BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රේමයේ සදාකාලික පොරොන්දුව ගැන කියන 'beautiful in white' ගීතය

T

The Leader

August 13, 2025 • 12:19 AM

ප්‍රේමයේ සදාකාලික පොරොන්දුව ගැන කියන 'beautiful in white' ගීතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෂේන් ෆිලානේ ගේ බියුටිෆුල් ඉන් වයිට් ගීතය විවහා උත්සවවල දී ගායනා කරන අපුර්ව සුන්දරත්වයකින් හෙබි ගීතයකි. ශ්‍රාවකයන්ගේ හදවත් තුළ සුවිශේෂී ස්ථානයක් මෙම ගීතයට ලැබී ඇත.
  • ඒ තුළින් ඔවුන්ගේ අපේක්ෂාව පිළිබඳ දැනෙන මෘදු බව, පිරිසිදු බව ශ්‍රාවකයාට හැඟී යන්නේ චමත්කාරජනක හැඟීමක් ඇති කරමිනි.
  • ප්‍රේමයේ උණුසුම් බව සහ අව්‍යාජත්වය මෙම පද මාලාව ශ්‍රවකයාව විශ්මයජනක මොහොතකට සිතින් කැඳවාගෙන යන අතර එම අවස්ථාව චිත්තරුපයක් ලෙසින් මනසේ චිත්‍රණය කර ගනී.
  • එය තම ආත්ම සහකරු හෝ සහකාරිය සොයා ගැනීම පිළිබඳව විශ්වීය හැඟීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මංගල දිනයකදී දැනෙන චිත්තාවකර්ෂණීය හැඟීම පරිපුර්ණවන ආකාරය මෙන්ම ඔවුන්ගේ හැඟීම්වල මෘදු බව මොනවට ඔප්නංවන ගීතයක් ලෙස ද බියුටිෆුල් ඉන් වයිට් ගීතය හඳුන්වා දිය හැකි ය. ඒ තුළින් ඔවුන්ගේ අපේක්ෂාව පිළිබඳ දැනෙන මෘදු බව, පිරිසිදු බව ශ්‍රාවකයාට හැඟී යන්නේ චමත්කාරජනක හැඟීමක් ඇති කරමිනි.

ඔබට විශ්වාස නැතත්...

මෙම ගීතය ඉතා ගැඹුරු, සංවේදී සේම අරුත්බර ගීතයකි. මුළු ගීතය පුරාවටම ගැබ්වෙන්නේ අවංකභාවය සහ ජිවිතේ සරල භාවයයි. සැවන් කොටෙචා සහ ආන්තෝර් බර්ගිසන් විසින් රචනා කරන ලද මෙම සොඳුරු පද රචනය, මනාලයෙකු තම මනාලිය ඇගේ මංගල ඇඳුමෙන් දකින ගැඹුරු මොහොත පිළිබඳව සිදු කෙරෙන ආමන්ත්‍රණයකි.

inistar ainiseuta beautiful white 0 3

Not sure if you know this, but when we first met
I got so nervous, I couldn't speak
In that very moment, I found the one, and
My life had found its missing piece

ඔබ මෙය දන්නවාදැයි විශ්වාස නැත, නමුත් අපි මුලින්ම මුණගැසුණු විට,
මම ඉතා කලබලයට පත් විය,
මට කතා කිරීමට නොහැකි විය,
ඒ මොහොතේ ම, මම සොයා ගත්තා,
මගේ ජීවිතයේ අතුරුදන් වූ කොටස සොයා ගත්තා.

