BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ස්වර්ගය ගීතවත් කරන 27 සමාජය - 27ත් වයසක් ද මැරෙන්න?

T

The Leader

July 3, 2025 • 4:07 AM

ස්වර්ගය ගීතවත් කරන 27 සමාජය - 27ත් වයසක් ද මැරෙන්න?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදුවේ අපි මේ ප‍්‍රශ්නය නැගුවට, 27 සමාජය හැදිලා තියෙන්නෙම වයස අවුරුදු 27 දී මියගිය සුවිශේෂී පුද්ගලයින්ගෙන්.
  • මේ නිසාම ”27 මරණ” වල සංක්‍යාත්මක රටාවක් පිළිබඳ මිත්‍යාවක් ගොඩ නැගුනද විද්‍යාව විසින් එය තහවුරු කර නැහැ.
  •   එහෙත් එම සංසිද්ධිය පොදු සංස්කෘතික සංකල්පයක් ලෙස තවමත් ලොව පවතී.
  • මෙලෙස වයස අවුරුදු 27 දී මිය යන බොහෝ ප‍්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ අධි අවදානම් ජීවන රටාවන් නිසාවෙන් කැපී පෙනුණු අයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂත්වය වෙන්නේ මොවුන්ගෙන් බහුතරයක් තම සංගීත දිවියේ අතිශය ජනප‍්‍රියත්වයට පත්වී නොබෝ දිනකින් වයස අවුරුදු 27 ක් ව සිටියදී මරු වැළඳ ගැනීමයි. මේ මරණ සියල්ලම පාහේ ස්වභාවික මරණ නොවේ. මේවා බොහොමයක් සියදිවි නසා ගැනීම්. මේ නිසාම ”27 මරණ” වල සංක්‍යාත්මක රටාවක් පිළිබඳ මිත්‍යාවක් ගොඩ නැගුනද විද්‍යාව විසින් එය තහවුරු කර නැහැ.

 

Graffiti Tel Aviv Khayim Ben Atar St zoom

එහෙත් එම සංසිද්ධිය පොදු සංස්කෘතික සංකල්පයක් ලෙස තවමත් ලොව පවතී. මෙලෙස වයස අවුරුදු 27 දී මිය යන බොහෝ ප‍්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ අධි අවදානම් ජීවන රටාවන් නිසාවෙන් කැපී පෙනුණු අයයි. එහෙත් විද්‍යානුකුලව මෙය චිත්තවේග වැඩි වයස් සීමාවක් වන අතර ජනප‍්‍රියත්වය සමඟින් ගලා එන ආකර්ෂණය, මිල මුදල් සහ පෞද්ගලික ජීවිතය නිසියාකාරව කළමනාකරණය කරගැනීම අපහසු වීම මෙම මරණ වලට හේතුවිය හැකි බව පෙන්වා දී තිබෙනවා.

27 5

 

27 සමාජය ජනප‍්‍රිය වන්නේ 1969 සහ 1971 වසර අතරතුරදී 27 හැවිරිදි බ‍්‍රයන් ජෝන්ස්, ජිමි හෙන්ඩ‍්‍රික්ස්, ජැනිස් ජොප්ලින් සහ ජිම් මොරිසන් වැනි ජනප‍්‍රිය සංගීතඥයන් කිහිප දෙනෙකු මරණයට පත්වීමත් සමඟයි. ඒ සමගින් එය ජනප‍්‍රිය සංස්කෘතියේ සදාකාලික ප‍්‍රබන්ධයක් බවට පත් වුණා. කෙසේවෙතත් අවුරුදු 27 න සංගීතයට සම්බන්ධ ප‍්‍රසිද්ධ පුද්ගලයින් මිය යැම වාර්තා වන්නේ 1864 වසරේ පමණ සිටයි. ඒ එවකට ප‍්‍රසිද්ධ බ‍්‍රසීලියානු සංගීතවේදියෙකු වූ ඇලෙක්සැන්ඩර් ලෙවි ගේ මරණයත් සමඟයි. එතැන් පටන් 27 සමාජයට එක් වන බොහෝ තාරකාවන්ගේ මරණයට හේතුව වුයේ ඇල්කොහොල් හෝ මත්ද්‍රවය අධි මාත‍්‍රාගත වීම, ඖෂධ අධි මාත‍්‍රා ගත වීම, වාහන අනතුරු, සියදිවි නසාගැනීම් හෝ වෙනත් වස විස ශරීරගත වීමයි.

