BREAKING
Top Ad
පුවත්

සිසුවියන් 3 කට ලිංගික අඩන්තේට්ටම් කළ පාසල් මුරකරු දැලේ

T

The Leader

September 3, 2020 • 8:46 PM

සිසුවියන් 3 කට ලිංගික අඩන්තේට්ටම් කළ පාසල් මුරකරු දැලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබන එම පාසලේ මුරකරු අත්අඩංගුවට ගත් බව,
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
  • පාසලේ විදුහල්පතිවරයාගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අගෝස්තු 3 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
  • ''ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 කෙටි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටී.'' ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 කෙටි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයකු විසින් ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකින් පසු වයස අවුරුදු 39 ක් වන සැකකාර මුරකරු  අත් අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

පාසලේ විදුහල්පතිවරයාගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අගෝස්තු 3 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

පීඩාවට පත් දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ 05 වැනි වගන්තියෙන් සංශෝධිත 345 වන වගන්තිය යටතේ, නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩි දුරටත් සදහන් කරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධනගේ  මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය අදාළව විමර්ශන කටයුතු සිදු කර තිබේ.

''ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 කෙටි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටී.''

ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 කෙටි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටී.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පසුගියදා හෙළි කර තිබුනේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වන බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...