BREAKING
Top Ad
Opinion

ලාල්කාන්තගේ ප්‍රේමකතාවක් හෙලිවෙයි ! | Chinthana Dharmadasa

T

The Leader

March 24, 2025 • 7:50 AM

ලාල්කාන්තගේ ප්‍රේමකතාවක් හෙලිවෙයි ! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදරේ නියම් අනියම් ‍කියල දෙයක් දෙයක් නෑ. ඒ දෙකම එකතු වෙලා විශාල ආදරයක්, ආස්වාදයක්, මිනිස් සම්බන්ධයක් නිර්මාණය වෙනවා.
  • කකුලෙ පාටයි ගවුමෙ පාටයි අතර තිබුනෙ පොඩි වෙනසයි.
  • ඇත්තටම මගේ හිතට ඒක ලස්සනයි ...
අකුරු ප්‍රමාණය (Font Size):

එතකොටම සම්මතය සදාචාරය මතුවෙලා අපිව වරදකාරී බවක ගිල්වන්න හදනවා.

ආශාව, ඇල්ම, ආදරය මොන තත්වයකදි වුනත් වරදක් නෙමෙයි. ඉස්සර ජවිපෙ කියන්නෙ ආදරයට බය පක්ෂයක්. ලිංගිකත්වය ඉස්සරහ ඇඹරෙන තත්වයක්. තාමත් ඔය පක්ෂෙ බහුතරය ‍එහෙමයි.

හැබැයි ලාල්කාන්ත කියන්නෙ වෙනස් මිනිහෙක්. බොන කන රමණය කරන සුන්දර මනුස්සයෙක්. සමාජෙට දේශපාලනේට පක්ෂෙට වුනත් බම්බු ගහගන්න කියල ජීවිතේ විශාලව බාරගන්න  කෙනෙක්. අපි අතර මොනතරම් අදහස් විෂමතා තිබුනත් ලාල් එක්ක නොවෙනස් මිත්‍රත්වයක් තියෙන්නෙ ඒ මනුස්ස පදනම් අදුරන හින්ද.

ලාල් මට ටික කාලෙකට කලින් එයාගෙ ආදර කතාවක් ගැන කිව්වා. ඒ කවුද කින්ද මන්ද, නියම්ද අනියම්ද ඔය කිසි දෙයක් ලාල් කිව්වෙ නෑ. ඒ විඳපු සොඳුරු ආස්වාදය විතරක් මතක් කළා.

‘’මං එයාගෙ ටෙලිෆෝන් අංකය හොයාගත්තා, එයාට කෝල් කලා, ගත්තෙ එයාගෙ අම්මා. මම මගේ නම කිව්වා අම්මට...

අම්මා ඉක්මනින්ම එයාට කතාකරල එයාව මට සම්බන්ද කලා, එයාට මම මොනාද කිව්වෙ කියල මට දැන් මතක නෑ... එදා මං එයාගෙ හෑන්ඩ් ෆෝන් නොම්මරය  ඉල්ල ගත්තා.

dry56
මගේ වැඩ දාහක් මැද්දෙත් මම එයාට දවස පුරාම...  එයාට msg කලා... අපි ආදරෙන් වෙලුණා...  පහුවදා අපි කීල්ස් එකේ පාර්ක් එකේදි හමු වුනා... මම ගිහින් එයාගෙ වාහනේට නැග්ගා... වාහනේ පුරා ඩන්හිල් සුවද..

එයාගෙ ගවුම තිබුනෙ කකුල ලස්සනට පේන්න... කකුලෙ පාටයි ගවුමෙ පාටයි අතර තිබුනෙ පොඩි වෙනසයි. ඇත්තටම මගේ හිතට ඒක ලස්සනයි ... වැඩි වෙලාවක් මම ගත්තෙම නැ.. මම එයාගෙ තොල් අත්පත් කරගත්තා... ඒ අපේ ලිංගික ආලය නොහොත් ආදරය පටන් ගත්ත විදිහ.

අපි මාස අටක් පුරා අපේ ආදරේ රසවින්දා... අපි ගමන් ගියා.... කවදාවත් කඩචෝරු කන්නවත් දෙන්නා එකවර වාහනෙන් බැස්සෙ නෑ. එයා මට කවදාවත්  එක රුපියලක් වියදම් කරන්න ඉඩ  දුන්නෙ නෑ...

ghr567
ලස්සන වැව්තාවුල්ලක් ... ඒ මගේ ගම... අපි  හෙලුවෙන් පීන පීන ඒ  වැවේ නෑවා.... ඒක හරිම ලස්සනයි මට තාම... තාම... තාමත්.

රවුම් ගහල දවස් තුනකින් අපි ආපහු ආව... මම එයාව කිස් කරල ගෙදරින් බස්සල  පැයක් ගියේ නෑ...

එයා කිව්ව අපි මේ ආදරේ නවත්තමු... ගෙවුනු  කාලය ගැන සතුටු වෙමු කියල...

ඒක එයාගෙ තීරණය.

කොච්චර සුන්දරද මේ ජීවිතය..''

තමන්ගේ ආදරය ගැන විවෘතව එහෙම කතා කරන්න පුළුවන් දේශපාලකයො ඉන්නෙ ඉතාම අල්පයයි. ඒක වමෙත් එහෙමයි දකුනෙත් එහෙමයි. ලාල් කියන්නෙ එහෙම විවෘත ආදරනීය මිනිහෙක්. ඒ කතාව ඇහුවම එදා මට හිතුන. මං ඒ ආදර කතාව කවදා හරි ලියන්න ඉතුරු කරගත්තා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...