හිටපු ජනාධිපතිවරයා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඊයේ ප්‍රකාශ කළේය. ඒ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටවටන අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී සුගීෂ්වර බණ්ඩාර පවසන්නේ, හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තීන්දු කර නොමැති බවයි.
දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය .
අනතුරුව ඔහු ජූලි 14 වැනිදා සෞදි අරාබි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. සිංගප්පුරුවේ මාසකට ආසන්න කාලයක් ඔහු ගත කළේය.
අනතුරුව අගෝස්තු 11 වැනිදා ඔහු සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටත්ව ගිය අතර මේවන විට වාසය කරන්නේ තායිලන්තයේයි.
ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළද එම තීරණය අවලංගු කර අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කර තිබේ.
ගෝඨා 'ග්‍රීන් කාඩ්' ඉල්ලලා ද ?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා 'ග්‍රීන් කාඩ්' අයැදුම් කර ඇතැයි 'ඩේලි මිරර්' පුවත්පත අනාවරණය කරයි.
ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි.
කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසන්නේ, හිටපු ජනාධිපතිවරයා 'ග්‍රීන් කාඩ්' අයැදුම් කර ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.
මුලාශ පුවත
GR applies for US Green Card, looks to settle back in US
ගෝඨා 'ග්‍රීන් කාඩ්' ඉල්ලලා ද ? - 24 එන කතාව අවිනිශ්චිතයි !
T
The Leader
August 17, 2022 • 10:47 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර 'නෙත් නිව්ස්' වෙත ප්‍රකාශකර තිබේ.
- ඒ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටවටන අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.
- කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී සුගීෂ්වර බණ්ඩාර පවසන්නේ, හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තීන්දු කර නොමැති බවයි.
- දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


