BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

97 වන ඔස්කාර් සම්මාන උළෙලෙදී -‘අනෝරා’ චිත්‍රපටයට සම්මාන පහක්

T

The Leader

March 4, 2025 • 7:19 AM

97 වන ඔස්කාර් සම්මාන උළෙලෙදී  -‘අනෝරා’ චිත්‍රපටයට සම්මාන පහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් වූ 97 වන ඔස්කාර් සම්මාන උළෙල 2025 මාර්තු 2 වන දින ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
  •   සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළුව ප්‍රමුඛ සම්මාන පහක් දිනා ගනිමින් චිත්‍රපට උළෙලේ වැඩිම ගෞරව හිමි කරගැනීමට ‘අනෝරා’ (Anora) චිත්‍රපටය සමත් විය.
  • හොඳම සහය නළුවා ලෙස “ද රියල් පේන්” චිත්‍රපටයේ රඟපෑ කියෙරන් කල්කින්ට ද හොඳම සහය නිළියට හිමි සම්මානය එමිලියා පෙරේස් චිත්‍රපටයේ රඟපෑ සොවේ සල්ඩනා හටද පිරිනැමිණි.
  • හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් පිදුම් ලැබූ “අනෝරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසින් සිය චිත්‍රපටය සඳහා හිමි වූ සම්මාන හතරක් පිළිගැනීමෙන් පසු තරුණ සිනමාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ස්වාධීනව චිත්‍රපට තැනීම සඳහා ඉදිරිපත් වන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සවයේ සවස් භාගයේදී  (AMPAS) විසින් 2024 දී නිකුත් කරන ලද චිත්‍රපටවලට ගෞරව කරමින් කාණ්ඩ 23 ක් යටතේ ඇකඩමි සම්මාන (ඔස්කාර්) ප්‍රදානය කිරීම සිදුවිය.

 

awfwwe

සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළුව ප්‍රමුඛ සම්මාන පහක් දිනා ගනිමින් චිත්‍රපට උළෙලේ වැඩිම ගෞරව හිමි කරගැනීමට ‘අනෝරා’ (Anora) චිත්‍රපටය සමත් විය. ඇමෙරිකානු ඩොලර් මිලියන හයක් වැනි අඩු මුදලක් වැය කරමින් නිපදවා තිබූ “අනෝරා” චිත්‍රපටය සඳහා හොඳම චිත්‍රපටය, හොඳම නිළිය (මීකේ මැඩිසන්) , හොඳම අධ්‍යක්ෂණය , හොඳම මුල් තිර රචනය හා හොඳම චිත්‍රපට සංස්කරණය යන සම්මාන මේ අනුව පිරිනමා තිබිණි. මින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය , හොඳම මුල් තිර රචනය හා හොඳම චිත්‍රපට සංස්කරණය යන සම්මාන හතරම  අනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් හට හිමිවීම විශේෂත්වයකි.

 

සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය “ද බෘටලිස්ට්” චිත්‍රපටයේ රඟපෑ එඩ්රියන් බ්‍රෝඩි හිමිකරගත් අතර හොඳම නිළියට හිමි සම්මානය හිමි වූයේ ‘අනෝරා’ චිත්‍රපටයේ ලිංගික ශ්‍රමිකයෙකුගේ චරිතය නිරූපණය කළ මීකේ මැඩිසන් හටයි.

හොඳම සහය නළුවා ලෙස “ද රියල් පේන්” චිත්‍රපටයේ රඟපෑ කියෙරන් කල්කින්ට ද හොඳම සහය නිළියට හිමි සම්මානය එමිලියා පෙරේස් චිත්‍රපටයේ රඟපෑ සොවේ සල්ඩනා හටද පිරිනැමිණි.


හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් පිදුම් ලැබූ “අනෝරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසින් සිය චිත්‍රපටය සඳහා හිමි වූ සම්මාන හතරක් පිළිගැනීමෙන් පසු තරුණ සිනමාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ස්වාධීනව චිත්‍රපට තැනීම සඳහා ඉදිරිපත් වන ලෙසයි.
 
sfe
මෙවර සම්මාන උළෙලේ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් අතර වසර මුලදී ලොස් ඇන්ජලිස් නගරයේ පැතිර ගිය දරුණු ළැව්ගිනිවලින් මියගිය හා නිවාස අහිමි වූවන්ට උපහාර පිදීම, එම ළැව්ගිනි නිවා දැමීම සඳහා කැප වී ක්‍රියා කළ ගිනි නිවන හමුදා භටයන් ඔස්කර් වේදිකාවට කැඳවා ඇගයීම සිදුවූ අතර පසුගියදා සිය නිවසේදී අභිරහස් ලෙස මියගොස් තිබූ ජනප්‍රිය පැරණි හොලිවුඩ් නළුවකු වූ ජින් හැක්මන් හට විශේෂ උපහාරයක් පිදීම දක්නට ලැබුණි.
 
 
උත්සවය ඇමරිකා එක්සත් ජනපදයේ ‘ABC රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද අතර  ‘HULU’ විකාශන සේවය මගින්ද විකාශය කරන ලදී. ප්‍රථම වරට ඇමරිකනු ජනප්‍රිය විකට නළු කොනන් ඕ'බ්‍රයන් ට උත්සවයේ මෙහෙයවීම භාරවී තිබූ අතර රාජ් කපූර් සහ Katy Mullan විධායක නිෂ්පාදකයින් ලෙස නැවත එක්ව සිටියේය.

ජයග්‍රාහක ලැයිස්තුව පහත දැක්වේ.
 
qw

හොඳම චිත්‍රපටය - Anora
හොඳම නිළිය - Mikey Madison –(Anora චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
හොඳම නළුවා - Adrien Brody – (The Brutalist චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
හොඳම තිරරචනය -  Sean Baker- (Anora තිර රචනය සඳහා)
හොඳම අධ්‍යක්ෂණය - Sean Baker – ( Anora චිත්‍රපටය වෙනුවෙන්)
හොඳම චිත්‍රපට සංස්කරණය - Sean Baker - ( Anora චිත්‍රපටය වෙනුවෙන්)
හොඳම සහය නිළිය - Zoe Saldana – (Emilia Pérez චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
හොඳම සහය නළුවා - Kieran Culkin – (A Real Pain චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
හොඳම අන්තර්ජාතික චිත්‍රපටිය - I'm Still Here – Brazil
හොඳම වාර්තා චිත්‍රපටය - No Other Land
හොඳම ඇනිමේශන් චිත්‍රපටය - Flow
හොඳම සිනමා ඡායාරූපකරණය -The Brutalist
හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපටය -Dune: Part Two
හොඳම ඇඳුම් නිර්මාණය -Wicked
හොදම අංගරචනය හා කොණ්ඩා සැකසුම -The Substance
හොඳම ගීතය -El Mal - Emilia Pérez
හොඳම නිෂ්පාදන කළමණාකරණය - Wicked
 
යූමාල් කසුන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...