හැටියට ඉදිරියට ගැනීම ගැන සතුටුයි.
ආර්තව දරිද්‍රතාව (පීරියඩ් පවර්ටි) පිළිබඳ ප්‍රශ්නය මුල්වරට මැතිවරණයකට අරගෙන ආවෙ සජිත් ප්‍රේමදාස. දැන හෝ නොදැන ඒ කරපු වැඩේට සජිත්ට මගේ ගෞරවයක් තියෙනවා. පෑඩ් නොමිලේ ලබාදීමේ කතාව නිසා සජිත්ට ලංකාවෙ ප්‍රසිද්ධ නිළියො එළව එළවා ගැහුවා. ඊයා මේවා ප්‍රසිද්දියෙ කතා කරන දේවල්ද කියල ඇහුවා.
දැන් ආර්තව දරිද්‍රතාව ලෝක රූ රැජින තරගයකට ගිහින් තියෙනවා. මේක හුදු තරගයේ වාසියක් වෙනුවෙන් පාවිච්චි කරන හිස් දෙයක් කියල සමහරු විවේචනය කරනවා. ඒක ඇත්ත. නමුත් එහෙම අලෙවි කළ හැකි දෙයක් බවට මේ ප්‍රශ්නය පත්වීම ගැන මට තියෙන්නෙ සතුටක්. යමක් 'අලෙවි' කළ නොහැකි නම් ඒ කියන්නෙ ඒකෙ වටිනාකමක් නෑ කියන එක.
බොහෝ විට මේ තරුණියගේ පෙනී සිටීම පෑඩ් ඇඩ් එකකට ඉදිරිපත්වීම වගේ තැනකින් නතර වේවි. ඒත් මේ ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමුවෙන්නත් ඒ හරහා කාන්තාවන්ගේ ශරීරය සහ ලිංගිකත්වය සම්බන්ධ සංවාදයන් ඇතිවෙන්නත් මේ මොහොත උදව්වක් වේවි.
ඒ හින්ද කවුරු හරි අර්බුදයක් අලෙවි කිරීමෙන් ලබාගන්නා පුද්ගලික ලාභයට වඩා මම නං බලන්නෙ ඒකෙන් අර්බුදයට ලැබෙන එක්ස්පෝෂර් එක කොයිතරම්ද කියන එක.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
රූප රැජින සහ ආර්තව දිළිඳුකම | Chinthana Dharmadasa
T
The Leader
May 22, 2025 • 11:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ෆේස්බුක් එකේ නිතර කතාවෙන රූ රැජින තරගයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙන තරුණිය ආර්තව දරිද්‍රතාව තමන්ගේ සමාජ පෙනී සිටීම
- මේක හුදු තරගයේ වාසියක් වෙනුවෙන් පාවිච්චි කරන හිස් දෙයක් කියල සමහරු විවේචනය කරනවා.
- නමුත් එහෙම අලෙවි කළ හැකි දෙයක් බවට මේ ප්‍රශ්නය පත්වීම ගැන මට තියෙන්නෙ සතුටක්.
- ඒත් මේ ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමුවෙන්නත් ඒ හරහා කාන්තාවන්ගේ ශරීරය සහ ලිංගිකත්වය සම්බන්ධ සංවාදයන් ඇතිවෙන්නත් මේ මොහොත උදව්වක් වේවි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


