BREAKING
Top Ad
පුවත්

දඹුල්ලේ එළවළු-පළතුරු කිලෝ ලක්ෂ 26 ක් විකුණගන්න බැරුව ගොවින් අනාතයි !

T

The Leader

May 14, 2021 • 7:23 AM

 දඹුල්ලේ එළවළු-පළතුරු කිලෝ ලක්ෂ 26 ක් විකුණගන්න බැරුව ගොවින් අනාතයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට රැගෙන එන්නැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26 ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇති බවත් සජබ මාතලේ
  •  ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා.
  •     දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන ඉන්නවා.
  •  ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.    රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.   
 
මන්ත්‍රීවරිය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පැවසිය.Kavi 2021.05.14
 
''කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ - ව්‍යාපාරිකයෝ - අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා.  ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා.  නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකු දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.
 
මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ.  
 
‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා.  
 
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන ඉන්නවා.  ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි. 
 
රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්.
 
රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි.   මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතුයි. ''
 
 
 
 IMG 20210514 WA0080
 
 
 
# එළවළු - පළතුරු සැපයුම් ජාල බිඳවැටීම නැවතත්
# මැනිං වෙළෙදපොලේ බඩු විකුණාගන්න වෙළෙන්දෝ නෑ
  
මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොළඹ මැනිං වෙළෙදපොල වෙත උඩරට එළවළු තොග වශයෙන් ලැබී ඇති නමුත් සුළු වෙළෙදුන්හට බලපත් නිකුත් කිරීමේ ගැටළු හේතුවෙන් එළවළු තොග අලෙවි කර ගත නොහැකි තත්වයක් මතුව ඇති බවයි.
 
 
 
NISW5102 14012018 FRR CMY
                       රජිත් කීර්ති තෙන්නකෝන්
 
 
වැලිමඩ, බණ්ඩාරවෙල, ඌවපරණගම, නුවරඑළිය, හාළිඇළ ප්‍රදේශවලින් අද මැනිං වෙළෙදපොලට ලොරි රථ 46 ක් පැමිණ ඇත.  එසේ නමුත්, සුළු වෙළෙදුන්ට අලෙවි කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකමින් තොග වෙළෙදාම පහත වැටී ඇත.
 
කෙරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී ආහාර සැපයුම් ජාල බිඳ වැටුණු අතර, අද දින ද මැනිං වෙළෙදපොළේ සුළු වෙළෙදුන් නොමැතිවීම නිසා එළවළු මිල පහත වැටි තිබෙනවා.  
 
උඩරට ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ලැබිය යුතු අවම මිල හෝ නොලැබීම එහි ප්‍රතිඑලය වනු ඇත.
 
රජය ආහාර සැපයුම් ජාල බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා විධිමත් පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් නාගරික ජනතාවට ආහාර සැපයීමේ ගැටළුවක් ද, ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්වයක් ද මතුවනු ඇත.   
 
ගිය වසරේ අප්‍රේල් මාසයේ ද මෙලෙසම රට වසා දැමීමත් සමඟම ගොවියාට එළවළු විකුණා ගත නොහැකි වූ අතර, පාරිභෝගිකයාට එළවළු හා පළතුරු නොලැබීම නිසා දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.  එළවළු තොග වගාබිම්වල, දඹුල්ල ඇතුළු තොග මධ්‍යස්ථානවල විනාශවන තත්වයක් මතුවිය. 
 
කොළඹ මැනිං වෙ‍ෙළඳපොලට ලැබී ඇති එළවළු හා පළතුරු තොග අලෙවි කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරණ බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

 

############
 
 
 
THE LEADER TV 
ස'ගේ මිතුරන් නිසා පවිත්‍රාට ඇමතිකමත් එපා වෙලා! 
පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.! 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...