BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තරුණ සිනමාකරුවන් දිරිගැන්වූ Agenda 14 සම්මාන ලැබූ ජයග්‍රාහකයන්!

T

The Leader

December 10, 2025 • 9:48 AM

තරුණ සිනමාකරුවන් දිරිගැන්වූ Agenda 14 සම්මාන ලැබූ ජයග්‍රාහකයන්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ කෙටි සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මාන රාත්‍රිය දෙසැම්බර් 07 වැනිදා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) පැවැත්විණි.
  • ජර්මන් සංස්කෘතික ආයතනය, ප්‍රංශ මිත්‍රත්ව සංගමය, ප්‍රංශ තානාපති කාර්‍යාලය, CPA, IMADR යන ආයතන උලෙළේ අන්‍රග්‍රාහකයින් ලෙස කටයුතු කරයි.
  • ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.
  • 2025 Agenda 14 කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මානලත් චිත්‍රපට හා නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇගැයුම් කාණ්ඩ 11ක් යටතේ තරුණ සිනමාකරුවන්, රංගන ශිල්පීන් ඇතුළු 14 දෙනෙකු එහිදී සම්මානයට පාත්‍ර විය.

අඛණ්ඩව 15 වැනි වරට පැවැත්වුණු උලෙළ සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍ර්ක 16කින් ඉදිරිපත් කෙරුණු කෙටි චිත්‍රපටවලින් තෝරාගත් කෘති 50ක් දෙසැම්බර් 04-07 වැනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) සහ ප්‍රංශ මිත්‍රත්වය සංගමය (Alliance Francaise) හිදී ප්‍රදර්ශනය කෙරිණි. එම සියලුම දර්ශනවලට ඉහළම ප්‍රේක්ෂක සහභාගිත්වයක් හිමි විය. 

සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ මෙවර ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර අනෙකුත් ජූරි සභිකයන් වන්නේ කථිකාචාර්ය අතුල සමරකෝන්, සිනමා සංස්කාරක ශිල්පී සමන් ඇල්විටිගල, සිනමා විචාරක මුරලිදරන් මයුරන් සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ අජන්තා විජේවර්ධන යි.

ජර්මන් සංස්කෘතික ආයතනය, ප්‍රංශ මිත්‍රත්ව සංගමය, ප්‍රංශ තානාපති කාර්‍යාලය, CPA, IMADR යන ආයතන උලෙළේ අන්‍රග්‍රාහකයින් ලෙස කටයුතු කරයි.

 

ag 14 1 ‍
සම්මාන ප්‍රදානය,  කොළඹ ප්‍රංශ මිත්‍රත්ව සංගමයේ අධ්‍යක්ෂ සිසිල් ඌර්ලබෙක්, ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ඔලිවියා බෙලමියර්, එම කාර්යාලයේ සංස්කෘතික වැඩසටහන් නිලධාරී යාන් රමේෂ් ද සේරම්, ජර්මන් සංස්කෘතික ආයතනයේ අධ්‍යක්ෂ ස්ටෙෆාන් වින්ක්ලර්, IMADR ආසියා කමිටුවේ සභාපති නිමල්කා ප්‍රනාන්දු, මාකස් රුෆ්  (Institute for Film and Video Art) යන සම්භාවනීය ආරාධිතයින් අතින් සිදු කෙරිණි.
නූතන තරුණ නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යක් බවට පත්ව ඇති කෙටි චිත්‍රපට කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ කැපවී සිටින සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා, Agenda 14 සිනමා උලෙළෙහි නිර්මාතෘවරියයි. ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.

ag 14 2
2025 Agenda 14 කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මානලත් චිත්‍රපට හා නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ.

Best Short (හොඳම කෙටි චිත්‍රපටය)
Award - 'Is Snow White?' by Sureni Ranawaka
Jury Award - Neelum Oor Kadaisi Iravu by Jacob Luke Jeroshan

සම්මානය - 'Is Snow White?' - සුරේනි රණවක
ජූරියේ සම්මානය - නීලුම් ඕර් කඩෛසි ඉරවු - ජේකොබ් ලූක් ජෙරෝෂන්

Most Gender Sensitive Film (වඩාත්ම සමාජභාවී චිත්‍රපටය)

Award - 'Unwritten Verses' by Fathima Shanaz
සම්මානය - ෆාතිමා ශානාස් 'Unwritten Verses'

ag 14 3
Micro Short Film (විනාඩි 3ට අඩු හොඳම චිත්‍රපටය)
Award - 'Neth's Folly' by Ginuki Jayaweera
ගිනුකි ජයවීරගේ 'Neth's Folly' 


Human Rights Prize (සුනිලා අබේසේකර අනුස්මරණ මානව හිමිකම් සම්මානය)  
Award - Attai Kadiththathu Poga Meedhamulla Kaalgal by Thiyagaraja Yuwarajan
ත්‍යාගරාජා යුවරාජන්ගේ Attai Kadiththathu Poga Meedhamulla Kaalgal 


Green Award
Award - 'Trace' by Dinesh Balasri
දිනේෂ් බාලශ්‍රීගේ 'Trace' 

Best Experimental Film 
Award - 'His First Period' by Avishka Arangalla

අසංක අරංගල්ලගේ  ‘ඔහුගේ ප්‍රථම ඔසප්වීම’ නමැති චිත්‍රපටය සඳහා හිමි විය. 