ප්‍රේමයේ උණුසුම් බව සහ අව්‍යාජත්වය

මෙම පද මාලාව ශ්‍රවකයාව විශ්මයජනක මොහොතකට සිතින් කැඳවාගෙන යන අතර එම අවස්ථාව චිත්තරුපයක් ලෙසින් මනසේ චිත්‍රණය කර ගනී. එය තම ආත්ම සහකරු හෝ සහකාරිය සොයා ගැනීම පිළිබඳව විශ්වීය හැඟීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරයි. එය අලංකාරව හැඟුම්බරව අසන්නාගේ හදවත ස්පර්ශ කරවන්නකි. ෂේන් විලන්ගේ ගායනය විශිෂ්ට ය. ඔහුගේ සුමට හැඟුම්බර ගායනය අසන්නාගේ හදවත තුළ අපුර්ව ආකාරයෙන් ලැඟුම් ගනී. මෙම ගායනයේ සෑම වචනයක් පාසා ම ප්‍රේමයේ උණුසුම් බව සහ අව්‍යාජ බව අපට දැනේ.

 

So as long as I live I love you
Will have and hold you
You look so beautiful in white
And from now 'til my very last breath
This day I'll cherish
You look so beautiful in white, tonight

ඉතින්... මම ජීවත්ව සිටින තාක් ඔබට ආදරය කරමි.
ඔබව ජීවිතය තුළ රඳවා ගනිමි.
සුදු පැහයට ඔබ ඉතාමත් සුන්දර ය.
මේ මොහොතේ සිට මගේ අවසාන හුස්ම හෙළන තුරු ම
ඔබව ආදරයෙන් රැක බලා ගන්නෙමි.
අද රාත්‍රියේ සුදු පැහැයෙන් සිටින ඔබ
ඉතාමත් සුන්දරය...

මෙහිදී ඔහු ඉතාමත් අව්‍යාජ සහ ප්‍රේමණිය විලසින් තම සහකාරියට පොරොන්දුවක් ගෙන එයි. ඒ තුළ අපට දැනෙන ආදරය, සෙනෙහස සහ ඔහු සතු කැපවීම මෙන්ම වගකීම ඉතාමත් අව්‍යාජය. ඒ ඔස්සේ හදවතින් ඔහු තම ප්‍රේක්ෂකයින් සමගින් හර්දයාංගමව බැඳේ. මෙම ගීතයේ හරය මෙය යි.

කොන්දේසි විරහිත ප්‍රේමයකින් සදාකාලිකව බැඳෙන ප්‍රේමවන්තයින් ගේ ජීවිතය ගැන මින් අදහස් වේ. ජීවත්ව සිටින තාක් දෙන පොරොන්දුව ඔවුන්ට විවහා ජීවිතයේ දී කිරීමට සිදුවන කැපකිරීම්, ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග ජිවන ගමනේ දී සිදුවන වෙනස් වීම් කුමක් වුවත් ඔවුන්ගේ ප්‍රේමය එක ලෙසින් පැවතිය යුතු බව මින් සංකේතවත් කරයි. සම්ප්‍රදායික කුටුම්භයේ දී ඇතිවන ලක්ෂණයක් මෙයින් විද්‍යමාන වේ. ඔවුන්ගේ භෞතික පැවැත්ම, චිත්තවෙගීයව ඔවුනොවුනතර ඇතිවිය යුතු සහයෝගිත්වය ජීවිතය බෙදාගැනීම පිළිබඳව ඔවුනොවුන්ට වන පොරොන්දුවකි.

ප්‍රේමයේ නිරපේක්ෂ බව

 

to have to hold 1
have and hold යන්නෙන් හිමිකම පමණක්ම නොව සැනසීම, ආරක්ෂාව, සෙනෙහස සහ ඔවුනොවුන්ගේ ප්‍රේමයේ පැවැත්ම සාක්ෂාත් කරයි. විධිමත්භාවයෙන් ඔබ්බට ගිය මෙම බැඳීම ජීවිතය බෙදා ගැනීමේදී ඇතිවන ගැඹුරු සම්බන්ධතාවය ගම්‍යමාන වේ.

