BREAKING
Top Ad
Opinion

මුදුන් මුලට සහ ශක්තියට පහර දෙන්නෙ කව්ද? | Athulasiri Samarakoon

T

The Leader

February 22, 2026 • 3:13 AM

මුදුන් මුලට සහ ශක්තියට පහර දෙන්නෙ කව්ද? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමල් වීරවංස පවසන ආකාරයට වත්මන් ආණ්ඩුව සංඝයා කෙරෙහි දක්වන ගෞරවය සංග සමුළුව විවේචනය කරන ආකාරය අනුව පැහැදිලි වෙයි.
  • විමල් වීරවංශ උත්සාහ කරන්නේ ආණ්ඩුව බෞද්ධ සභ්‍යත්වය නමින් ඔහු වටහාගෙන ඇති සත්‍යය යට එරෙහි සංසිද්ධියක් බව ඒත්තු ගැන්වීමට ය.
  • විශේෂයෙන්ම එජාප, සජබ, පොජපෙ, ජානිපෙ ආදී පක්ෂ සමග ළගින්ම කටයුතු කරන හිමියරුන් එම සමුළුවට බැතිබර සහභාගීත්වය ලබා දුන් බව පෙනෙයි.
  • නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය ගුණාත්මකව වෙනස් කර එහි බහුතරයේ ක්‍රෑරත්වය සමනය කිරීමට එම සමුළුව දක්වන දායකත්වය නම් අවම බව කිව යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):


සංඝ සමුළුව දේශපාලනික නොවන නමුත් ශාසනික අර්ථයක් පමණක් පැවති එකක් බව එය සංවිධානය කළ අය පැවසුවත් සාමාන්‍ය ජනතාව සිතන්නේ එය විපක්ෂය විසින් සංවිධානය කළ දෙයක් වශයෙනි.

විමල් වීරවංශ උත්සාහ කරන්නේ ආණ්ඩුව බෞද්ධ සභ්‍යත්වය නමින් ඔහු වටහාගෙන ඇති සත්‍යය යට එරෙහි සංසිද්ධියක් බව ඒත්තු ගැන්වීමට ය. නමුත් සත්‍ය කුමක් ද? විපක්ෂය සහ ආණ්ඩුව බෞද්ධ බලවේගය සමග දක්වන සබඳතාව අනුව එහි අනාගත දේශපාලන බලය තීරණය විය හැකිද?

කෙසේනමුත් විපක්ෂයේ සම්පූර්ණ අනුග්‍රහ සංඝ සම්මේලනයට ලැබුණු අතර එයට සම්බන්ධ වූ බොහෝ භික්ෂූන් වහන්සේලා දේශපාලන පක්ෂ වල ඉදිරි පෙළ ක්‍රියාධරයන් හෝ අනූශාසකයන් හෝ සමාජ ව්‍යාපාරවල නිරත පිරිසකි. විශේෂයෙන්ම එජාප, සජබ, පොජපෙ, ජානිපෙ ආදී පක්ෂ සමග ළගින්ම කටයුතු කරන හිමියරුන් එම සමුළුවට බැතිබර සහභාගීත්වය ලබා දුන් බව පෙනෙයි. එය දේශපාලනික වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ය.

 

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය ශක්තිමත් කිරීමට එය ද දායක වෙයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය ගුණාත්මකව වෙනස් කර එහි බහුතරයේ ක්‍රෑරත්වය සමනය කිරීමට එම සමුළුව දක්වන දායකත්වය නම් අවම බව කිව යුතුය. මන්ද එම සමුළුව බොහෝ ආකාරවලින් සිංහල බෞද්ධයාට පමණක් ලංකාව අයිති බවත්, දෙමළාට හෝ මුස්ලිම් ජාතිකයන්ට සිංහලයන්ට නැති ප්‍රශ්නයක් නැතිබවත්, එනයින් බලය බෙදීම, සුළු ජන අයිතීන් පිලිගැනීම, විධායකය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අනවශ්‍ය බවත් පවසයි.

එසේම එම සමුළුව ස්ත්‍රී විරෝධී, අනෙකුත් ලිංගික අයිතිවාසිකම් වලට විරුද්ධ එකක් බවද පැහැදිලිය. නවීන මිනිස් අයිතිවාසිකම් වලට පටහැනිව කළ අදහස් දැක්වීම් එම සමුළුව ඇමතූ ස්වාමීන් වහන්සේ විසින් වදාරා ඇත. එසේම එම සමුළුව ආණ්ඩුවට අනතුරු ඇගවුයේ ස්වාමීන් වහන්සේලා විවේචනය කිරීම නවතන ලෙසයි. විශේෂයෙන්ම ලාල් කාන්තගේ මිහින්තලේ ප්‍රකාශයට එරෙහිව ස්වාමීන් වහන්සේ විසින් ද්වේශයක් ඇතිකොට ගෙන පවතින බව පෙනෙයි.

