BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න

T

The Leader

December 29, 2025 • 9:48 AM

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබේ.
  • මෙම චිත්‍රපට 25 තෝරාගැනීම 150 දෙනෙකුගෙන් සමන්විත වෘත්තීයවේදීන් පිරිසකගෙන් යුතු නියැදියක් ඇසුරින් සිදුකරන ලද සමීක්ෂණයකින් සිදුකර තිබේ.
  • රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර විසින් මෙම චිත්‍රපට ලේඛනය ප්‍රකාශයට පත් කරන ලදී.
  • නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 02.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේම 1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම අද (29) සිදුවිය.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මීට සමගාමීව “සිනමා විමර්ශි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය“ ජනගත කිරීම ද සිදුකෙරිණි.

මෙම චිත්‍රපට 25 තෝරාගැනීම 150 දෙනෙකුගෙන් සමන්විත වෘත්තීයවේදීන් පිරිසකගෙන් යුතු නියැදියක් ඇසුරින් සිදුකරන ලද සමීක්ෂණයකින් සිදුකර තිබේ.

රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර විසින් මෙම චිත්‍රපට ලේඛනය ප්‍රකාශයට පත් කරන ලදී.

01. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
02. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
03. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
04. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
05. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
06. දඩයම - වසන්ත ඔබේසේකර
07. පාර දිගේ - ධර්මසේන පතිරාජ
08. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
09. තුංමංහංදිය - මහගම සේකර
10. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
11. විරාගය - තිස්ස අබේසේකර
12. මේ මගේ සඳයි - අසෝක හඳගම
13. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
14. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ
15. සත්සමුදුර - සිරි ගුණසිංහ
16. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ
17. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර
18. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
19. රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්
20. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ
21. අහසින් වැටෙයි - විමුක්ති ජයසුන්දර
22. තුන්වෙනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක
23. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පිරීස්
24. හාරලක්ෂය - ටයිටස් තොටවත්ත
25. මිල්ලේ සොයා - බූඩී කිර්තිසේන


(adaderana)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...