BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වසර 36 කට පසුව 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් ! (video)

T

The Leader

December 5, 2025 • 12:27 AM

වසර 36 කට පසුව 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් ! (video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා විශේෂ ‘Mirror Arts’ වැඩසටහනක් සමග එක් උනේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, ධර්මජිත් පුනර්ජීවයි.
  • මීට වසර 36 කට පෙර අපට අහිමි වූ කෘතහස්ත කලාකරුවෙකු වූ නිහාල් සිල්වා ඔබට මතක ඇති.
  • මේ අතරින් ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යයේ නව ප්‍රති නිර්මාණයක් 'නල්ලතම්බි- today' යන නමින් එළඹෙන දෙසැම්බර් 13 වෙනිදා, ධර්මජිත් පුනර්ජීවගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වීමට නියමිතව තිබෙනවා.
  • ඔහු පැවැසූ ආකාරය 'නල්ලතම්බි- today' යනු 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ අනුකරණයක් නම් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ එළඹෙන දෙසැම්බර් 13 වනදාට සිදුවන විශේෂ කාර්යයක් ගැන කතා කරන්නයි.

මීට වසර 36 කට පෙර අපට අහිමි වූ කෘතහස්ත කලාකරුවෙකු වූ නිහාල් සිල්වා ඔබට මතක ඇති. නොඑසේනම් ඔබ අසා ඇති.

'පුන්තිලා', 'නෙයිනගේ සූදුව', 'සාජන්ට් නල්ලතම්බි' වැනි නාට්‍ය වල චරිත හරහා ඔහු ලාංකීය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් උනා.

sajan

මේ අතරින් ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යයේ නව ප්‍රති නිර්මාණයක් 'නල්ලතම්බි- today' යන නමින් එළඹෙන දෙසැම්බර් 13 වෙනිදා, ධර්මජිත් පුනර්ජීවගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වීමට නියමිතව තිබෙනවා.

ඉතින් මෙවර  'mirror arts' කතා බහ සමග එක්වෙමින් නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව මේ නව නාට්‍ය නිෂ්පාදනය ගැන බොහෝ දේ කතා කළා.

ඔහු පැවැසූ ආකාරය 'නල්ලතම්බි- today' යනු 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ අනුකරණයක් නම් නොවේ.

nihalනිහාල් සිල්වාගේ ඡායාරූපයක්

දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් මංජු කාරියවසම් විසින් රචිත සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ මුල් පිටපත යොදාගෙන වර්තමානයට ගැළපෙන ලෙස සිදු කරන ලද ප්‍රතිනිර්මාණයක් තමයි මෙලෙස ඉදිරිපත් වන්නේ.

හරියටම දෙසැම්බර් 13 වෙනිදා, සවස 6.30 ට, කොළඹ 07 සුදර්ෂි (සිංහල සංස්කෘතික අයතන ශාලාවේදී) නව නාට්‍යය නිෂ්පාදනය වේදිකාගත වීමට නියමිතයි.

මෙහි ප්‍රවේශ පත්‍ර දැන් සුදර්ශි ආයතනයෙන් වගේම එදින දොරටුවෙන් ලබා ගන්නත් පුළුවන්.

ඉතින්, 13 වෙනිදා වේදිකාගත වන “සාජන් නල්ලතම්බ්” නාට්‍යයේ නව ප්‍රතිනිර්මාණය ගැන වගේම,

 

nallathanbi

අපට අහිමි වූ කෘතහස්ත රංගන ශිල්පී නිහාල් සිල්වාගේ මතකයත් යළි අවදි වූ ධර්මජිත් පුනර්ජීව සහභාගී වූ මෙම සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට mirror arts යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.

වීඩියෝව නරඹන්න පහළින්

සාකච්ඡාව මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

 

 
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...