BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චන්දන ගුණසේකර ගේ නවතම පරිවර්තනය 'දෘෂ්ටිමානයට ඔබ්බෙන්' 26 එළිදකියි

T

The Leader

February 24, 2024 • 2:42 AM

චන්දන ගුණසේකර ගේ නවතම පරිවර්තනය 'දෘෂ්ටිමානයට ඔබ්බෙන්' 26 එළිදකියි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු ලේඛක ඇන්තනි ඩෝර් විසින් රචිත ''All the Light We Cannot See'' නම් සම්මානිත කෘතියේ සිංහල පරිවර්තනය,
  • කෘතිය ජනගත කරන දින ජනප්‍රිය පරිවර්තක, චන්දන ගුණසේකර හමු වී සමරු සටහනක් ලබාගැනීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර 0112979696 දුරකථන අංකය අමතා ලබා ගත හැකි ය .
  • එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි.
  • ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):

'දෘෂ්ටිමානයට ඔබ්බෙන්' එළැඹෙන සඳුදා (26) පස්වරු 1.00ට ගණේමුල්ලේ පිහිටි මියුසස් ප්‍රකාශන පරිශ්‍රයේදී ජනගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

'දෘෂ්ටිමානයට ඔබ්බෙන්' යනු පෙට් සෙමෙට්‍රි පරිවර්තක චන්දන ගුණසේකර ගේ නවතම පරිවර්තනය යි. 

Pulitzer Prize for Fiction, Andrew Carnegie Medal for Excellence in Fiction යන සම්මාන හිමිකරගත් මුල් කෘතිය National Book Award සඳහාවන තේරීම් ලැයිස්තුවට ද ඇතුළත් විය.

කෘතිය ජනගත කරන දින ජනප්‍රිය පරිවර්තක, චන්දන ගුණසේකර හමු වී සමරු සටහනක් ලබාගැනීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර 0112979696 දුරකථන අංකය අමතා ලබා ගත හැකි ය .

 

428607837 3589923737889490 1991031730656560934 n
කෘතිය පිළිබඳව කෙටියෙන් :-


''යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි. එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන් දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන එළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොව, එහෙත් සිදුවීමට ආසන්නව පවතිනා අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවස තුළට වී ලෝකයෙන් සැඟැවී හිඳින්නට ඉඩදෙනු නොලැබෙයි.

යුරෝපය ඉතා අධික ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබූ සහ එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගිය සමයක, නියමයක් නොමැති සියලුම විෂම දේවලට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, All the Light We Cannot See නවකතාව ප්‍රදීපනය කරයි.

එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රභල ශෝකාලාපයකි.''


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...