BREAKING
Top Ad
පුවත්

ජනාධිපති වැඩ කරන්නෙ 3%ක බලය තිබුණ ජවිපෙ නායකය වගේ - සුගිෂ්වර බණ්ඩාර

T

The Leader

January 20, 2025 • 10:46 AM

ජනාධිපති වැඩ කරන්නෙ 3%ක බලය තිබුණ ජවිපෙ නායකය වගේ - සුගිෂ්වර බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර දිසානායක ජනාධිපති තවමත් කටයුතු කරන්නේ 3%ක බලයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ නායකයා ලෙස බවත්,
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (20) මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
  • ඒ බව ටිල්වින් සිල්වා මහතා විසින් හෝ ඔහුට පැහැදිලි කරග දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා.
  • එතුමා ප්‍රකාශ කරපු විදියට ජල හා විදුලි බිල අඩු කිරීමට, රුපියල් එකසිය පනහට පෙට්ට්‍රල් ලබා දීමට, විශ්‍රාමිකයින්ගේ බැංකු පොලි අනුපාතය සියයට දහනමය දක්වා වැඩි  කිරීමට තවමත් බැරි වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ඊයේ (19) දින කටුකුරුන්දේ පැවැති රැස්වීම් සභාව අමතමින් ඉදිරිපත් කළ කතාව තුළින් එය වඩාත් පැහැදිලි වූයේ යැයි නව ජනතා පෙරමුණ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (20) මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...


ජනාධිපතිතුමා දැඩි මානසික ව්‍යාධියකට පත්වෙලා

‘‘විධායකයේ ප්‍රධානියා හා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ වනවිට එකසිය පනස් නමයක බහුතර බලයක් තිබෙන, පවතින ආණ්ඩුවේ ප්‍රධානියා. ඒ බව ටිල්වින් සිල්වා මහතා විසින් හෝ ඔහුට පැහැදිලි කරග දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා. දින එකසිය විස්සක ආණ්ඩුව තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පොරොන්දු වුණ කිසිදු කාරණාවක් ඉටු කරන්න තවමත් සමත් වෙලා නෑ. එතුමා ප්‍රකාශ කරපු විදියට ජල හා විදුලි බිල අඩු කිරීමට, රුපියල් එකසිය පනහට පෙට්ට්‍රල් ලබා දීමට, විශ්‍රාමිකයින්ගේ බැංකු පොලි අනුපාතය සියයට දහනමය දක්වා වැඩි  කිරීමට තවමත් බැරි වෙලා තියෙනවා. වී සඳහා සහන මිලක් ලබා දෙන්නත් තවම බැරි වෙලා තියෙනවා. ඒ වගේ ම රටේ සියලු දෙනාට ම වාහනයක් මිලදී ගන්න පුළුවන් වෙන විදියට වාහන ගෙන්වා දීම වගේ ලබා දුන් එකී මෙකී සියලු ඡන්ද පොරොන්දු ඉටු කර ගත නොහැකිව දැඩි මානසික ව්‍යාධි හා දැඩි මානසික අසහනකාරි තත්ත්වයකට පත් වෙලා.


අපි බිල්ලො මැව්වෙ නෑ

එම තත්වය හමුවේ ජාතික ජන බල වේග ආණ්ඩුවේ අසාර්ථක භාවය සහ බංකොලොත් භාවය වසා ගන්න: හිරු, දෙරණ, ස්වර්ණවාහිනි ඇතුළු පුද්ගලික මාධ්‍යවලට තර්ජන කරන්න පටන් අරගෙන තියෙනවා. රටේ මාධ්‍ය හමු පවත්වමින්  මාධ්‍ය තුළින්  හාල් ,තෙල්,පොල් පෝලිම් ඇතිවේ යැයි ප්‍රකාශ කරමින් බිල්ලෝ මවන බවට මේ වනවිට ජාතික ජනබලවේග ආණ්ඩුව අපට අසත්‍ය චෝදනා එල්ලකරමින් සිටිනවා. නමුත් මේ වනවිට: හාල් පෝලිම්, අංක තහඩු ලබා ගැනීමට සිටින පෝලිම්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින පෝලිම් නිර්මාණය වුණේ අපි මවපු බිල්ලෝ නිසා නෙවෙයි; මේ ආණ්ඩුවේ පවතින  අකාරක්ෂමතාවය හා නොහැකියාව  නිසා.

