BREAKING
Top Ad
පුවත්

ගුවන් හමුදාව විසින් වන්නියේදී සමුහඝාතනය කෙරුණු දෙමළ 24ක් සැමරේ

T

The Leader

September 16, 2022 • 2:05 PM

ගුවන් හමුදාව විසින් වන්නියේදී සමුහඝාතනය කෙරුණු දෙමළ 24ක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසි තුන් වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ
  • බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා පැවැති අනුස්මරණය සිදු කළේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.
  • අනුස්මරණය එක්ව සිටි මාතාවක් හැඩු කළුලින් යුතුව සදහන් කළේ තම සමීපතමයන් සිහිකිරීම වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමේ අයිතිය පවා තමන්ට අහිමිව ගොස් ඇති බවයි.
  • මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාසල් දරු දැරියන් ඇතුළු සාමාන්‍ය වැසියන් විසි හතර දෙනකු මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා පැවැති අනුස්මරණය සිදු කළේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.

අනුස්මරණය එක්ව සිටි මාතාවක් හැඩු කළුලින් යුතුව සදහන් කළේ තම සමීපතමයන් සිහිකිරීම වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමේ අයිතිය පවා තමන්ට අහිමිව ගොස් ඇති බවයි.

''මියගිය අපේ ඥාතීන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට ආණ්ඩුව අපිට ඉඩ දෙන්න ඕනෑ.''

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් වැසියන් ජනාකීර්ණ මන්දුවිල් කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් විසි හතර දෙනකු මලින්, පහනින් හා කඳුලින් ඥාතීන් විසින් සමරන ලදී.

0012xkhdfkl 1

0012xkhdfkl 2

0012xkhdfkl 3

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්ථානයේදීම ගම් වැසියන් දස දෙනකු මිය ගොස් ඇති අතර තුවාල ලැබු සෙසු පිරිසෙන් දාහතර දෙනකු පසුව මිය ගොස් තිබේ.

මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.

මන්දුවිල් ගම් වැසියන් පවසන්නේ ප්‍රහාරයෙන් තවත් හතලිහකට අධික පිරිසක් තුවාල ලැබු බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙම ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි විසිනි.

2002 ජූලියේ විශ්‍රාම ගිය ඔහු චන්ද්‍රිකා-රනිල් පාලනය විසින් පකිස්තානයේ මහ කොමසාරිස් වශයෙන් පත්කර යවන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර ධර්මරත්නම්, ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඝාතනය කළ දිනයේම එම පුවත මියගියවුන්ගේ නම්ද සමගින් වාර්තාකර තිබු ආකාරය පහතින්

dhhytr

 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...