BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'විහඟ ප්‍රේමය' මංගල දර්ශනය හෙට (27) තරංගනී හිදී: අගෝස්තු 07 සිට දිවයින පුරා සිනමාහල් වෙත!

T

The Leader

July 26, 2026 • 9:36 AM

'විහඟ ප්‍රේමය' මංගල දර්ශනය හෙට (27) තරංගනී හිදී: අගෝස්තු 07 සිට දිවයින පුරා සිනමාහල් වෙත!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට බිළිඳු ජාවාරමක තිත්ත ඇත්ත කියන සංජීව පුෂ්පකුමාරගේ සිව්වන සිනමා සම්ප්‍රාප්තිය
  • එම චිත්‍රපටය අගෝස්තු  07වන දින සිට  තිරගතවීමට නියමිතව තිබේ.
  • අමිත්ත වීරසිංහ, ප්‍රියංකා සමරවීර, මිලින්ද මඩුගල්ල, සංජීව දිසානායක සෙසු චරිත නිරූපණය කරති.
  • ඉතාලියේ ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන (Pilgrims Film) සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) ඉතාලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර සංජීව පුෂ්පකුමාර ශ්‍රී ලංකාවේ නිෂ්පාදක ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙල ජයගත් ඉතාලි-ශ්‍රී ලංකා ප්‍රථම නිල චිත්‍රපට සම-නිෂ්පාදනය

සංජිව පුෂ්පකුමාර නිර්මාණය කළ "විහඟ ප්‍රේමය" මංගල දර්ශනය ජුලි 27 දා පස්වරු 6.30ට චිත්‍රපට සංස්ථ වේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

එම චිත්‍රපටය අගෝස්තු  07වන දින සිට  තිරගතවීමට නියමිතව තිබේ.

“විහඟ ප්‍රේමය” සංජීවගේ හතරවන සිනමා නිර්මාණය වෙයි.

චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙරට බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කරන කූට ජාවාරමකි.

සබීතා, මහේන්ද්‍ර සහ ඉතාලි රංගන ශිල්පී ලොරෙන්සෝ එකම තිරයකදී

සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරෙන්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) “විහඟ ප්‍රේමය” සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති. අමිත්ත වීරසිංහ, ප්‍රියංකා සමරවීර, මිලින්ද මඩුගල්ල, සංජීව දිසානායක සෙසු චරිත නිරූපණය කරති.

සිසිකිරණ පරණවිතාන සිනමාකරණයෙන්ද, අජිත් රාමණයක සහ ඉතාලි ජාතික ගුසපේ ලියොනොති (Giuseppe Leonetti) සංස්කරණයෙන්ද, ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රා (Cristian Carrara) සංගීතයෙන්ද, විදුර අබේදීර වේශ නිරූපණයෙන්ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද , අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණයෙන්ද “විහඟ ප්‍රේමය” ට එක් වෙති.
 
“විහඟ ප්‍රේමය” ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ඉතාලියේ ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන (Pilgrims Film) සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) ඉතාලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර සංජීව පුෂ්පකුමාර ශ්‍රී ලංකාවේ නිෂ්පාදක ලෙස කටයුතු කරයි. සුරංග හඳපාන්‌ගොඩ - යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම සම නිෂ්පාදකයින් ලෙස කටයුතු කරති.

A-ශ්‍රේණියේ ජාත්‍යන්තර සිනමා සම්මානය දිනූ චිත්‍රපටයක්

35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී (Tokyo International Film Festival) 'විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය' සඳහා වන සම්මානය දිනා ගැනීමට “විහඟ ප්‍රේමය” චිත්‍රපටය සමත්විය. ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ඒ ශ්‍රේණියේ (A- Grade) සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරී අංශයෙන් (Main Competion) සම්මානයට පාත්‍රවු අතලොස්සක්වන චිත්‍රපට කිහිපය අතර‌‌ට එක්ව තිබෙන “විහඟ ප්‍රේමය” පසුගිය දශක එකහමාරකට අධික කාලයක් තුළදී ඒ ශ්‍රේණියේ (A- Grade) සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරී අංශයෙන් සම්මාන ලද එකම ශ්‍රී ලාංකීය චිත්‍රපටයයි.

 cvsdfdsf

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...