"You look so beautiful in white"

brige

සුදු යනු පරිශුද්ධත්වයේ සලකුණයි.නැවුම් ආරම්භයක් මෙන්ම සම්ප්‍රදායන් සංකේතවත් කරයි. සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටින ඇයව ඔහු විසින් සෞන්දර්යාත්මකව සහ විශ්මය ජනක අයුරින් දකියි. අගය කරයි. සුදු පැහැයෙන් සැරසුණු මනාලියකගේ ප්‍රතිරූපය තරුණියකගේ ජීවිත කාලය පුරා ම පවතින සිහිනයක කූටප්‍රාප්තිය යි. ඇයගේ සියලු අපේක්ෂා ඉක්මවා ගොස් එම සිහිනය යථාර්ථයක් බවට පත්වීමේ හැඟීම ග්‍රහණය කරයි. එය හුදෙක් ශාරීරිකව දක්නට ලැබෙන සුන්දරත්වයක් නොව ඒ මොහොතේ මනමාලියගෙන් විද්‍යමාන වන සුන්දරත්වය යි. ඇයගේ මුහුණෙන් විදහාපාන හැඟීම් සමුදාය නිසාම ඇය වෙනදාට වඩා විසල් සුන්දරත්වයකින් පෙනේ.

And from now 'til my very last breath"

මම ජීවත්ව සිටිනතාක් යන්නෙන් ජීවිතය පවතින අවසාන තත්පරය දක්වාම ඔහුව සහ අයව ඔවුනොවුන් විසින් රැකබලාගනිමින්, ශක්තිමත්ව සෙනෙහෙබරව මෙම ප්‍රේමය විඳින බව පෙන්වා දෙයි. එනම් ඔවුන්ගේ ප්‍රේමය සහ මෙම බන්ධනය මරණය පවා ඉක්මාවා යන්නක් බැවින් ගම්‍යමාන වේ.
මොවුන්ගේ නැවත හැරීමක් නැත.ඉන් ඔවුන්ගේ එකමුතුව, ස්ථිරසාර බව සහ ප්‍රේමයේ නිරපේක්ෂ බව විද්‍යමාන කරයි.

This day I'll cherish"

විවාහය යනු ජිවිතයේ තවත් සිහිනයක් ඉටුවන අමතක නොවන මතකයකි.ජිවිතයේ වටිනාම සංදිස්ථානයකි.සදාකාලිකව සිතෙහි සුන්දර මතකයක් ලෙසින් තබා ගත යුතු ප්‍රේමනීය සංකේතයකි. මෙය ජිවිතයේ තවත් එක් දිනයක් පමණක්ම නොව , ඔවුන් දෙදෙනාගේ මුළු අනාගතයම ගොඩ නැගීමේ පදනමයි.ඔවුන්ගේ ජිවිතයේ දෙවන උපතයි. ඔවුනොවුන්ව අගය කිරීම, ඔවුනොවුන්ගේ ගෞරවය රැකීම, සෑම දෙයකදීම එකිනෙකා අත්වැල්බ බැඳගනිමින් ජීවිතයේදී එකමුතුව සිටිය යුතු බව ගම්‍යමාන කරයි. මෙම දිනය සදාකාලික බැඳීමක හර්දයාංගම ආරම්භයකි.

 

catholic wedding ceremony
අසීමාන්තික විශ්වාසයේ පිළිබිඹුව

What we have is timeless, my love is endless
And with this ring, I say to the world
You're my every reason, you're all that I believe in
With all my heart, I mean every word.

අප සතු දේ සදාකාලිකයි, මගේ ආදරය නිමක් නොමැතියි
පැලඳි මෙම මුදුව සමගින් මම ලෝකයට ම පවසමි.
ඔබ මගේ සියළුම හේතුවයි,. මගේ මුළු විශ්වාසයයි.
මෙම සෑම වචනයක්ම මම මගේ හදවතින්ම පවසමි.

