BREAKING
Top Ad
Opinion

රනිල්ට ආදරෙන්... | Chinthana Dharmadasa

T

The Leader

March 24, 2025 • 3:05 AM

රනිල්ට ආදරෙන්... | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද රනිල්ගෙ උපන්දිනේ. රනිල් කියන්නෙ ලංකාවෙ මං ගරු කරන විසල් දේශපාලන චරිත පෙලක අවසානතමයා කියලයි මං දකින්නෙ.
  • මූන දිහා බලලා කතා කරන්නෙ නෑ, උද්දච්චයි වගේ ප්‍රතිචාර අපිට අහන්න ලැබෙන්නෙ මේ තත්වයන් ගැන නොදන්න බොළඳයන්ගෙන්.
  • දේශපාලනයේදී අදහන්නෙ බොරුකාර පටු මනස් ඇති ගමයන්ව විතරයි.
  • නමුත් ඒ දැනුම, ඒ අවබෝධය, ඒ පරිණතබව තවත් පරම්පරාවකට ලබාදෙන්න රනිල් අසමත් වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේම අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුනු වෙලාවෙ රනිල් නොහිටියා නම් වෙන කිසි කෙනෙකුට ඒ හැරවුම ගන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව ඉතාම ලස්සනට දීප්ති වීඩියෝවක පැහැදිලි කරනවා. රනිල්ගෙ ඕටිස්ටික් ස්වභාවය. අවට සමාජයේ හෝ ෆේස්බුක් එකේ හෝ තව කවුරු හෝ කියන කරන දේවල් කිසිවකට අවධානය නොදී තමන්ට අදාල කාරණයට විතරක් මනස යෙදවීමේ හැකියාව.

මේ නිසා වෙන කෙනෙකුට දැනෙන පීඩනය රනිල්ට දැනෙන්නෙ නෑ. පීඩනය දැඩි අවස්ථාවන්වලදී රනිල්ගේ  හැකියාව වැඩියි. වැඩ කරන්න තියෙන්නෙ හොරු එක්කද, දූෂිතයො එක්කද කියන කාරණය අදාල නෑ. රනිල්ට අදාල වෙන්නෙ වැඩේ විතරයි. යක්කු එක්ක හරි ගේම ගහනවා. ඒක බලන් ඉන්න ලස්සන පෙළහර පෑමක්.

 

03180000 0aff 0242 e483 08da341ca37c cx0 cy6 cw0 w1200 r1

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වගේ කාරණා රනිල්ට අදාල වෙන්නෙ නෑ. රාජ්‍යකරණයේදී එයාට අදාල ප්‍රතිපත්ති විතරයි. අලංකාරික නෑ. අවශ්‍ය කාරණය වෙනුවෙන් ප්‍රතිපත්තිමය වෙනස්කිරීම් කරනවා. ලිස්ට් දාමින්, අන් අයට අපහාස පරිභව කරමින් ජනතාවගෙ කුහකත්වය එක්ක හුරතල් වීම් රනිල්ගෙ නෑ. රනිල් දේශපාලනයෙදි අදාල කරගන්නෙ මිනිස්සුන්ගෙ විෂමතා නෙමෙයි. ආයතන ව්‍යුහයන්, නීති සහ ප්‍රතිපත්ති විතරයි.

3b8fc750 767e 11ef 9f01 190391b99f1c.jpgගොඩක් අයට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙත් එයාගෙ මේ ‍ඕටිස්ටික් ස්වභාවය හින්දයි.
ගොඩක් අයට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙත් එයාගෙ මේ ‍ඕටිස්ටික් ස්වභාවය හින්දයි. මූන දිහා බලලා කතා කරන්නෙ නෑ, උද්දච්චයි වගේ ප්‍රතිචාර අපිට අහන්න ලැබෙන්නෙ මේ තත්වයන් ගැන නොදන්න බොළඳයන්ගෙන්. ඒ වගේම දේශපාලකයන්ගෙන් නැවත හිතවත්කම්, අගය කිරීම් බලාපොරොත්තු වෙන අය රනිල් ඉස්සරහ ඉච්ඡාභංග වෙනවා. තමන්ගේ ඊගෝවන් රිදවා ගන්නවා. වෛරක්කාරයො වෙනවා.

 



ලංකාවෙ දැනට ඉන්න ගෝලීය දේශපාලන සිතියමක වැඩ කරන එකම දේශපාලන චරිතය වෙන්නෙ රනිල්. රනිල් පැරදුනත් තාම රනිල් ආණ්ඩුවට වඩා ඉහලින් වැජබෙන්නෙ ඒකයි. රිලවු අල්ලන, දිඹුලාගල ඒලියන්ලා බලන,  නිල්වලා ගගේ කිඹුල්ලු එලවන ග්‍රාමීය ආණ්ඩුකරණ ඉදිරියේ රනිල් ඉන්නෙ ගව්ගානක් ඉදිරියෙන්. ඒ නිසා ග්‍රාම්‍ය ඉරිසියාව විසින් රනිල් ඉලක්ක කරගැනීම ස්වභාවිකයි.

 

JR Ranil e1665337705550ජේආර්, රනිල් වික්‍රමසිංහ
‍අපේ දේශපාලන ඉතිහාසයේ බිහිවුනු මේ අපූර්වතම අද්විතීයම මනුෂ්‍යයා ගැන නිසි ඇගයීමක් සිද්ද වුනේ නෑ. කොහොමත් ලංකාවෙ දේශපාලනයේ නාගරිකයන්ට, බුද්ධිමතුන්ට ඒ පිලිගැනීම ලැබෙන්නෙ නෑ. ලංකාවෙ විශාලතම හැරවුම කළ ජේආර්ටවත් ඒ ලැබිය යුතු ගෞරවය හිමිවෙන්නෙ නෑ. දේශපාලනයේදී අදහන්නෙ බොරුකාර පටු මනස් ඇති ගමයන්ව විතරයි.

නමුත් ලංකාව ආර්ථිකමය වශයෙන් ඇදවැටෙන හැම අවස්ථාවකම රනිල් රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරලා තියෙනවා. දේශපාලන පසමිතුරුතා නොතකමින් ඕනම කෙනෙක් එක්ක රට ‍ගොඩගන්න වැඩ කරලා තියෙනවා. නමුත් ඒ දැනුම, ඒ අවබෝධය, ඒ පරිණතබව තවත් පරම්පරාවකට ලබාදෙන්න රනිල් අසමත් වෙලා තියෙනවා.

unnamed 25දේශපාලන පසමිතුරුතා නොතකමින් ඕනම කෙනෙක් එක්ක රට ‍ගොඩගන්න වැඩ කරලා තියෙනවා.
මගේ ජීවිතයේ ජේආර්ට පස්සෙ දුටු ‍මේ විසල් චරිතය තව බොහෝ කාලයක් සුවෙන් සතුටෙන් ජීවත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවන් උත්තුංගයන් නොදුටුවා නම් දේශපාලනය කියන්නෙ ළිදේ ඉන්න ගෙම්බන්ගෙ වැඩක් වෙනවා.

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...