැනීමට සිදුවීමයි.

සාමාන්‍යයෙන් රුසියාවෙන් පොහොර ඇනවුම් කිරීමේදී මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එකවර ලබා ගත යුතුයි. එහෙත් පෞද්ගලික සමාගම් පවසන්නේ කිසිඳු සහනයක් නොලැබෙන බැවින් එතරම් විශාල ප්‍රමාණයක් එකවර ආනයනය කිරීම අපහසු බවයි.

 

sampath w

 

ගෝලීය වශයෙන් රසායනික පොහොර නිෂ්පාදනය විශාල අර්බුදයකට ගොස් ඇතැයි කාබනික පොහොර සහ නියාමන රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂගේ උපදේශක සම්පත් ගජධීර පවසයි.

රජය හා පුද්ගලික අංශය ගිය මහ කන්නයේ ඇමරිකානු ඩොලර් 300ට ගත් යූරියා මෙට්‍රික් ටොන් එකක මිල මෙවර මහ කන්නයේදී ඇමරිකානු ඩොලෙර් 1050කට නැඟ තිබෙන බව ඔහු කියා සිටියි.


සබැඳි පුවත් :


රසායනික පොහොර නිෂ්පාදනය ජාත්‍යන්තර අර්බුදයක -සම්පත් ගජධීර

 



 
THE  LEADER  TV

 

2024 දී පොහොට්ටුවේ කැරැට්ටුව ?
 


අගමැති නිකමෙක් ලු ! | The Leader TV
 


අයියගෙයි මල්ලිගෙයි මරු කාන්තා විමුක්තිය ? | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...