BREAKING
Top Ad
පුවත්

26 අවුරුද්දකට පසු තැපැල් සංකේත නාමාවලිය නැවත එලි දකී

T

The Leader

January 27, 2022 • 9:20 AM

26 අවුරුද්දකට පසු තැපැල් සංකේත නාමාවලිය නැවත එලි දකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි දෙවැනි මුද්‍රණය එළි දක්වා තිබේ.
  •  මෙම නාමාවලියේ පළමු මුද්‍රණය1996 දී සිදු කර තිබේ.
  • මෙම වර්ෂයේ දී එහි දෙවැනි මුද්‍රණය සිදුකළ අතර එම මුද්‍රණයේ පළමු පිටපත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පිරිනැමු බව රජය සදහන් කරයි.
  •  21වැනි සියවසේ කාර්යක්ෂම තැපැල් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් තැපැල් කටයුතු විධිමත් කිරීමට එහි කටයුතු ඩිජිටල්කරණය කළ යුතු බවත් ඉදිරි මාස කිහිපය තුළ එම කටයුත්ත ක්‍රියාත්මක කරන බවත් උත්සවයට සහභාගී වෙමින් තැපැල්පති රංජිත් ආරියරත්න පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් එම එළිදැක්වීම ජනවාරි 26 වැනිදා සිදු කර ඇත.

 මෙම නාමාවලියේ පළමු මුද්‍රණය1996 දී සිදු කර තිබේ.

මෙම වර්ෂයේ දී එහි දෙවැනි මුද්‍රණය සිදුකළ අතර එම මුද්‍රණයේ පළමු පිටපත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පිරිනැමු බව රජය සදහන් කරයි.

 21වැනි සියවසේ කාර්යක්ෂම තැපැල් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් තැපැල් කටයුතු විධිමත් කිරීමට එහි කටයුතු ඩිජිටල්කරණය කළ යුතු බවත් ඉදිරි මාස කිහිපය තුළ එම කටයුත්ත ක්‍රියාත්මක කරන බවත් උත්සවයට සහභාගී වෙමින් තැපැල්පති රංජිත් ආරියරත්න පවසා තිබේ.


මෙම නාමාවලියෙහි සෑම තැපැල් කාර්යාලයකටම සහ උප තැපැල් කාර්යාලයකටම තැපැල් සංකේත අංකයක් හිමි වන අතර එමගින් ලිපි සහ භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන අපහසුතාවයන් මග හැරෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.



රජය පවසන පරිදි දිවයින පුරා පිහිටා ඇති තැපැල් කාර්යාල සංඛ්‍යාව 654ක් වන අතර උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි.

 මෙම සෑම තැපැල් කාර්යාලයකම ලිපි හුවමාරුවීම් සිදු නොකෙරෙන අතර ඇතැම් තැපැල් කාර්යාලවල භාණ්ඩ හුවමාරුව පමණක් සිදු කෙරේ.

 මෙම නාමාවලිය ඔස්සේ ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවයන් ද මඟහැරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න  වැඩිදුරටත් සදහන් කරයි.

272767569 484084716611402 4043758024662499274 n

272744689 484084479944759 8288493977018635939 n 

Leader Whats app


භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!
 

 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...