 

අනෙක් අතට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදිය තවමත් උන්වහන්සේලාට දුරවබෝධ බවත් ඒවා සංකර, සම්ප්‍රදාය විරුද්ධ ඒවා වශයෙන් සිතන බවත් පෙනී යයි. අනෙක් අතට වත්මන් ආණ්ඩුව ඉන්දියාවට, ඇමරිකාවට, බටහිරට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දක්වන සබඳතාව වැරදි එකක් බවට වන අදහස් ද පල කෙරින. විශේෂයෙන්ම එට්කා, සෝෆා ආදිය ගැන වත්මන් ආණ්ඩුව ට බැණ වැදුණේ ද වෙයි. නමුත් ඒවා ඇත්තටම රාජපක්ෂ සහ වික්‍රමසිංහ ප්‍රතිපත්ති බව උන්වහන්සේ විසින් ප්‍රකාශ නොකෙරිණි.

කෙටියෙන්, සංඝ සමුළුව යනු දේශපාලනික සම්මන්ත්‍රණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගුණාත්මකව වර්ධනය කරන එකකට වඩා ජාතිකවාදී, වර්ගවාදී බෞද්ධමය එකකි. එය මධ්‍යම ප්‍රතිපදාවට වඩා ජාතිවාදී, ආගම්වාදී අන්තවාදයට පක්ෂය. එය චිරාගත රාජ්‍ය ආකෘතිය යනු යම් ස්ථාවර දෙයක් වන බවත් එය පශ්චාත් යටත්විජිත භාවිතාවක ප්‍රතිපලයක් බවත් හදුනාගෙන නැත. එයට අවශ්‍ය ඒ පූර්ව නූතන රාජ්‍යයට පසුබැසීමටය.

634913035 1362664822540768 9157562220743968081 n

 

නමුත් එය වත්මන් ආණ්ඩුවට ද්වේශයෙන් කළ සමුළුවක් බව සමහර අය කියතත්, වඩාත් සත්‍ය විය හැක්කේ එය ජාතිකවාදී විපක්ෂය විසින් ඉහළින් අනුග්‍රහය දක්වන ලද, මෙරට වර්ගවාදී බෞද්ධ ව්‍යාපාරික සහ දේශපාලන ප්‍රභූ පන්තියේ ව්‍යාපෘතියක් බවය. නමුත් එය සරලව වටහා නොගෙන එහි පණිවිඩය ගැඹුරින් කියවා ආණ්ඩුව සිය බලය ආරක්ෂා කරගැනීමට කටයුතු කලයුතු බව අපගේ සිතීමයි.

අනෙක් අතට ආණ්ඩුව යනු බෞද්ධ විරෝධී හෝ සුළු ජනවාදී හෝ සමලිංගිකවාදී වන බවට වන චෝදනා ව්‍යාජ වෙයි. මන්ද මේ ආණ්ඩුව මා දකින ලෙස ඉතිහාසයේ පහළවූ වඩාත් ම ගැඹුරු සිංහල බෞද්ධ ආණ්ඩුවකි. එය බලය බෙදීමට පක්ෂ නැත. එය විධායකය අහෝසි නොකරයි. එය සමලිංගික අයිතීන් නීතිගත කර නැත. නමුත් එය වඩාත් මධ්‍යස්ථ වෙයි. පොහොට්ටුව අන්ත බෞද්ධවාදී වන විට වත්මන් ආණ්ඩුව මධ්‍යස්ථ බෞද්ධවාදී සහ ජාතිකවාදී ස්ථාවරයක් ගනී. හාමුදුරුවෝ අන්ත ලෙස ඉන්දියානු විරෝධී වන විට වත්මන් ආණ්ඩුව මධ්‍යස්ථ ලෙස ඉන්දියාව සමග කටයුතු කරයි.

එනයින් ආණ්ඩුවට ගහන හංවඩුව වලංගු එකක් නොවෙයි. එය ඇත්තටම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම්, එනම් බලය බෙදීම, ලෞකික රාජ්‍ය නිර්මාණය, සමලිංගික අයිතීන් පිලිගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය තුළ බහුතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පරිවර්තනය කිරීම.....අප ආණ්ඩුවට පක්ෂපාතී විය යුතුය.

නමුත් ස්වාමීන් වහන්සේ සහ වීරවංශ කොහොම කීවත් අපට ලැබී ඇත්තේ හොදම වර්ගයේ බෞද්ධ ආණ්ඩුවකි. එය අමරසේකරගේ සභ්‍යත්වය රාජ්‍ය ගොඩනැගීමට ඇති හොදම තේරීම යි....අප එයට විරුද්ධ වන්නේ එය විශ්වීය මනුෂ්‍යත්වයට පටහැනි බැවින් මිස දෙමළ ජනයාට සමහර අවම අයිතීන් ලබා දීමට කටයුතු කරන නිසා නොවෙයි.

Photo of Athulasiri Kumara Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...