ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින ලක්ෂණය වන්නේ එය සත්‍ය වෙනුවෙන් කැපවෙන දර්ශනයකට වඩා බල ව්‍යාපෘති වෙත යම් මානුෂවාදී ස්වභාවයක් ගෙන එන්නක්, එනම් බල තරගය අවම ප්‍රචණ්ඩත්වයක් තුළ සිදුවීමට ඉඩ සලසන බහුතර බලය සංවිධානයට සහ එයට ඉඩ දෙන ක්‍රමයක් වීමය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සත්‍ය සහ විමුක්තිය වෙත නොනැමුණු බලවේග වැඩිවන විට බල තරගය ආචාරධාර්මික නොවීමට ඉඩ තිබෙන අතර, එහි සත්‍ය වන්නේ වඩාත් උස් හඩ හෝ මහා ජන බලයයි. අනුරගේ ජන බලවේගය සහ නාමල්ගේ මහා ජන හඩ අතර පවතින වෙනස අපට මේ අනුව සළකුණු කළ හැක. එනම්, එය වඩාත් බලය දෙසට පමණක් නැඹුරු වූ බලවේගයක් (නාමල්) සහ බලය සහ සත්‍ය, සහ විමුක්තිය දෙසට නැඹුරු වූ බලවේගයක් (අනුර) අතර වෙනස වශයෙනි.
නමුත් එම බලවේග දෙකම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර, බලය වෙනුවෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව භාවිතා කරන අය ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය හකුළන අතර එයට සත්‍ය සහ විමුක්ති මානය එකතු කරන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පෘථුල සහ මානූෂීය කරයි. නමුත් කෙටිකාලීනව මෙම ව්‍යාපෘති වර්ග දෙකම දිගින් දිගටම ජනතාව ඥානණය කිරීම හෝ මොබිලයිස් කිරීම හරහා තම ව්‍යාපාර වෙත තදින් බැද නොතබාගත හොත් ඒවායේ තත්‍යමය බලය ගිළිහෙයි. රාජපක්ෂ වික්‍රමසිංහ බල ව්‍යාපෘති වරක් පරාජය වී අනුර දිසානායකගේ සත්‍ය සහ විමුක්තිය වෙතද බරවූ බල ව්‍යාපෘතිය ජයගත්තේ එවැනි තත්ත්වයක් තුළදීය.
අද නැවත අනුර දිසානායකගේ ප්‍රගතිශීලී බල ව්‍යාපෘතිය යම් පසු බෑමකට ලක්වෙමින් පවතී. (එය එසේ සිදුවන්නේ ඇයි දැයි වටහා ගැනීමට තරම් විවේක බුද්ධියක් එහි නායකත්වය වෙත පැවතිය යුතුය). එක අතකට එය එම ව්‍යාපෘතියේ ස්වභාවය අභ්‍යන්තරීකරණය internalise කරගැනීමට එහි බහුතර නායකයන්ට නොහැකිවීම නිසා සිදුවන්නක් විය හැක. මන්ද ජාජබය ට මග පෙන්වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී දෘෂ්ටිය හරහා බලයට පත්වූ සභිකයන් ට සහ එම නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයෝජ්‍යතාවාදී දර්ශනයකට අනුගත වීමට ආර්ථික ව්‍යූහය සහ IMF ප්‍රතිසංස්කරණ හරහා බල කිරීම එයට හේතුව යි. ජාජබය තම සත්‍ය සහ විමුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය වෙනුවට ආර්ථික අවපාතයෙන් ධනවාදී පද්ධතිය කඩාවැටීම වැලැක්වීම වෙනුවෙන් කැපවී ඇත. එය අතිශය යථාර්ථවාදී ක්‍රියාවකි. නමුත් ජනතාව වෙනුවට රාජ්‍යයේ ස්ථාවර භාවය තෝරා ගැනීමට එයට බල කෙරිණි. එය ව්‍යූහාත්මක තෙරපුමක ප්‍රතිපලයකි.
එම තත්වය සාකච්ඡා කරගැනීමට ප්‍රමාණාත්මකව විමුක්තිකාමී ව්‍යාපෘතිය නැතිනම් එහි නියෝජිකත්වය agency දායක කර නොගැනීම ගැන ගැඹූරින් සිතා බැලිය යුතුය.

කෙසේනමුත් අද වන විට නැවත තම විමුක්තිය සහ සත්‍ය වෙත නැමුණු ප්‍රතිපත්ති වෙත ජාජබ වහා නැඹුරු විය යුතුව තිබේ. ආර්ථික පීඩනයෙන් බැටකන සාතිශය බහුතරයක් එයින් මුදවා ගැනීමට අවශ්‍ය දැවැන්ත ශක්තියක් මුදාහල යුතූව තිබේ. එහිදී තාවකාලික සුවය පසෙක ලා නැවත වඩාත් තදාත්මිකව ජනතාවට සේවය කරන දේශපාලන බලයක් බවට ජාජබය පත්විය යුතු අතර, ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සමග බල තරගයට නතුව තම විමුක්තිකාමී ජීව ගුණය නැතිකර නොගත යුතුය. නාමල් සමග හෝ වෙනත් විපක්ෂය ක් සමග තරගයට බලය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ප්‍රවේශයන් මතුපිටින් ටච් කිරීමට වඩා ගැඹුරින් නැවත පොදු ජනයා සමග දේශපාලනය තෝරාගත යුතුව තිබේ.
එසේම වටගල, වසන්ත ආදී නම් වලින් අද සංඥාවන අර්ථ විමුක්තියට වඩා පාරිභෝගික අර්චනකාමය පිළිබද වූවක් බවද කිවයුතුය. එය එම බලය විසින් ම ගොඩ නැගූ විමුක්තිය පිළිබඳ මහා සංඥාවට master signifier පටහැනි එකකි...
සමහර විට තවමත් නුගේගොඩ රැළිය බල දේශපාලනය තුළ ආණ්ඩුවට වාසි සහගත වන්නේ එය විපක්ෂයේ ප්‍රධාන තූළ ඇති කළ ගැඹුරු බෙදීමක් පළමු ව සළකුණු කරන බැවිනි.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




