BREAKING
Top Ad
පුවත්

ඉදිරි වසර 3 පොරොන්දු ඉටු කරන තුන් වසරක්! - ජනපති කියයි!

T

The Leader

January 15, 2022 • 11:34 PM

ඉදිරි වසර 3 පොරොන්දු  ඉටු කරන තුන් වසරක්! - ජනපති කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  • කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
  • කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.
  • මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස විවෘත කිරීමේ උත්සවයට ඊයේ (15) එක්වෙමිනි.

කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.

මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි.

සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකර තිබේ.


''මං ගැන විශ්වාසය තියන්න''


ප්‍රධාන ජන හමුව සංවිධානය කර තිබුණේ කුරුණෑගල අන්තර් හුවමාරු පරිශ්‍රයේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවය.

 

තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතුවීමට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

 

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"බාධක මැද්දේ තමයි මේ මාර්ගය අවසන් කළේ. මේක හදලා ඉවර වුණාම කුරුණෑගල සිට මත්තල දක්වා යන්න පුළුවන්."

"මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි."  

"මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා."

"අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්."

"හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්."  

"මාධ්‍යවලට කියන්නේ අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. මාධ්‍යවේදීන්ගෙන් මං ඉල්ලා සිටිනවා.. ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න."

"අපි කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ..නෑ.නෑ.. මම නැවතත් තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා පුරන් කුඹුරු වගාකරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා."

 

"ඔබලා එදා යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මට ඡන්දය දුන්නා නම් ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකරලා දෙනවයි කියන පොරොන්දුව මත මට සහාය වෙන්න."

 

 

 


Leader Whats app


 
 
 
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 

225ටම ඇමතිකම්! | වියත්කතා
 

ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...