මේ ඔස්සේ විවහා වක්න දින සිට තම සහකරු හෝ සහකාරිය සමග ඇති කර ගන්නාවූ ගැඹුරුතම අධ්‍යාත්මික බැඳීම, සහ ඔවුනොවුන් කෙරෙහි ඇතිවන අසීමාන්තික විශ්වාසය පිළිබඳව විද්‍යමාන කරයි.

"What we have is timeless, my love is endless"

මෙහි ඇතුළත් වන කලානුරූපි යන්නෙන් ඔවුන් අතර ඇතිවන බැඳීමට නිශ්චිත කාලයක් නොමැති බවයි.එය සදාකාලික ව පැවතෙන්නක් බවයි. ආත්මගතව පැවතෙන්නාවූ සොඳුරුතම බන්ධනයක් බවයි. "නිමක් නැති" යන්නෙන් දිගු කාලයක් පවතින්නක් පමණක්ම නොව කිසිදිනක නිම නොවන්නාවූ ප්‍රේමයක් යන්න විද්‍යමාන කරන අපුරු වදනකි.එකිනෙකා කෙරෙහි සිතෙහි ඇතිවන බන්ධනය, සෙනෙහස, අපිරිමිත ගෞරවය සේම රැකවරණය හා පක්ෂපාතිත්වය මේ ඔස්සේ ගැබ්ව තිබෙන ආකාරය මොනවට පැහැදිලි කරයි.

මඟුල් මුද්දෙහි භෞතික සංකේතය

 

groom holds bride s hands where are two wedding rings 8353 10454
මෙහි දී දිව්‍යමය ප්‍රේමයක් විශ්වීය අයුරින් විද්‍යමාන කරන ආකාරය ඉතාමත් සුන්දරය. "පැලඳි මෙම මුදුව සමගින් මම ලෝකයටම පවසමි." මගුල් මුද්ද යනු ප්‍රේමයේ සහ විවාහයේ සදාකාලික පොරොන්දුවක සංකේතයයි. හැඟීම් සමුදායක ස්පර්ෂිත සංකේතයයි. "මම ලෝකයට කියමි" යන්නෙන් ඔවුන්ට පෞද්ගලික වූ ප්‍රේමයක් නොව ලෝකයටම මම ඔබ ගැන පවසමි.  

මෙහිදී ඔවුනොවුන්ට එකිනෙකාගෙන් බෙදී වෙන් වී සිටීමට නොහැකිය. ඔවුන් දෙදෙනෙක් නොව එක් ආත්මයකින් බැඳී පැවතෙන බව ආඩම්බරයෙන් ඔහු ලෝකයට ම පවසන බව අපුරුවට පෙන්වා දෙනු ලබයි. පොරොන්දුව දෙන්නේ නොසැලෙන දැඩි සිතිනි. මෙහි දී මෙම පොරොන්දුවේ බර ඔවුන් දෙදෙනාට ම අයිතිය. බාධක , කම්කටොළු කොතෙක් පැන නැගුන ද ඔවුන් එක ලෙසින් ශක්තිමත්ව සියලු දේටම මුහුණ දෙන බවට සිදු කරන පොරොන්දුවකි, එහි භෞතික සංකේතය මගුල් මුද්දයි.
"You're my every reason, you're all that I believe in"-මෙම සෑම වචනයක්ම මම මගේ හදවතින්ම පවසමි.

මගේ සෑම හේතුවක්ම ඔබයි. සහකරු හෝ සහකාරිය කථකයාගේ ජිවිතයේ ගන්නා තීරණ,අභිලාෂයන් මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ජිවිතයේ මුලික අභිප්‍රේරණයන් එක්තැන් කරන ගමක බලවේගය බවයි.තම ආදරණියයා නොමැතිව තමන්ට ඉදිරි ගමනක් හෝ දිශානතියක් නොමැති බවයි.

