BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

CAC Excellence Award සම්මාන උලෙළ අද BMICH හිදී

T

The Leader

August 29, 2025 • 12:27 AM

CAC Excellence Award සම්මාන උලෙළ අද BMICH හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලාව සහ සංස්කෘතික යන සියලු අංශයන්හි දියුණුවට තම ශ්‍රමය හැකියාව සහ කාලය කැප කළ ප්‍රවීණ කලාකරුවන්ට උපහාර පිරිනැමීම සහ සේවා ඇගයීමේ අරමුණින් The Ceylon Artist Council මුල්වරට සංවිධානය කරනු ලබන CAC Excellence Award සම්මාන උලෙළ අද (29) ප.ව.3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ.
  • මහින්දපාල, සෝමපාල ලීලානන්ද, සිරි කහවල, ආතර් යූ අමරසේන  ඇතුළු ප්‍රවීණයෝ මෙහිදී උපහාර ලබනු ඇත.
  • මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සමගින් The Ceylon Artist Council හි සේවා කටයුතු ජනගත කිරීම ආරම්භ කරන බව එහි සභාපති සේනක විජේසිංහ ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරට කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි දියුණුවට ඇප කැපව සුවිසල් සේවාවක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුරවැසි කලාකරුවන් සිනමාවේදීන් ඇතුළු අංශ 20ක ප්‍රවීණයෝ  විසි දෙනෙකුට අද උපහාර බුහුමන් පුදන බව The Ceylon Artist Council හි ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ ප්‍රකාශ කළේය.

දිවංගත සිනමාවේදිනී මාලනී ෆොන්සේකා, ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, මැණිකේ අත්තනායක, සිරිල් වික්‍රමගේ, නීල් අලස් ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක, ලතා වල්පොල, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, රෝහණ බැද්දගේ, සූරියකුමාර මුත්තලගේ, ප්‍රියංකර පෙරේරා, කලාවතී, සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, හෙක්ටර් කුමාරසිරි, සේන සමරසිංහ, එම්.ඩී. මහින්දපාල, සෝමපාල ලීලානන්ද, සිරි කහවල, ආතර් යූ අමරසේන  ඇතුළු ප්‍රවීණයෝ මෙහිදී උපහාර ලබනු ඇත.

මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සමගින් The Ceylon Artist Council හි සේවා කටයුතු ජනගත කිරීම ආරම්භ කරන බව එහි සභාපති සේනක විජේසිංහ ප්‍රකාශ කළේය.

(සටහන | ජයසිරි මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...