BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සඳ දඩයම ගැන එක එක කියවීම් එළියට එන්න පටන් අරන්..

T

The Leader

January 11, 2026 • 2:10 AM

සඳ දඩයම ගැන එක එක කියවීම් එළියට එන්න පටන් අරන්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳ දඩයම විශේෂ දර්ශනයක් පසුගිය දවසක PVR සිනමා සංකීර්ණයේ පැවැත්වූවා.
  • “..90 දශකයේදී අශෝක හඳගම අතින් නිර්මාණය වී තිබෙන නමුත් අප කිසිවෙකුට මෙතෙක් දකින්න නොලැබුණු "සඳ දඩයම" නම් වූ නිර්මාණයක් බලන්න මා අද ගියේ මහත් උද්යෝගයෙනි.
  • මෙයට හේතුව වන්නේ 90 දශකය නම් සංකීර්ණ මොහොත පිළිබඳව බැරෑරුම්ම කලාත්මක සිතීමක් කළ අපේ රටේ කලකාරුවා වන්නේ අශෝක හඳගම කියා මා සැලකීමයි.
  • බලාපොරොත්තු වූ ලෙසම මෙහි තිබෙන්නේ හඳගමගේ කලාවේ තියුණු ලෙස සටහන් වූ එම ඓතිහාසික පරිවර්තනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය මාධ්‍ය දර්ශනයක් වත් මංගල දර්ශනය වත් නෙවෙයි. නිෂ්පාදකවරුන් විසින් තෝරාගත් පිරිසක් ඉදිරියේ කළ විශේෂ දර්ශනයක්. එම දර්ශනය ඉවරවෙලා රාත්‍රියේ ගෙදර එන ගමන් FB ඇරපු මට 'සඳ දඩයම' ගැන මුල්ම අදහස් දැක්වීම කියවන්න ලැබුණා. ඒ වංගීස  සුමනසේකර ගේ . මේ ඒක….

“..90 දශකයේදී අශෝක හඳගම අතින් නිර්මාණය වී තිබෙන නමුත් අප කිසිවෙකුට මෙතෙක් දකින්න නොලැබුණු "සඳ දඩයම" නම් වූ නිර්මාණයක් බලන්න මා අද ගියේ මහත් උද්යෝගයෙනි. මෙයට හේතුව වන්නේ 90 දශකය නම් සංකීර්ණ මොහොත පිළිබඳව බැරෑරුම්ම කලාත්මක සිතීමක් කළ අපේ රටේ කලකාරුවා වන්නේ අශෝක හඳගම කියා මා සැලකීමයි.

බලාපොරොත්තු වූ ලෙසම මෙහි තිබෙන්නේ හඳගමගේ කලාවේ තියුණු ලෙස සටහන් වූ එම ඓතිහාසික පරිවර්තනයයි. පැරණි ග්‍රාමීය විප්ලවවාදියා වෙනුවට දැන් හඳගමගේ අවධානය යොමු වන්නේ නාගරික පහල පාන්තික යුවලක් වෙතයි. එහි ස්වාමිපුරුෂයා රැකියාවක් නොකරන 'රස්තියාදුකාරයෙකි'. ඔහුගේ බිරිඳ ලිංගික ශ්‍රමිකයෙකි.

 


මේ මගින් තේමාත්මක වෙනසක්ද අපට හමු වෙයි. තවදුරටත් අප නියත ලෙස සමාජවාදය පැමිණෙනවා කියා විශ්වාස කරන්නේ නැත. ඉතිහාසය අහඹු වනවා කියා හඳගම අපට සිහිපත් කරයි. මාක්ස්ට 'ප්‍රාග්ධනය' කෘතිය පසුව මුද්‍රණය කරන්නට තිබුණි. ලෙනින් ඇමරිකාවේ හෝ එංගලන්තයේ ඉපදෙන්නට තිබුණි. හිට්ලර් මාක්ස්වාදියෙක් වීමට තිබුණි. මෙවැනි දේ වූවානම් අපට ලැබෙන්නේ රැඩිකල් ලෙස වෙනස් විසිවෙනි සියවසකි.

මෙහිදී නව දේශපාලන මාතෘකා ගණනක් අපට හමු වෙයි. ලිංගිකත්වය, ප්‍රේමය වැනි දේ දැන් හඳගමගේ පරීක්ෂාවට ලක් වෙයි. මෙහි පැරණි විප්ලවාදී දේශපාලනය තිබෙන්නේ පසුබිමේය. හදිසියේ මේ යුවලගේ නිවසට කඩා වදින විප්ලවවාදී තරුණයා පොඩි කොල්ලෙකි. ඔහු කියන පණ්ඩිතමානී කතා අපේ නව වීරයන්ට හෝ වීරවරියන්ට හෝ ඒත්තු යන්නේ නැත. ඔවුන්ගේ ජීවිත මේ තරුණයා කියන කතාවට වඩා සංකීර්ණ වනවා කියා අපට සිතෙයි.

හඳගමගේ චලනය රූපය පෙන්වන්නේ ඔවුන්ගේ මෙම සංකීර්ණ ජීවිතයි. එහි විකාරරූපී බවක් තිබේ. එනිසාම මෙය විකාරරූපී නාට්‍ය කලාවට ඥාතීත්වයක් තිබෙනවා යන්න අපට මග හැරෙන්නේ නැත. මෙහි තිබෙන්නේ වේදිකා නාට්‍යයක ආකෘතියේ දෙබස්ය. නමුත් මේ 'ක්ලැසික් හඳගමරියානු' දෙබස් බව අපි දනිමු. නැවතත් මේවා අද දකින විට අපට උද්යෝගයක් ඇති වන්නේ මේ නිසාය. අශෝක හඳගම නම් සටන්කාමී කලාත්මක සිතන්නාගේ එඩිතර පෙනී සිටීම එහි තිබේ.

