BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Challengers Movie : මිස් කරගන්න නං එපා...

T

The Leader

May 5, 2024 • 11:10 AM

Challengers Movie : මිස් කරගන්න නං එපා...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල PVR එකේ සහ CCC එකේ පෙන්නනවා චැලෙන්ජර්ස් කියලා ෆිල්ම් එකක්.
  • ඒ තැන්වල අපිව රඳවලා, ආතතියෙන් අලවලා තියෙන හැටි විස්මිතයි.
  • මං මෑත කාලෙ බලපු මගේ කැමති ලැයිස්තුවේ ඉහලටම පැනපු ෆිල්ම් එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):


මං මෑත කාලෙ බලපු මගේ කැමති ලැයිස්තුවේ ඉහලටම පැනපු ෆිල්ම් එකක්.

xfdgdfrt
ඩිරෙක්ටර් ලුකා ග්වාඩැනිනෝ කියන ඉතාලියානු සිනමාකරුවා. එයාව ගොඩක් දන්නෙ 'කෝල් මී බයි යුර් නේම්' කියන අතිශය සෞන්දර්යාත්මක ශෘංගාර චිත්‍රපටිය නිසා.

ඒක ග්වාඩැනිනෝ 'ඩිසයර්' කියල කරපු චිත්‍රපටි ත්‍රිත්වයක අවසාන එක. 'අයි ඇම් ලව්' සහ 'අ බිගර් ස්ප්ලෑෂ්' කියන්නෙ මුල් චිත්‍රපට දෙක.

Luca Guadagnino

ග්වාඩැනිනෝ කියන්නෙ හැගීම් සහ චිත්තවේගවල සංකීර්ණත්වය එක්ක ශෘංගාරය මවන්න අතිශූර  නිර්මාණකරුවෙක්.


චැලෙන්ජර්ස් චිත්‍රපටිය බලද්දි ඒ ශෘංගාර මොහොතවල් අධ්‍යක්ෂවරයා විසින් සියුම්ව ඉවසිල්ලෙන් කැටයම් කරන ආකාරය නොඉවසිල්ලෙන් විඳින්න පුළුවන්. ඒ තැන්වල අපිව රඳවලා, ආතතියෙන් අලවලා තියෙන හැටි විස්මිතයි.

මේ චිත්‍රපටයේ ශෘංගාරයේ කේන්‍ද්‍රය වෙන්නෙ සෙන්ඩායා කියන ප්‍රධාන නිළිය. ඩියුන්, ස්පයිඩර් මෑන් බලලා තියෙන අය සෙන්ඩායා ගැන දන්නවා. ඒත් එයා මේ තරම් ශෘංගාර ගිනිසිලුවක් වගේ ඇවිලෙනවා මං මීට කලින් දැකලා නෑ.

xdfgfrg

මේ ෆිල්ම් එකේ කැමරාව, එඩිටින් වගේම මියුසික් පාවිච්චි වෙලා තියෙන විදිහ 'වාව්' කියවෙන තරම්. ඒ හැම දේකම ඕෆ්බීට් ගතියක් එක්ක පොපියන චමත්කාරයක් තියෙනවා.

මිස් කරගන්න නං එපා.

මේක ලොකු ස්ක්‍රීන් එකක ආතල් එකේ බලන්නම ඕන වැඩක්.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...