BREAKING
Top Ad
පුවත්

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ගන්න යයි

T

The Leader

July 18, 2021 • 6:17 AM

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ගන්න යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදය පිළියමක් වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක මුදල
  •   ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව ගිවිසුම් ගතවී ඇති අතර පසුගිය මැයි මාසයේදී බංග්ලාදේශයෙන්ද ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලංකාව ලබාගත්තේය.
  •   එම ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යංශයත්, ණය ලබා දෙන්නා ලෙස චීන සංවර්ධන බැංකුවත් සමඟ අත්සන් කිරීමට සකස් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඩොලර් මිලියන 500 දක්වා වැඩිකර ලබා ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ 
 
මෙම ඩොලර් මිලියන 500ක ණය මුදල ලබාගැනීම සම්බන්ධ ගිවිසුම මේ වනවිට මුදල් අමාත්‍යංශය තුළ අධ්‍යයනය කරමින් පවතින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
එම ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යංශයත්, ණය ලබා දෙන්නා ලෙස චීන සංවර්ධන බැංකුවත් සමඟ අත්සන් කිරීමට සකස් කර ඇත.
 
චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසගෙන සිටි අතර එහි පළමු කොටස වූ ඩොලර් මිලියන 500ක මුදලක් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණි. 
 
 
චීන සංවර්ධන බැංකුව:
 
 
ඉතිරි කොටස වූ ඩොලර් මිලියන 200ක මුදල ජූලි මාසයේදී ලබාගැනීමට නියමිත බව සහ ඒ සම්බන්ධයෙන් චීන තානාපතිවරයා සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ජා පවත්වමින් සිටින බව මුදල අමාත්‍යංශයෙ ලේකම් එස්.ආර් ආටිගල ජූනි මස මාධ්‍ය කල විමසීමකදි ප්‍රකාශ කර තිබුණි.
 
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව ගිවිසුම් ගතවී ඇති අතර පසුගිය මැයි මාසයේදී බංග්ලාදේශයෙන්ද ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලංකාව ලබාගත්තේය.
 
(උපුටා ගැනීම :ලසන්ත රුහුණගේ -අනිද්දා)
 

 
 
THE LEADER TV 
 
 
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්! 
 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...