BREAKING
Top Ad
Opinion

කැරලි ගහන පොතක් ගැන තල කැරලි හදන මම | Chinthana Dharmadasa

T

The Leader

February 25, 2025 • 5:03 AM

කැරලි ගහන පොතක් ගැන තල කැරලි හදන මම | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිනාකාගේ ‘මෝහා’ පොත ලොකු කැළඹීමක් ඇති කරලා තියෙනවා.
  •  සම්බන්ධිත, අසම්බන්ධිත, ගැලපෙන, නොගැලපෙන ගොඩක් දේවල් ඒ පොත ඇතුලෙ තියෙනවා.
  • අපිට හැමතැනම මුනගැහෙන්නෙ වැඩිහිටියන් විසින් හදපු, කප්පාදු කරපු, හික්මවපු ළමයි.
  • ඒ ශෘංගාර ලිවීම්වල සෞන්දර්ය තමයි අදත් මං ලියන කොට මතක ඇතුලෙන්  අත්විඳින්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ දරුවාට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස උගන්නන්න ගුරුවරුත් ඉදිරිපත් වෙලා තියෙනවා.

අවුරුදු පහලොවක ළමයෙක් සමරිසි ප්‍රේමයක් ගැන කතාවක් ලිවීම හරිද වැරදිද කියල සංවාදයක් ඇවිත් තියෙනවා.

නඩු දාන්න පවා පිරිස් ඉදිරිපත් වෙලා ඉන්නවා.  

පුංචි කෙල්ලෙකුගෙ පුංචි පොතකින් සතුටු වෙන්න පුළුවන් ලොකු දේවල් ගොඩක් වෙලා තියෙනවා.

 

srt345f

අඩු ගානෙ ඔය ස්වර්ණ පුස්තක වගේ සම්මාන ගන්න පොතකින්වත් මෙහෙම සමාජ ගනුදෙනුවක් නිර්මාණය වෙන්නෙ නෑ. මළපොත් කියන්නෙ ‍එහෙම ඒවට. කැරලි ගහන පොත් කියන්නෙ මෙහෙම ඒවට.

ඒ පොත ලියන්න නිමිත්ත වුනු කාරණයක් බිනාකා පෙරවදනෙ ලියනවා.

kiss women

එයාගෙ ඉස්කෝලෙ පංතියෙ ගෑනු ළමයි දෙන්නෙක් සිපගැනීමක් නිසා පංති තහනමකට ලක්වෙනවා. ඒ තහනම් සිපගැනීම වෙනුවෙන් බිනාකා අතින් පොතක්ම ලියවෙනවා. ‘ආදරය කිරීම වරදක්ද?’ පොත පුරා‍ම එයා අහන්නෙ ඒ ප්‍රශ්නෙ.


බිනාකාගෙ පොත කියවලා හමාර කළා. ඒක පිටුවක පුංචි වචන පේලි කීපයක් ගැටගහපු කවි පොතක් වගේ එකක්. සමලිංගික කිව්වට ලිංගික සම්බන්ධකම් වෙනුවට සමරිසි ආදරය ගැන කුරුටු පොතක්.  සම්බන්ධිත, අසම්බන්ධිත, ගැලපෙන, නොගැලපෙන ගොඩක් දේවල් ඒ පොත ඇතුලෙ තියෙනවා.

බිනාකා පොඩි එකෙක් විදිහටත්, ඒ පොඩි එකා දකින වැඩිහිටි හීනයක් විදිහටත් පොතේ තැනින් තැන මුනගැහෙනවා.

සමාජය විසින් හදන ‘යහපත් පොඩි ළමයා’ වෙනුවට තමන්ගේ සිතුවිලි, අදහස්, ආශාවන් සියල්ල බය නැතුව කොලවල ලියන්න පුළුවන් ප්‍රචන්ඩ නව යොවුන් කෙල්ලෙක් මුනගැහෙන එක තමයි ‍පොතේ තියෙන ආශ්චර්යය.

පොතේ ගොඩක් දුර්වල තැන් ගැන කියන්න පුළුවන්. ඒවා ගැන කියන්න ගුරුවරියො ඉන්න නිසා මං හොඳ තැන් ගැන කියන්නම්.

එකක් බිනාකා ලියන ආකෘතිය. ඒක ආකෘති බිඳීමක්. තමන්ට ඕන දේ කියන්න ඕනෑම ආඛ්‍යානයක් පාවිච්චි කරන නිදහසක් හිතුවක්කාරකමක් ‘මෝහා’වල තියෙනවා.

ඒ වගේම ඒ වයසෙ කෙල්ලෙකුට ටික්‍ටොක්, ෆේස්බුක්, ඉන්ස්ටා ව‍ගේ සමාජ මාධ්‍යවලින් දැනෙන බලපෑම, ගැටීම ඒ පිටු අතරෙ තියෙනවා.