මේ ජීවිතද අර්ථ විරහිත හමුදා මැදිහත්වීම් මගින් විනාස වන බව හඳගම අපට සිහි කරයි. ඔවුන්ට අවම වශයෙන් මෙවැනි මරණ නිසා වීරත්වයක් හෝ ලැබෙයි. එම අර්ථයෙන් ඔවුන් වීරයන් වීමට හෝ වරන් නොලැබූ මිනිසුන්ය. හමුදාව යනු සිතීමක් නොමැති අණ ක්‍රියාත්මක කිරීමකි. එය චිත්‍රපටියක් වීමට පෙරද චිත්‍රපටියක් කියා හඳගම අපට කියයි.

 

612382715 3436427539829573 3297460216649755883 n
මෙහි බොහෝ දර්ශන රූගත කර තිබෙන්නේ චිත්‍රාගාරයක කියා හඳගම අපට ප්‍රදර්ශනයට පෙර ලබා දුන් පත්‍රිකාවේ වෙයි. එනිසාම මෙය රෝයි ඇන්ඩර්සන් වැනි කෙනෙකුගේ සිනමාව අපට සිහි කරයි. හඳගමගේ මේ චිත්‍රපටියේ බොහෝ නිරුවත් දර්ශන තිබේ. පළමු වරට සිනමාවේ මේ ආකාරයේ නිරුවතක් පෙන්වන්නේ හඳගම කියා අපි දනිමු. එහි තරුණයන් මෙන්ම තරුණියන්ද විවෘතව දුම් පානය කරයි. හඳගමට එරෙහිව 'දුම්වැටි සමාගම්වල මුදලට යටවීමේ' චෝදනාව අපට නැවත සිහිපත් වෙයි. මේ දුම්වැටි සමාගමවල මුදල්වලට කළ චිත්‍රපටිය හඳගමට දශක තුනක් යන තුරු පෙන්වනන් ලැබෙන්නේ හෝ නැත! එනිසා මේ චෝදනා මොනතරම් පුස්සක්ද කියා අපට පැහැදිලි වෙයි. මේ තිබෙන්නේ හඳගම නම් සංකීර්ණ ප්‍රපංචය තේරුම් ගැනීමට නොහැකි වූ පැරණි දෘෂ්ඨිවාදී ප්‍රවේශවලින් දේවල් තේරුම් ගත් අංශභාග සමාජ විද්‍යාවක නිගමන පමණි.

607617034 25349348134748862 1848443124432457091 nකෙසේ වුවත් මා සිතු ආකාරයට මෙහි තිබෙන්නේ 90 දශකයේ හඳගම අතින් නිර්මාණය වූ චිත්‍රපටිය පමණක් නොවේ. ඒ වෙනුවට මෙයට අලුත් රූපරාමුද එකතු කර තිබේ. එහිදී අපට 90 දුටු චරිතම දශක තුනකට පමණ පසුව නැවත මුණ ගැසෙයි. එමගින් 90 දශකයේදී හඳගම තීරණය කළ ආඛ්‍යානය වෙනස් වී තිබෙනා බව පැහැදිලි වෙයි. එනිසාම මෙහිදී දශක තුනකින් වෙන්ව ඇති මේ ඉදිරිපත් කිරීම් දෙකෙහි වෙනසද ඉතා තියුණු ලෙස කැපී පෙනෙයි. තවදුරටත් හඳගම අපට සමාජ සිතීමේ සිදුව ඇති දැවැන්ත පරිවර්තනයක් කලාත්මක සිතීමක් ලෙස ඉදිරිපත් කරන්නේ නැත. 90 දශකයේදී ඉතිහාසයේ අනිවාර්යයතාවය බිඳ වැටී ලිංගිකත්වය, ප්‍රේමය ආදී නව සංවාද කරලියට ආ ආකාරය වෙනුවට මෙහි තිබෙන්නේ මේ ආණ්ඩුවට 'එක්ස්පීරියන්ස් මදි' කියන මේ කාලයේ ආණ්ඩුවට එරෙහි අය විසින් එල්ල කරන මතුපිට තලයේ සරල චෝදනාව පමණි.

මෙහිදී අප විසඳාගත යුතු ප්‍රශ්න වන්නේ මේවාය: මින් අදහස් වන්නේ 90 දශකයේ සිදු වූ ලෙස වර්තමානයේ එවැනි ගැඹුරු බුද්ධිමය පරිවර්තනයක් අපේ රටේ සිදුවෙමින් නොමැති වනවා යන්නද? හඳගම එය මෙසේ හඳුන්වන්නේ ඒ නිසාද? එසේත් නැතිනම් මේ තිබෙන්නේ තරුණ හඳගමට හොඳින් ගෝචර වූ එවැනි නව බුද්ධිමය යුගයක උදාව වැඩිමහළු හඳගමගේ රේඩාවට හසු නොවීමද?

දේශපාලනිකව විසඳා ගත යුතු ප්‍රශ්නය මෙයයි. චිත්‍රපටිය ගැන සංවාදය වර්ධනය වූ විට මේ ගැන මගේ විස්තරාත්මක අදහසක් කියමි.

අශෝක හඳගමගේ 90 දශකයේ නිර්මාණයක් පළමු වරට දැන් බලන්න හැකි වීම ඓතිහාසික අත්දැකීමකි. එය මග හැර නොගන්න.”

(සටහන | Vangeesa Sumanasekara)

උපුටා ගැනීම - Asoka Handagama ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...