BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ඇගේ වෛරය’ නිසා මට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය වැදුණා - Chandi Rasika

T

The Leader

March 20, 2026 • 5:15 AM

'ඇගේ වෛරය’ නිසා මට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය වැදුණා - Chandi Rasika

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ඇගේ වෛරය' චිත්‍රපටය නිසා තමන් (වැඩිහිටියන්ට පමණයි) රංගන ශිල්පිනියක් ලෙස නාමකරණයකට වැටුන බවත්, එම චිත්‍රපටයට එක් කර තිබූ නිරුවත් දර්ශන තම අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බව ද, මේ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සම්මානලාභී රංගන ශිල්පිනී චන්දි රසිකා පවසනවා.
  • ඉන්පසු 90 දශකයේ නව රැල්ලක ආරම්භය සනිටුහන් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ ‘ඇගේ වෛරය’ චිත්‍රපටය ඇතුළුව තවත් චිත්‍රපට රැසකට ඇය රංගනයෙන් දායක උනා.
  • ඇය මේ පිළිබඳව සඳහන් කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමගින් සම්මුඛ වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මේ පිළිබඳව සඳහන් කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමගින් සම්මුඛ වෙමින්.

70 දශකයේ ‘කල්‍යානි ගංගා’ චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනී සිටිමින් සිනමාවට පිවිසි චන්දි රසිකා, "කරාටේ ජෝ", "ආදර ගීතය" සහ "මිහිදුම් සළු", "යුවතිපති" වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත සඳහා රංගනයෙන් දායක උනා. 

අමරනාත් ජයතිලකගේ "අරුණට පෙර" (1984) චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූ ඇය එම චරිතය වෙනුවෙන් 1985 වසරේ දී "ජනාධිපති" සහ "OCIC" යන සම්මාන උළෙලවල් දෙකේදීම හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ඇය දක්ෂ චරිතාංග නිළියක් බව ප්‍රකට කරමින්.

MV5BMjU3M2U0ODEtMmQxOC00MjNjLTlkNTctZGY2NzcyZmU0YTJjXkEyXkFqcGc. V1 FMjpg UX1000
ඉන්පසු 90 දශකයේ නව රැල්ලක ආරම්භය සනිටුහන් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ ‘ඇගේ වෛරය’ චිත්‍රපටය ඇතුළුව තවත් චිත්‍රපට රැසකට ඇය රංගනයෙන් දායක උනා.

ඉතින්, මෙවර කතා බහ සමඟ එක්වෙමින් චන්දි සිය රංගන දිවියේ මෙන්ම සිය දිවි ගමනේද බොහෝ අත්දැකීම් ගැන කතා බහ කළා.

'ඇගේ වෛරය' චිත්‍රපටය පිළිබඳව ඇය සිදු කරන හෙළිදරවු කිරීම ද ඇතුළත් චන්දි රසිකා සහභාගී වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට 'Mirror Arts' යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 

 

 ‘mirror arts

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...