නමුත් එදා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්ගේ ආණ්ඩු සමයේ  රටේ ආර්ථික අර්බුදය හමුවේ එය කළමනාකරණය කරමින් රටට අවශ්‍ය තෙල් ගෙන ඒමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ මුලස්ථානයෙන් සංවිධානාත්මක ලෙස කණ්ඩායම් ඇති කරමින් එම තෙල් ප්‍රමාණය පැය තුනක් ඇතුලත අවසන් කරලා රටේ තෙල් හිඟයක් ඇතිකරමින්, පෝලිම් නිර්මාණය කරමින් මිනිසුන් පාරට ගෙන එමින්, වැඩවර්ජන නිර්මාණය කරමින්, රට ආපස්සට ගෙන යමින් රට අරාජික කිරීමට කටයුතු රා. නමුත් අපි කිසිම අයුරකින් ගෙවි ගිය දින එකසිය විස්ස තුළ කිසිම බාධා කිරීමක්, කඩාකප්පල් කාරි ක්‍රියාවක්  සිදු කරේ නෑ.


මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න

රටේ පවතින වත්මන් අර්බුද නිර්මාණය වුණේ ආණ්ඩුවේ පවතින නොහැකියාව නිසා. නමුත් මාධ්‍ය තුළින් රටේ පවතින: හාල් පෝලිම් , පෝල් පෝලිම්, දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන ගමන බලපත්‍ර වංචාව රටට හෙළිකිරීම නොකළ යුතු ද? එහෙම කරන මාධ්‍ය ආයතනවලට ජනාධිපතිතුමා විවිධ තර්ජන  එල්ල කරනවා. නමුත් වත්මන් ආණ්ඩුව බලයට එන්න කලින් සුනිල් හදුන්නෙත්ති මැතිතුමන්ලා කඩේ, පොලේ ගිහින්, භාණ්ඩ මිලදී අරගෙන, ඒවායේ  බිල්පත්  මාධ්‍ය වෙත උවා දක්වමින්, රටේ උද්දමනය වැඩි වෙලා කියල ප්‍රකාශ කරා.

එදා මාධ්‍ය ආයතන තුළින් ඒවා පෙන්වන එක අනුමත කරපු ජාතික ජනබලවේග ආණ්ඩුව  මේ වෙද්දි රටේ පවතින: හාල් ,තෙල්, පොල් පෝලිම් මාධ්‍ය තුළින් පෙන්වමින් මාධ්‍ය ආයත වල වගකීම ඉටුකරද්දි ඒවා   වළක්වමින්, ඒ  මාධ්‍යවලට බැණ වදිමින්, මාධ්‍ය මර්ධනය කරමින්, ඔවුන් නියාමනයක් කරන්න හදනවා. නමුත් මේ සිදු කරන මාධ්‍ය මර්ධනයට, නියාමනයට එරෙහිව ඒ වෙනුවෙන් සියලු පෞද්ගලික නාලිකා එකට පෙළ ගැසෙන ලෙස මාධ්‍ය ආයතන තුලින් අපි ඉල්ලා සිටිනවා.


හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස නැවත ගන්න බැහැ

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට ලබා දී තිබෙන නිල නිවස නැවත ලබා ගත යුතු බව අනුර කුමාර ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කරාට ඒවා කිසිසේත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද 1986 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතට අනුව හිටපු හැම ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ලබා දිය යුතු වරප්‍රසාද දක්වා දක්වලා තියෙනවා.

''ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු බවත් එසේ වුව ද යම්කිසි හේතුවක් නිසා වාසය සඳහා සුදුසු නිවාසයක් නොසපයන අවස්ථාවක, අවස්ථාවට උචිත පරිදි ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දිමනාවක් ගෙවිය යුතු ය.'' කියල ඒ වගන්තියේ සඳහන් වෙනවා.

නමුත් අනුර කුමාර ජනාධිපතිතුමන් මෙහි සඳහන් පළමුවන කොටස නොකියවා ද දන්නෙ නැහැ ප්‍රකාශ කරන්නෙ දෙවන කොටස විතරයි. අපි පැහැදිලිව මේ වැඩ බැරි ආණ්ඩුවට කියන්නෙ කයිවාරු නවේලතා කෙරුවාවන් පමණක් රටට හෙළි කරන්න කියල.

එමෙන්ම දෙමල ඩයස් හෝරාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන බව අපට ඔහුගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි වෙනවා. ඒ තමයි: බලයට පැමිණි විගස වඩමාරච්චි හමුදා කඳවුර ඉවත් කිරීම. පලාලි හමුදා කඳවුර ඉවත් කිරිම වැනි ක්‍රියාවන් සිදු කිරීම.


කළගුණ දන්න පිරිස නැගිටීවි

මේ විදියට උතුරේ අධි ආරක්ෂිත කලාපවල තිබෙන උපායමාර්ගික වශයෙන් වැදගත් හමුදා කඳවුරු ඉවත් කිරිම සහ තිස් අවුරුදු යුද ශාපයෙන් මේ රට බේරාගත් නායකයින් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ජීවිත අනතුරට ලක් කරල තියෙනවා. මේ වනවිට පොලිස්පතිතුමා විසින්ම ප්‍රකාශ කර ඇති පරිදි ටී 56 අවි ආයුධ හැත්තපහක්ක් අතුරුදහන් වෙලා.

