BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනගහණයෙන් 77%ක මතය මෙන්න

T

The Leader

December 6, 2023 • 3:50 AM

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනගහණයෙන් 77%ක මතය මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු
  •   මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2023 ඔක්තෝබර් මාසයේ ය.
  • සමීක්ෂණයට ලැබී ඇති ප්‍රතිචාර: සමීක්ෂණයට සහභාගීවූවන් ඉදිරියේ පහත  ප්‍රකාශය කියවා තිබිණ.
  • අනතුරුව පහත දැක්වෙන ප්‍රකාශයන් දෙක ද, කියවා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හෝ සාධාරණව / අනවශ්‍ය සහ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

 

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2023 ඔක්තෝබර් මාසයේ ය.

සමීක්ෂණයට ලැබී ඇති ප්‍රතිචාර:

සමීක්ෂණයට සහභාගීවූවන් ඉදිරියේ පහත  ප්‍රකාශය කියවා තිබිණ.

 “ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය EPF (සේවක අර්ථ සාධක අරමුදලෙහි) හි ප්‍රතිලාභ අඩු කළේය”. අනතුරුව පහත දැක්වෙන ප්‍රකාශයන් දෙක ද, කියවා තිබිණ. අවසානයේ මෙම ප්‍රකාශ දෙකෙන් වඩාත් එකඟ වන ප්‍රකාශය හෝ ප්‍රකාශයන් කුමක්ද යන්න විමසා ඇත. 

1. එය සිදුකිරීම අත්‍යාවශ්‍යය වේ
2. එය සාධාරණ ආකාරයකින් සිදුකරන ලදී


එය සිදුකිරීම අත්‍යාවශ්‍යය මෙන්ම සාධාරණ ආකාරයකින් සිදුකර ඇත යයි එකඟ වී ඇත්තේ, 10% දෙනෙක් පමණි. 13% දෙනෙක් මේ සම්බන්ධයෙන් "කිසිඳු අදහසක් නොතිබුණු” හෝ මෙම ගැටලුව ගැන “කිසිත් නොදන්නා” පිරිසට අයත්ව ඇත. 

44% දෙනෙක් ප්‍රකාශ ද්විත්වයම සමග එකඟ නොවූහ. 33% දෙනෙක් එක් ප්‍රකාශයක් සමග එකඟ වී තිබේ.

ඒ අනුව ගත්විට, සමස්තයක් ලෙස 77% දෙනෙක් විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙණ ප්‍රතිලාභ අඩු කිරීම අනවශ්‍යය බව සහ/හෝ එය සාධාරණ නොවන ආකාරයකින් සිදුකර ඇති බව කියා ඇත.

MediaRelease EPFSurvey VeriteResearch SI 2023.12.05
ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළේ ය. එහිදී, රුපියල්වලින් ගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර පැටවුණේ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාමික අරමුදල්වලට ය. 

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්, පෞද්ගලික ණය හිමිකරුවන් සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් (රජයේ වෙනම විශ්‍රාමික වැඩසටහනක සිටින) මෙම පිරිසට අයත් වූයේ නැත. 

ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව, ගෝලීය මට්ටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට නව පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ, විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් පොදුවේ සියලුදෙනාට සම-සමව සැළකෙන ප්‍රතිපත්තියක් නොව එකිනෙකාට වෙනස්ව සැළකෙන හානිකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය.

සමීක්ෂණ ක්‍රමවේදය

ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1,029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය (error margin) ±3.1% මට්ටමක පැවතෙන පරිදි ය.

'වෙරිටේ රිසර්ච්' සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන 'වෑන්ගාර්ඩ් සර්වේ' (පෞද්ගලික) ආයතනය එක්ව සම්පාදනය කර ඇති Syndicated Surveys නම් සමීක්ෂණ මෙවලම යටතේ මෙම සමීක්ෂණය සිදුකර ඇත. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...