"You're all that I believe in"
 
happy couple best friends
ඔබ මගේ මුළු විශ්වාසයයි යන්නෙන් කථකයා විසින් තම සහකරුවා හෝ සහකරියව කොතරම් ගැඹුරින් විශ්වාස කරනවාද යන්න ගම්‍යමාන වේ. ඔහුගේ ලෝකය පිළිබඳ ඇති දැක්ම, ඔහු සතු වටිනාකම්, ඔහුගේ සියලුම ශක්තින්, ඔහුගේ දියුණුව, පැවැත්ම සේම ඔහුගේ අභිමානයත් ඇයව කේන්ද්‍රස්ථානය කරගෙන පවතින බව විද්‍යමාන වේ.

"With all my heart, I mean every word"-මෙම සෑම වචනයක්ම මම මගේ හදවතින්ම පවසමි.

මෙම වචන පෙළ කථිකගේ අවංකත්වය පිළිඹිබු කරයි.මේවා හිස් පොරොන්දු හෝ සැහැල්ලු වාක්‍ය ඛණ්ඩ නොවන බවත්, කථිකයාගේ පැවැත්මේ ගැඹුරුම හරයෙන්ම පැමිණෙන හැඟීම් බවත්අවධාරණය කරයි.

ප්‍රේමයේ සදාකාලික පොරොන්දුව
 
 


ජොහාන් පැචෙල්බෙල්ගේ "Canon in D" ගීතයෙන් ආභාෂය ලැබූ බව කියවෙන බියුටිෆුල් ඉන් වයිට් ගීතය ලොව වටා ප්‍රේක්ෂක ජනාදරය දිනු සුන්දර නිර්මාණයකි. විවාහයකදී දෙදෙනෙකු අතර හදවතේ උත්පාදනය වන හැඟුම් රැසක සුසංයෝජනයක් මේ ඔස්සේ ප්‍රේක්ෂක හදවත ආකර්ෂණය කර ගත් ආකාරය මනස්කාන්ත ය. පෙම්වතුන්ගේ හදවත් තුළ නිම්නාද වන සෑම ප්‍රේමනීය හැඟුමක්ම අප සිත තුළ ලැගුම් ගන්නේ නිරායාසයෙනි. එය විශ්වීය මෙන්ම අධ්‍යාත්මික විශ්වාසයකි.
 
 
Two lovers in a hug, in love.
පෙම්වතෙකුගේ අවංක ආදරය සහ සැබෑ ආදරය සොයා යන ගමනේ විශ්වීය සිහිනය මෙම පද ඔස්සේ අපට දැකගත හැකිය. නෙතට කඳුළකුත් , මුහුණට සිනාවක් සේම ගැඹුරු ප්‍රීතියක් ගෙන එන්නේ ආදරණියව සහ හර්දයාංගම විලාසයෙනි. මෙම ගීතය තරුණියකගේ ජිවිතයේ සුවිශේෂී ම දිනයක් වන මංගල දිනයේ සිට උදාවන සෑම දිනක ම ඇය සතු වන වගකීම්, කැපකිරීම් සේම සොඳුරු ජීවිතය කෙරෙහි ඇයට ලැබෙන සුවිසල් උපහාරයක් ලෙස දැක්විය හැකි ය. එය ප්‍රේමයේ සදාකාලික පොරොන්දුවකි.
"Beautiful in White" ගීතය හුදෙක් ගීතයක් පමණක්නොවේ, එය අසන්නන්ගේ වැළඳ ගැනීමකි. ගැඹුරු කැපවීමක් පිලිබඳ සංගීත නිරූපණයකි. කෙදිනක හෝ ආදරය කර ඇති ආදරය කරන්නට බලාපොරොත්තු වන සෑම කෙනෙකුගේම ජීවිතය සහ ප්‍රේමය සමගින් අනුනාද වේ. ගීතයේ ප්‍රතිභාව එහි විශ්වීය බව සහ චිත්තවේගීය හැඟුම් මත දිදුලයි. මෙහි සෑම වදනකින්ම ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය සෙවීමේ අව්‍යාජ හැඟීම මතු කර දක්වයි.


nilakshi
(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා

nilakshibandara0710@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...