දිනෙන් දින පාතාල ක්‍රියා කාරකම් වැඩි වෙමින් උසාවි ඉදිරිපිට මිනි මරමින් ,මහ දවල් මංකොල්ලකෑම් සිදු කරමින් ,ප්‍රධාන නගරවල ආයුධ සන්නද්ධව පැමිණ වෙඩි තබමින් විවිධ  ක්‍රියා කාරකම් රටෙහි සිදු වන මොහොතක රට බේරාගත් නායකයාගෙ ආරක්ෂාව අඩු කරා. දැන් කියනවා වැඩිය කතා කරොත් දැනට ඉන්න ආරක්ෂක නිලධාරින් හැට දෙනාත් ඉවත් කරනවා කියල. එහෙම වුනොත් මේ රටේ කළගුණ දන්න පිරිස නියත වශයෙන්ම දේශපාලන පක්ෂ ආගම් කුල මල භේදයකින් තොරව රට බේරාගත් ඒ අසහාය නායකයින් වෙනුවෙන් පෙනි සිටින බව නියතයි.


ගෝඨාභය CID ගෙන්වීම පදනමක් නැති වැඩක්

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්, බිමල් රත්නායක මැතිතුමන් මෙන්ම හදුන්නෙත්ති මැතිතුමන්ලා මේ කරන්නෙ ඩයස් හෝරාවෙන් මුදල් ලබා ගැනීමට ඔවුන් සතුටු කිරිමට අවශ්‍ය දේවල්.  ඒ අනුව: ඔප්පුවක් නොමැති, අයිතිකාරයෙක් නොමැති කතරගම හදල තියෙන නිවෙසකට විදුලිය ලබා ගැනිම සඳහා ඉල්ලුම් කර ඇති නම සඳහන්ව ඇත්තේ ජී. රාජපක්ෂ ලෙස නිසා ඒ වෙනුවෙන් පතාලය මර්ධනය කරපු, මත්ද්‍රව්‍ය මර්ධනය කරල රට බේරාගැනීමට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ  නායකයා කිසිදු පදනමක් නොමැතිව මේ විදියට ප්‍රශ්න කරන්න CID  යට කැදවීම කිසිසේත් සිදු නොකළ යුතු දෙයක්. මේ විදියට ක්‍රියා කරමින් ඔහුගේ ජීවිතය අනතුරට ලක්කරනවා.

එමෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන් සිදු කරපු කාර්යන් කිසිසේත් මිල කළ නොහැකියි. නමුත් දෙදහස් නමය වර්ෂයෙන් පස්සෙ තස්ත්‍රවාදි ක්‍රියා හේතුවෙන් මෙරට ජනතාව මරණයට පත් නොවුණෙ මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගත් එදා ගත් එඩිතර ක්‍රියා මාර්ග නිසා . නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර මහතා එවැනි තිස් අවුරුදු යුද ශාපයෙන් රට බේරාගත් නායකයා නිවසින් එළියට ඇද දැමීම පිළිබඳව කතා කිරීමද පිළිකුල් සහගතයි.


වෙසක් පොහොය දෙකෙන් ආණ්ඩුව ගෙදර

මේ අනුව අපට පැහැදිලි වෙන්නෙ දුන් පොරොන්දු ඉටු කරගන්න බැරුව, සමුපකාර ඡන්ද තුළින් ගිලිහෙන බල පරාක්‍රමය දරා ගත නොහැකිව. අසහනකාරිව කටයුතු කරන මාලිමා ආණ්ඩුව කරන්නෙ හිටපු ජනාධිපතිවරුන් අත්අඩංගුවට ගනිමින්, අභුත චෝදනා එල්ල කරමින් ,මාධ්‍ය මර්ධනය කරමින් වැඩ බැරි ආණ්ඩුව ඉදිරියට ගෙන යන එක. නමුත් කොන්දේසි විරහිතව ප්‍රබල විෂක්ෂයක් ගොඩනගමින් අනුර, හරිනි නිරාගමික ආණ්ඩුව ගෙදර යැවීමට අපි සුදානම් බව තරයේ ප්‍රකාශ කරනවා. සිංහ නාද බලු කෙදිරියෙන් මිදිල ජාතික ජනබලවේග ආණුඩුව කටයුතු නොකරොත්  වෙසක් පෝය දෙකක් වත් ගෙවෙන්න කලින් වැඩ බැරි මාලිමා ආණ්ඩුවට ගෙදර යන්න වෙන බව නම් පැහැදිලියි.’’

rt4frrc

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...