BREAKING
Top Ad
Opinion

අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon

T

The Leader Desk

April 19, 2025 • 8:52 AM

අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති ගැන අවධානය යොමුකරන අය දන්න විදිහට මේ දිනවල ලෝකයේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත්තේ ඇමරිකානු වෙළද ප්‍රතිපත්තිය මගින් ඇතිවෙමින් පවතින ගෝලීය අර්බූදයන් විග්‍රහකිරීම සදහා වන බව පැහැදිළිය.
  •  ට්‍රම්ප් ගෙන් ලෝකයට ලැබණු දින 90ක සහන කාලය තුල ඇමරිකාව සමග යම් ආකාරයක ද්විපාර්ශවීය ගිවිසුමකට එළඹීමට හෝ අපනයන කලාප විවිධාංගීකරණයට ලෝකයේ බොහෝ රටවල්, රාජ්‍ය කලාප කඩිනමින් ක්‍රියාකරනු පෙනෙයි.
  •   ලෝකය සම්බන්ධ දේශපාලනය යනු රාජ්‍යයන් සතු බලය පිලිබද ගැටලුවම බව සමහරු කීවත් අප එය බලය පිළිබද ගැටලුව විවිධ ආකාරයෙන් ප්‍රකාශවීම හා එම ගැටලු හැකි උපරිම යහපත් ආකාරයෙන් විසදාගැනීමට දරන ප්‍රයත්නයන් වශයෙන් දකිමු.
  • එසේම තාක්ෂණය, ප්‍රවාහනය, වෙළදාම, හරහා ලෝකය වඩාත් ලංවී, ගෝලීය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාව ද දැනට සතියකට උඩදී පක්ෂ විපක්ෂ සියලූ දෙනාම ඒගැන කතාකළත් අවුරුදු සමයෙන් පසු දේශපාලන පොරපිටිය නැවත මැතිවරණ තරගය සහ ආගමික භක්තිය පෙන්වීම දෙසට යොමුවී ඇත.

 ට්‍රම්ප් ගෙන් ලෝකයට ලැබණු දින 90ක සහන කාලය තුල ඇමරිකාව සමග යම් ආකාරයක ද්විපාර්ශවීය ගිවිසුමකට එළඹීමට හෝ අපනයන කලාප විවිධාංගීකරණයට ලෝකයේ බොහෝ රටවල්, රාජ්‍ය කලාප කඩිනමින් ක්‍රියාකරනු පෙනෙයි. ලංකාව කරමින් සිටින්නේ කුමක්ද?

 



ලෝකය සම්බන්ධ දේශපාලනය යනු රාජ්‍යයන් සතු බලය පිලිබද ගැටලුවම බව සමහරු කීවත් අප එය බලය පිළිබද ගැටලුව විවිධ ආකාරයෙන් ප්‍රකාශවීම හා එම ගැටලු හැකි උපරිම යහපත් ආකාරයෙන් විසදාගැනීමට දරන ප්‍රයත්නයන් වශයෙන් දකිමු. මන්ද 20වන සියවස කොතරම් ජාත්‍යන්තර මට්ටමේ යුද්ධ ගණනාවක් දුටුවත් එය මානව ඉතිහාසයේ අතිශය සුවිශේෂීම කාලය වන්නේ ලෝක අර්බූද පිළිබද සාකච්ඡා වට අවශ්‍ය කරන බහුපාර්ෂවීය සංවිධාන සහිත ලෝක පර්යායක් බිහිකොට තිබීමයි. 

සරලවම යුද්ධය යනු රාජ්‍යයන් විසින් පොදුවේ බැහැර කරන තත්වයකි. එජාසං, ජා.මූ.අරමු, ලෝක බැංකුව, වෙළද සංවිධානය, සේම මානව ‌‌‌අයිතීන්...ආදී ඕනෑම ජාත්‍යන්තර ගැටලුවක් සාකච්ඡා කිරීමේ දැවැන්ත ලෝක සංවිධාන ජාලයක් තිබේ. එසේම තාක්ෂණය, ප්‍රවාහනය, වෙළදාම, හරහා ලෝකය වඩාත් ලංවී, ගෝලීය වී ඇත. ජාත්‍යන්තර සමාජවාදී දේශපාලනය වෙනුවට නව ලිබරල් වෙළදපොළ වෙත රාජ්‍යයන් හුරුවී ඇත. ලෝකය විසිවෙනි සියවසේ මැද සිට මේතාක් යම් අර්බූදයක් සහිතව වුවත් ඉදිරියට පැමිණ ඇත්තේ සාමකාමීත්වයට ගරුකරමිනි.


නමුත් වත්මන් දේශපාලන මොහොත තුළ විදාරණය වෙමින් පවතින අර්බූදවල ස්වභාවය විසින් එය නැවතත් 19 සියවස කරා ලෝකය ආපසු ඇද දමනාවක් වැනි බියක් අපට ඇතිවෙමින් තිබේ.