අවුරුදු පහලොවේදී ආදරය ගැන, බැඳීම් ගැන හිතෙන හිරිමල් රොමාන්තික, සුන්දරත්වය ඒ වචනවල තියෙනවා. අවුරුදු පහලොවක කෙල්ලෙකුගෙ පොතක් කියවන්න ඕන අවුරුදු පහලොවේ මනසක ට්‍රිප් එකක් යන්න ආසා කෙනෙක් විතරයි.

ඒ පොත බිනාකා ලියලා තියෙන්නෙ අපූරු විදිහකට. Bitter lips පොතේ ඍතුයි අරුන්දකයි චරිත දෙකක් විදිහට බිනාකාගෙ පොතෙත් ඉන්නවා. ඒ දෙන්නාගෙ යාලුවො විදිහට කුමීයි, චූලියි එකතු වෙනවා. ඒක අමුතු වියමනක්.

db85fc59666e9d4af78e6c42ca8b7f45

අපිට හැමතැනම මුනගැහෙන්නෙ වැඩිහිටියන් විසින් හදපු, කප්පාදු කරපු, හික්මවපු ළමයි. ඒ වෙනුවට තමන්ට දැනෙන දේ කියන, හිතෙන දේ ලියන, ‘හොඳ’ ළමයි වෙන්න හදන්නෙ නැති ළමයි ගැන මට තියෙනවා උතුරා යන ආදරයක්.


මං ‘වල්’ කතා ලිව්වා කියලා අපේ ගෙදර වැඩිහිටින්ව ඉස්කෝලෙට ගෙන්නන්නෙ තුනවසරෙදි. ඒ ‘ලව්’ කියන වචනෙ පාවිච්චි කරමින් ගැහැණු- පිරිමි සම්බන්ද ගැන  කතන්දර ටිකක් කුරුටු ගෑවා කියන වරදට. ඒ වෙද්දි මං වැඩිහිටි සඟරා හොයාගෙන ගිහින්  කියවනවා. චිත්‍රකතා පත්තර ඔක්කොම බලනවා. ඒවා හරිම දුසිරිත් ඒ වයසෙදි.

  ඊට පස්සෙ ශිෂ්‍යත්වෙ පාස්වෙලා අලුත් ඉස්කෝලෙට ගිය ගමන් ස්ත්‍රී පුරුෂ එක්වීමකදි ‘ගලපටලය’ සිඳීයාම ගැන අනිත් උන්ට ලෙක්චර්ස් දීලා  ආපහු අම්මලාට ඉස්කෝලෙට කැඳවීමක් ලැබෙනවා.

 chatarli


 හයේ පංතියෙදි විතර මං පුස්තකාලෙන් අරගෙන ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කියවනවා. ඒ ශෘංගාර ලිවීම්වල සෞන්දර්ය තමයි අදත් මං ලියන කොට මතක ඇතුලෙන්  අත්විඳින්නෙ. රහස්මය, මයිල් කෙලින්කරනසුලු ආස්වාදය. මං ඒ පොතේ පිටු ඉරලා අරන් තියාගත්තා.

අවුරුදු දොළහ පහලොව වෙද්දි මං සමලිංගිකයෙක්. කෙල්ලො වැටෙන්නෙ නැති වයස හින්ද අපි කොල්ලො එකතු වෙලා තමයි ආස්වාදයක් ලැබුවෙ. හතරපස් දෙනා පෝලිමට නිරුවතින් ඒ කරපු දේවල් මතක් වෙද්දි අදටත් හිනා‍යනවා.

ඉතින් මෙහෙම විපරීත ජීවිතයක් ගත කරපු මට සම්මත සදාචාර සීමා ගැන කියන්න කිසි දෙයක් නෑ. හිනාවෙනවා ඇරෙන්න.

බිනාකාගෙ පොත අපූරු චාරිකාවක්. ඒක නව යොවුන් කෙල්ලෙකුගේ වීර චාරිකාවක් කියන්න  පුළුවන්. එයා මකර කටින් එහා ඔරු පදින්න යන හැටි බලන් ඉන්න ලස්සනයි.

‘ලංකාව වගෙ රටක ඉඳන් සමලිංගික පොතක් ලියන්න මට තිබුණු ශක්තියට මං මට ගරු කරනවා. මට හැමදාමත් ඕන වුනේ කොන්ද පණ නැති පිරිමි ඉන්න සමාජයක කොන්ද පණ තියෙන ගෑනියෙක් වෙන්න’

බිනාකා එහෙම ලියනවා.

මේ පොත කියවන්න ඕන අසම්පූර්ණ දේවල් කියවලා රස විඳින්න පුළුවන් අය විතරයි. කෑලි, කුරුටු, සිරීම්, ඇද පළුදු ලස්සනට පේන අයට මේ පොතෙන් හරිම නිර්ව්‍යාජ අසිරිමත් බවක් දැනෙයි. පරිපූර්ණ කෘති කියවන පරිපූර්ණ ජීවිත ගත කරන අයගෙ ලේ කෝපවීම් ඇතිවෙයි.


481215746 10162552856420185 5380124367669887891 n

සබැඳි සටහනක් :

පුංචි කෙල්ලෙක් ලියපු සමලිංගික කතාවක් - මෝහා


Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...