BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'දුව දැනගෙන හිටියේ නෑ ආච්චි celebrity කෙනෙක් කියලා' - තරිඳි ෆොන්සේකා

T

The Leader

September 5, 2025 • 4:42 AM

'දුව දැනගෙන හිටියේ නෑ ආච්චි celebrity කෙනෙක් කියලා' - තරිඳි ෆොන්සේකා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ තරිඳි ෆොන්සේකා.
  • ඒ ෆොන්සේකා පරම්පරාවේ සාමාජිකාවක් ලෙසයි.
  • ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහේ ප්‍රධාන කොටසක් වෙන් වූයේ තරිඳි ෆොන්සේකාට සිය ආදරණීය නැන්දා වූ මාලනී ෆොන්සේකා පිළිබඳව ඇති අත්දැකීම්, මතකයන් දිගහැරුණු හෘදයාංගම කතාබහකටයි.
  • මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිය පවුල සමග දිවි ගෙවන ඇය දියණියකගේ ආදරණීය මවක ද වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක්, නිරූපණ ශිල්පිනියක් වැනි ක්ෂේත්‍ර ගණනාවකම කටයුතු කර අත්දැකීම් සහිත තැනත්තියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම මේ සියලු දේ හරහා මෙන්ම ඇයව හඳුන්වාදිය දිය හැකි තවත් විශේෂ ආකාරයක් තිබෙනවා.

ඒ ෆොන්සේකා පරම්පරාවේ සාමාජිකාවක් ලෙසයි.
 
 
malini fonseka
හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා වූ කලී ඇගේ පියාගේ සහෝදරියයි.

ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහේ ප්‍රධාන කොටසක් වෙන් වූයේ තරිඳි ෆොන්සේකාට සිය ආදරණීය නැන්දා වූ මාලනී ෆොන්සේකා පිළිබඳව ඇති අත්දැකීම්, මතකයන් දිගහැරුණු හෘදයාංගම කතාබහකටයි.

manmitha
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිය පවුල සමග දිවි ගෙවන ඇය දියණියකගේ ආදරණීය මවක ද වනවා. ඇගේ දියණිය මන්මිතා ජිනසේන පසුගිය කාලයේ කරාතේ ක්‍රීඩාවෙන් බොහෝ ජයග්‍රහණයන් ලබාගැනීමට ද සමත් වූ දියණියක්.
ඉතින්, මාලනී ෆොන්සේකාගේ මතකයද සමග තරිදි ෆොන්සේකා සිය දිවිගමනේ සංධිස්ථානයන් ද විස්තර කෙරෙන මෙම ආදරණීය කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සම්පූර්ණ කතාබහ ඇතුළත් වීඩියෝව නරඹන්න පහතින්.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරි හේවාවසම් විසින්.


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...