 

27 1

Brian Jones, Janis Joplin, Jimi Hendrix, Amy Winehouse, Kurt Cobain, Jim Morrison, Robert Johnson, Jean-Michel Basquiat, Pete Ham, Kristen Pfaff මෙම 27 සමාජයේ ප‍්‍රසිද්ධ සාමාජිකයින් වේ. මේ අතරින් වැඩි දෙනෙක්, විශාදය, කාංසාව වැනි මානසික ආතති රෝග වලින් පෙළුණු අයයි. එහෙත් ඔවුන් සතුව තිබු ස්වර්ගීය කලා හැකියාවන් එතරම් ඉක්මනින් මේ මහපොළොවට අහිමි වී යාම අවාසනාවක්. දැනට වාර්තා වන ආකාරයට 27 සමාජයට එක්වී සිටින සාමාජිකයින් සංඛ්‍යාව 92ක්. ඒ අතරින් නළුවෙකු වන Chance Perdomo සහ රැප් ගායන ශිල්පියෙකු වන Dutty Dior 27 සමාජයට එක්වුයේ පසුගිය වසරේදීයි. ඔවුන්ගෙන්  Perdomoගේ මරණයට හේතුව යතුරුපැදි අනතුරක් වුවත් Dutty Diorගේ මරණයට හේතුව තවමත් අවිනිශ්චිතයි.

df6d4b781d9442d0125a0b7b7922e068

 

මේ මරණ සමඟ බැඳී ඇති තවත් මිත්‍යා විශ්වාසයක් වන්නේ සුදු ලයිටර් ප‍්‍රබන්ධයයි. මෙය කංසා සංස්කෘතිය හා ද බැඳී පවතිනවා. මිය ගිය තරු අතරින් Jimi Hendrix, Janis Joplin, Jim Morrison සහ Kurt Cobain නිතර සුදු පැහැ ලයිටර් පාවිච්චි කිරීමත් ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු 27 දී මිය යාමත් මෙම සුදු ලයිටර් යනු ඉක්මනින් මරණය කැන්දන අවාසනාවේ ලකුණක් ලෙස ප‍්‍රචලිත වුණා.

 

27 2

කෙසේවෙතත් මෙම සමාජයේ මරණ අතරින් අදටත් වඩාත්ම කම්පනයක් ගෙනෙන මරණයන් ලෙස සැළකෙන්නේ Kurt Cobain සහ Amy Winehouse ගේ මරණයි. 1994 වසරේදී සියදිවි නසාගැනිමකින් Cobaµn මෙලොව යෑමෙන් වසර 17 කට පසුව මත්පැන් විෂවීමකින් Amy Winehouse මෙලොව හැර යනවා. ඒ වනවිට ජනප‍්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි ඇය මතබේදාත්මක ජිවිතයක් ගත කරමින් සිටියා. මිය යාමට වසර තුනකට පෙර ඇය සිය පුද්ගලික සහායකයාට ඇයත් 27 සමාජයට එක්වන්නට යන බවට බියක් දැනෙන බව පවසා තිබෙනවා. ඇයගේ මරණින් පසු ඇයගේ පුද්ගලික සහායක Alex Haines බ්‍රිතාන්‍ය මාධ්‍යට පැවසුවේ ”ඒ වයසේදී මියගිය 27 සමාජයේ රොක් තරු අතරට ඇය එක්වනු ඇතැයි ඇය සිතුවාය. ඇය මට කිව්වා, ‘මම තරුණ වියේදී මැරෙයි කියලා මට දැනෙනවා‘ කියලා. එලෙසින්ම ඇය වයස අවුරුදු 27 දී 27 සමාජයට එක් වුණා.

27 3

 

27 මැරෙන්න තරම් වයසක් නොවුණට 27 දී මෙලොවින් නික්ම යන්න වුණු තාරකාවන්ගෙන් 27 සමාජය හැදිලා තියෙන්නේ ඔහොමයි. ඒක එක්තරා විදිහකට ඛේදවාචකයක් උත්කර්ෂයට නැගීමක් පමණයි.

 

සටහන : Yesha Fernando

රචිකාවගේ වෙනත් ලිපි :  

ජීවිතය අඳින සිත්තරුන්

ඉන්දියානු ෆ‍්‍රීඩා - අම්රිතා ෂෙර් ගිල්

ද සිම්ප්සන්ස් අනාවැකිකරුවෝ

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...