BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බ්‍රයන් ඇඩම්ස් : දිව්‍යමය ආදරයේ මිනිස් පණිවිඩය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 28, 2023 • 10:15 AM

බ්‍රයන් ඇඩම්ස් : දිව්‍යමය ආදරයේ මිනිස් පණිවිඩය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ නම් දරාපු රොක් නිර්මාණකරුවන් හැමෝගෙම වගේ තිබ්බ සිහිනයක් තමයි
  • 1996 අවුරුද්දේ වෙම්බ්ලි ෂෝ එක වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ 80 දශකය අග වෙනකොට අතිශයින්ම ගෝලීය තරුණියන්ගේ සිත් ඇද බැඳ ගත්ත කැනේඩියානු රොක් ගායකයෙක් වෙච්ච බ්‍රයන් ඇඩම්ස්.
  • ඒ තමයි ගායකයා සහ ශ්‍රාවකයා කියන දෙන්න දෙන්නෙක් නොවී එක්කෙනෙක් වන සමස්වරත්වය, ඒකමිතික බව, ඒකාත්මික බව මේ ප්‍රසංගය පුරා දකින්නට තිබීම.
  • ක්වීන් පොඩ්ඩක් මහන්සියෙන් මේක කරන්න හැදුවත් බ්‍රයන්ට මේ ඒකාත්මික බව ආවේ නිරායාසයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනය තමන්ගේ රසික රසිකාවියන්ගෙන් පුරවන එක.



ඒ විදියට ලෝක රොක් සහ පොප් ඉතිහාසය වෙම්බ්ලි එකේ අත්දැක්ක ඓතිහාසික උදාහරණ කිහිපයක්ම තියනවා. ඒ අපි දන්න ක්වීන් බෑන්ඩ් එක, ටීනා ටර්නර්, මයිකල් ජැක්සන්, මැඩෝනා, ජෝර්ජ් මයිකල් වගේ අය වගේම පසුකාලයේ ස්පයිස් ගර්ල්ස්, ඔයසීස්, ෆූ ෆයිටර්ස් වගේ ආටිස්ට්ලත් වෙම්බ්ලි ඉතිහාසයට එකතු වුණා.

1996 අවුරුද්දේ වෙම්බ්ලි ෂෝ එක වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ 80 දශකය අග වෙනකොට අතිශයින්ම ගෝලීය තරුණියන්ගේ සිත් ඇද බැඳ ගත්ත කැනේඩියානු රොක් ගායකයෙක් වෙච්ච බ්‍රයන් ඇඩම්ස්.

Bryan Adams1996
බටනලාවක් වගේ ලස්සන ඔහුගේ හඬට වගේම, ආදරයේ අනුහස් තේමාවන්ටත්, ඔහුගේ කඩවසම් ලස්සනටත් ඒ කාලේ කෙල්ලෝ වහවැටිලා හිටිය හැටි අපිට මතකයි. ලංකාවේ නාගරික තරුණ පාසල් කෙල්ලන්ගේ පොත් අස්සේ බ්‍රයන්ගේ පොඩි පොඩි ෆොටෝ කෑලි හැංගිලා තිබ්බ. එයාට රහසින් ආදරය කළා.

එදා වෙම්බ්ලි ෂෝ එක ලස්සන වෙන්නේ තවත් සුවිශේෂ දෙයක් නිසා. ඒ තමයි ගායකයා සහ ශ්‍රාවකයා කියන දෙන්න දෙන්නෙක් නොවී එක්කෙනෙක් වන සමස්වරත්වය, ඒකමිතික බව, ඒකාත්මික බව මේ ප්‍රසංගය පුරා දකින්නට තිබීම. ක්වීන් වගේ බෑන්ඩ් එකක් උණත් (විශේෂයෙන් ෆ්‍රෙඩී මර්කරි) කරන්න හැදුවේ මේ ගායකයා සහ ශ්‍රාවකයා අතර තිබ්බ දුර නැතිකරන්න හදපු එක. ක්වීන් පොඩ්ඩක් මහන්සියෙන් මේක කරන්න හැදුවත් බ්‍රයන්ට මේ ඒකාත්මික බව ආවේ නිරායාසයෙන්.

Everything I Do සින්දුවේ ''මම ඔබ වෙනුවෙන් මියයන්නම්'' කියන තැනදී ෆෙන්ඩර් ටෙලිකාස්ටර් ගිටාරයේ ඇම්ලිෆයර් එකයි, බ්‍රයන්ගේ හඬයි, දැවැන්ත මාර්ෂල් බෆල් වල හඬයි ඉක්මවල ඇහෙන්නේ ''I die for you'' කියල කෙල්ලෝ කෑගහන සද්දේ. තත්පර ගණනක් එතන සින්දුව නතර වෙනවා. ඊට පස්සේ සින්දුව කියන්නේ  ප්‍රේක්ෂකයෝ. ඇත්තටම කිව්වොත් ප්‍රේක්ෂිකාවෝ. බ්‍රයන් ශ්‍රාවකයා වෙනවා. ඒක ගායකයෙක්ට ලැබෙන ඉහළම සම්මානයක්.