 


1990න් පසු සමාජවාදී කදවුරේ බිදවැටීම සහ ඇමරිකාවේ ඒකපාර්ශවීය නැග්මතුලින් බිහිවුණ බලරටාව දශකයක් යන විට චීනය විසින් වෙනස් කරන බවට සංඥාවුණි. දෙදහසින් පසු චීනය සහ ඇමරිකාව ‌‌‌අතර පවතින්නේ දිග්ගැහෙන ‌‌‌අර්බූදයක්ය යන මතය ජාත්‍යන්තර විශ්ලේෂණවල ක්‍රමයෙන් ස්ථාපිතවිය. චීනය සැරසෙන්නේ ඇමරිකාව ‌‌‌අභිබවා ගොස් ලෝක බලවතා වීමට බව ‌‌‌අදහන ගුරුකුළයක් නිර්මාණය වීණි. නමුත් චීනය 'සාමකාමී ලෙස ඉහලට නගිමින්ද' ඇමරිකාව ඇතුළු කළාපය සාපේක්ෂව කඩා වැටෙම්න්ද පැවතුණු බව තව මතයකි.

 කොහොමත් අද ‌‌‌අප දකින්නේ ලෝක බල රටාව තුල චීනය සහ ඇමරිකාව පමණක් ප්‍රමුඛවන තත්වයක් නොව බහුවිධ බලවතුන් කිහිපයකගේ සමාන්තර නැග්මකි. නැතිනම් ලෝකයේ බලය බෙදීයාම තුළ පැහැදිළි වෙනසක් සිදුවෙමින් පවතී. එහිදී චීනය, රුසියාව, ඉන්දියාව, යුරෝපය, සේම වෙනත් රාජ්‍ය කලාප කිහිපයක් අතරවන ආර්ථික සහ යුදමය බලය සදහා වන තරගය උස්සන්න වී ඇත.

මෙහිදී ලෝක ධනවාදී කඳවුරේ සිටි ප්‍රබලයා වන ඇමරිකාව ලෝකය ගමන් කරමින් සිටින දිශාව තම රාජ්‍යයේ සහ එය සතු ගෝලීය ආධිපත්‍යයේ බහින කලාවේ දිශාව දෙසට බව කලක පටන් අවබෝධකර ගනිමින් සිටී. නමුත් තමන් වෙතින් සාපේක්ෂව ගිළිහෙන බලය ආපසු ලබාගැනීමට පැහැදිළි උපායක් එය සතුනොවුණි. ඒ අතර චීනය තම ග්‍රහණය ලෝක ආර්ථිකයට දනවමින් සිටී.

donald trump2

ඇමරිකාවම දියත්කළ නව ආර්ථික පර්යාය තුළ ලිබරල් නොවන කලාපයක් බලවත් වෙමින් ඇත. ඇමරිකාව සතුව අනෙකුත් බලවතුන් මෙහෙයවා ගැනීමේ බලය ක්‍රමයෙන් පිරිහී ඇත. එම නිසා ඇමරිකාව නැවත මහ බලවතෙක් ලෙස නැගීසිටීමට ට්‍රම්ප් හරහා තීරණය කර ඇත.

දියත්වෙමින් ඇත්තේ ඇමරිකානු ආධිපත්‍ය සදහාවන ජාතික සටනකි. එහි මූලික උපාය "අන්දමන්ද කිරීමයි". ට්‍රම්ප්ට උමතුවක් නැත, ඔහු‌ ඉතා සව්ඥාණකව ගෝලීය ‌‌‌අර්බූදයක් ඇතිකර තිබේ. මන්ද මෙතෙක් පැවති සාමකාමී නව ලිබරල් රටාව තුළ චීනය, රුසියාව හෝ ඉන්දියාව ඉදිරියට යන ‌‌‌අතර එය ඇමරිකානු බලය සොළවා ඇත. එවන් ලෝක වෙළදපළක් ඇමරිකාවට නඩත්තු කිරීමට ‌‌‌අවශ්‍යද? යන පැනය මතුව ඇත.

190509111247 20190509 donald trump xi jinping gfx

සමාන වෙළදවාසියක් හෝ ඉන් අඩක්වත් ‌‌‌අවශ්‍යබව ට්‍රම්ප් කියයි. චීනය සමග වෙළද යුද්ධය හරහා චීනයේ වත්මන් උපාය අර්බූදයට යවා ඇත. එකට නැසෙමු යන‌ නැතිනම් තනිතනිව නැවත හැදෙමු, යනු ට්‍රම්ප් ධර්මය බව පෙනෙයි. ට්‍රම්ප් පැහැදිළිවම බලන්නේ චීනය මත ගෝලීය රටාව පවත්වාගැනීමේ වියදම පටවා තම රටේ වියදම් කපා දැමීමටය. ඇමරිකානුවන්ට තම ඊගොයිස්ටිකය ට්‍රම්ප් මතක් කරදෙමින් සිටියි.

නමුත් ප්‍රශ්නය සැබෑවටම එන්නේ කුඩාම රටවලටය. මන්ද අලි ඇතුන් සටන් කරන තැන තණකොල තැළෙන බැවිණි.

අප කළයුත්තේ මෝදි සමග යාමද? චීනයට යාමද? ජවිපෙ මධ්‍යමකාරක සභාව දළදා වන්දනයෙන් පසු මේ මාතෘකාවට එළඹෙනු ඇති.....

athulasiri samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon | The Leader