BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ඈත සිතිජයේ' ශ්‍රී ලාංකීය ප්‍රසංගයට තව දින 3යි - ඉතිරිව ඇත්තේ ටිකට්පත් 100ක් පමණයි!

T

The Leader

May 19, 2026 • 10:49 AM

 'ඈත සිතිජයේ' ශ්‍රී ලාංකීය ප්‍රසංගයට තව දින 3යි -  ඉතිරිව ඇත්තේ ටිකට්පත් 100ක් පමණයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල අතිසාර්ථක ලෙස පවත්වා නිම කර මෙරටට පැමිණි "ඈත සිතිජයේ" (Aatha Sithijaye)
  •  එළඹෙන මැයි මස 22 වනදා සවස 7.00 ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
  • ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවසන් අවස්ථාව සංවිධායක මණ්ඩලය දන්වා සිටින්නේ මේ වන විටත් ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සඳහා අතිමහත් ඉල්ලුමක් පවතින අතර, ප්‍රවේශපත්‍ර ඛාණ්ඩ 3ක් සම්පූර්ණයෙන්ම විකිණී අවසන් වී ඇති බවයි.
  • සමස්ත ප්‍රසංගයෙන්ම දැනට ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත්‍ර 100 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සුවිශේෂී සංගීත ප්‍රසංගය පැවැත්වීමට තව දින 3ක් වැනි කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබේ.


 එළඹෙන මැයි මස 22 වනදා සවස 7.00 ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Awakasha Entertainment ආයතනයේ ඉදිරිපත් කිරීමක් වන මෙම ප්‍රසංගයේදී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පීන් වන ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ චන්ද්‍රලේඛා පෙරේරා යන කලාකරුවන් තිදෙනා එකම වේදිකාවකදී ගීත රැසකින් රසිකයන් පිනවීමට නියමිතය. මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුගත් හෙට්ටිආරච්චි විසින් සිදු කරන අතර, කථනය සහ මෙහෙයවීම ප්‍රවීණ නිවේදක කැළුම් ශ්‍රීමාල් මහතා විසින් සිදු කරනු ලබයි.

ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවසන් අවස්ථාව
සංවිධායක මණ්ඩලය දන්වා සිටින්නේ මේ වන විටත් ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සඳහා අතිමහත් ඉල්ලුමක් පවතින අතර, ප්‍රවේශපත්‍ර ඛාණ්ඩ 3ක් සම්පූර්ණයෙන්ම විකිණී අවසන් වී ඇති බවයි. සමස්ත ප්‍රසංගයෙන්ම දැනට ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත්‍ර 100 ක් පමණි.

Balcony (රු. 3000) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Silver (රු. 5000) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Gold (රු. 7500) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Premium (රු. 10000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 40 පමණි
VIP (රු. 12000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 30 පමණි
VVIP (රු. 15000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 30 පමණි

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සහ ප්‍රසංගය පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 071 864 7630 යන දුරකථන අංකය ඇමතිය හැකිය. ඉතිරිව ඇති සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණය ද ඉක්මනින් අවසන් විය හැකි බැවින්, ප්‍රසංගය නැරඹීමට බලාපොරොත්තු වන රසිකයන්ට තම ආසන කඩිනමින් වෙන් කරවා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය මතක් කර සිටියි.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...