ලස්සනම වැඩේ තමයි Heaven සිංදුව. ගිටාර් එක පැත්තකින් තියල සිංදුව පටන් ගන්න හැදුවත් බ්‍රයන්ට සිංදුව කියන්නේ වෙන්නේ නැහැ. ස්ටාර්ට් එකට තත්පර දශමයකට කලින් කෙල්ලෝ සිංදුව පටන්ගන්නවා. ඒ දැවැන්ත හඬ ඇහෙනකොට බ්‍රයන් සිංදුව කියන එක නවත්වල උන්ටම කියන්න දෙනවා. උන් ඒක සෑහෙන වෙලාවක් කියනවා. ඒවා කලින් ප්ලෑන් කරලා ප්ලාන්ට් කරලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බොක්කෙන් -ආත්මයෙන් එන්න ඕනි දේවල්. නෛසර්ගික දේවල්. දේවල් එහෙම සිද්දවෙන්න ඕනි.

ඒ තමයි තමන් ආදරය කරන ගායකයාට එයාලට දෙන්න පුළුවන් උපරිමය කියල මට හිතෙනවා.

Summer of 69 කියනකොටත් ඒ විදියමයි. බ්‍රයන් පටන් ගන්න කොට කට්ටිය පටන් අරන් ඉවරයි. ඒක සින්දුව ඉවර වෙනකල්ම අල්ලාගෙන යනවා. අපේ යුගය වෙනුවෙනුත් තවත් යුග ගණනාවක් වෙනුවෙනුත් ආදරයේ අනන්ත පණිවිඩය ගායනා කරපු ඔබ සහ අප යනු දෙදෙනෙක් නෙවෙයි. එක්කෙනෙක්. ඔබ අප තුල ඉන්නවා වගේම අප ඔබ තුළත් පැළපදියම්ව ඉන්නවා. ඒක තමයි පණිවිඩය. ඒක විශ්වීයයි.

 

 
Heaven සිංදුව පටන්ගන්න කොට කට්ටිය ඒකට අත්වැල් අල්ලන එක පැත්තකින් තියල මුළු වෙම්බ්ලි එකම දෙදරන්න තනිකර සිංදුවම කියාගෙන යනකොට බ්‍රයන් කරකියා ගන්න දෙයක් නැතුව එයාගේ බෑන්ඩ් එකේ කීබෝඩ් එකේ ඒ වෙලාවේ හිටපු ටොමී මැන්ඩෙල් දිහා බලන බැල්ම ඇතුලේ වෙනම කතාවක් කියවෙනවා.

මැන්ඩෙල් යන්තම් ඔළුව වනල කියන්නේ මේ වගේ දෙයක් කියල මට හිතෙනවා.

''බ්‍රයන් ඔයා ඔයාගේ කටහඬ දුන්න දිව්‍යමය ආදරයේ පණිවිඩය වෙනුවෙන් මේ එයාල ඔයාට දෙන තිළිණය. ඒක ආදරයෙන් පිළිගන්න''.

 

බ්‍රයන් සිංදුව පටන්ගන්න තත්පර අළුක්කාලකට කලින් ප්‍රේක්ෂිකාවෝ සිංදුව පටන් ගන්න එක ඇතුලේ පොඩි විප්ලවීය ගතියක් මම දකිනවා. ඒ ගැන හරියට හිතුවොත් ඔයාලගේ හිතට එන්න පුළුවන් රූපකය තමයි සියලු දේශපාලන ව්‍යාපාර පාරට බහින්න තත්පර කීපයකට කලින් පාරට එන මිරිහානේ තරුණ අම්මගේ පටන්ගැම්ම....

බ්‍රයන්ගේ හඬ විසින් ආදරයේ මැජික්මය ස්වභාවය ලෝකෙට පෙන්නුවා. එයාගේ බෑන්ඩ් එකේ කීත් ස්කොට්ගේ ගිටාරය ඒ ආදරයේ මැජික් එක තවත් ඔපමට්ටම් කළා. අනික් හැමෝමත් එහෙමයි. ඒ මැජික් එකට දායක උණා.

සිංදු ලියන්නවත් සිංදු කියන්නවත් මාර්ගෝපදේශ කියල දෙයක් නැහැ. ඒ නිසා හඳ එළිය දිහා බලාගෙන ඉන්න....(බ්‍රයන් ඇඩම්ස්). 

 

 

 





(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...