Outstanding Performances (විශිෂ්ට රංගනය සඳහා වූ සම්මානය)

Awards:
1.⁠ ⁠Sureshkumar Mithujan for Neelum Oor Kadaisi Iravu
2.  Nuzha M.W.F. for 'Withered Flower'

Special mention:
1.⁠ ⁠Ramesh Pavithran for 'Trace'

1.‘නීලුම් ඕර් කඩෛසි ඉරවු’ සිනමා පටයේ සුරේෂ් කුමාර්

2 ‘මිලාන වූ මල’ සිනමාපටයේ නුසා එම්.ඩබ්.එෆ්

විශේෂ සහතික 

Trace හි රමේෂ් පවිත්‍රන්

Animation 
Award:
'Stuckholm' by Nayani Narayana

ag 14 4
නයනි නාරායනගේ 'Stuckholm' 

Best Editor (හොඳම සංස්කාරක)

Thamesh Malinda for 'Cold Desire'
තමේෂ් මලින්ද - 'Cold Desire'

Best Cinematographer (හොඳම සිනමාකරු)

Viranga Pathirage for 'Tears of Ceylon'

විරංග පතිරගේ - 'Tears of Ceylon' 

Most Promising Filmmaker (මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවා)

Kenula Pathirathna for Delusion 
විපල්ලාස චිත්‍රපටයේ අධ්‍යක්ෂක කෙනුල පතිරණ


Winners

15th Agenda 14 Short Film Festival 2025 

Best Short Film
Nominations:
'High Dose' by Vishvajith Ekanayaka
'Stuckholm' by Nayani Narayana
'His First Period' by Avishka Arangalla
'Is Snow White?' by Sureni Ranawaka
'Neelum Oor Kadaisi Iravu' by Jacob Luke Jeroshan
Award - 'Is Snow White?' by Sureni Ranawaka
Jury Award - 'Neelum Oor Kadaisi Iravu' by Jacob Luke Jeroshan

Most Promising Filmmaker
Kenula Pathirathna for 'Vipallasa'

Most Gender Sensitive Film
Nominations:
'Withered Flower' by Nuzha M.W.F.
'Is Snow White?' by Sureni Ranawaka
'Unwritten Verses' by Fathima Shanaz
Award - 'Unwritten Verses' by Fathima Shanaz

Sunila Abeysekera Memorial Human Rights Prize
Nominations:
'His First Period' by Avishka Arangalla
'Attai Kadiththathu Poga Meedhamulla Kaalgal''
by Thiyagaraja Yuwarajan
'Katha Karana Biththiya' by Sanduni Wanasinghe
Award - 'Attai Kadiththathu Poga Meedhamulla Kaalgal''
by Thiyagaraja Yuwarajan

Micro Short Film
Nominations:
'Neth's Folly' by Ginuki Jayaweera
'Mulveli 'by Vijarathnam Maalan
Award - 'Neth's Folly' by Ginuki Jayaweera

Green Award
Nominations:
'Trace' by Dinesh Balasri
'Right Choice' by Dimantha Ranaweera
Award - 'Trace' by Dinesh Balasri

Best Experimental Film
Nominations:
'Tears of Ceylon' by Viranga Pathirage
'His First Period' by Avishka Arangalla
'My Dear Fish Tank' by Poojana Dandeniya
Award -'His First Period' by Avishka Arangalla

Outstanding Performances
Awards:
Sureshkumar Mithujan for 'Neelum Oor Kadaisi Iravu'
Nuzha M.W.F. for 'Withered Flower'
Special mention:
Ramesh Pavithran for 'Trace'

Best Animation
Nomination:
'Stuckholm' by Nayani Narayana
'Neth's Folly' by Ginuki Jayaweera
Award:
'Stuckholm' by Nayani Narayana

Best Editor
Thamesh Malinda for 'Cold Desire'

Best Cinematographer
Viranga Pathirage for 'Tears of Ceylon'

Audience Choice Award
'Between Us' by Vinuri Vibudhana Kiriwendala

ag 14 5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...