දළදා වන්දනාව කියන්නෙ දේශපාලනයක් නෙමෙයි. ඒක මේ රටේ සංස්කෘතික කාරණයක්. ඒ වගේමයි මචං අම්මා කියන්නෙත්. දේශපාලනය වෙනුවෙන් අම්මාව පෝලිම්වල ලග්ගන එක අපේ මනුස්ස සංස්කෘතිය නෙමෙයි. ඒක බලන් ඉන්නකොට අපිට රිදෙනවා. ජනාධිපතිගෙ අම්මා කියන්නෙ මේ රටේම අම්මා වගේ දැනෙන සංස්කෘතියක් අපිට තියෙනවා.

දළදාව ගැන අනුරට විශේෂ භක්තියක් නැති වග අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මටත් එහෙම එකක් නෑ. ඒත් අම්මලාට ඒක තියෙනවා. ඒ අයට තමයි දළදා වන්දනාව වටින්නෙ. ඉතිං අනුර දළදාව වඳින්න ගිය දවසෙ අම්මත් එක්කගෙන ගියා නම් ඒක කොයිතරම් ලස්සනද? රටේම අම්මලා වෙනුවෙන් තමන්ගේ අම්මාට මුලින්ම දළදාව වඳින්න දුන්නා නම් මේ රටේ මිනිස්සු ඒක ඉහළින්ම අනුමත කරනවා. එහෙමයි අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නෙ.
අනුර තඹුත්තේගම ඉඳන් ජනාධිපති පුටුව වෙනකල් ආපු එක ගැන මිනිස්සු ආඩම්බර වෙනවා නම්, එහෙම පුතෙක් හදපු අම්මා ගැනත් ආඩම්බර වෙන්න ඕන. පුතාව ජනාධිපති පුටුවෙ තියලා අම්මා තාම රෝද පුටුවෙ අව්කූටකේ ඉන්නවා දැකලා එහෙම මිනිස්සුන්ට සතුටු වෙන්න බෑ.
දළදාව වැඳලා ඉවරයි. අනේ මචං, අම්මා අසනීපයක් වුනොත් හොඳ බෙහෙත් ටිකක් අරන් දෙන්න. හැමෝම පෝලිමේ ඉන්නවා කියල අම්මව පෝලිමේ තියන්න එපා. මෙහේ බැරි නං පිටරට හරි අරන් ගිහින් වෙදකම් කරන්න. රටේ මුදල් නාස්ති කරනවා කියල අපි කුහක කතා කියන්නෙ නෑ. ඒ අම්මාට අපිත් ගරු කරනවා.

රටේ ගොඩක් මිනිස්සු බඩගින්නෙ ඉන්නවා කියල අපි ළගට ඇවිත් අතපාන මනුස්සයෙකුට බඩගින්නට කෑම ටිකක් නොදී ඉන්න එක සාධාරණය නෙමෙයි. අපි පුළුවන් තරම් අපි ළග ඉන්න මිනිස්සු ගැන මනුස්ස වෙන්න ඕන. රටේම අම්මලා දුකෙන් මුදවන්න අපිට බැරි වෙයි. හැබැයි අපේ අම්මාව හරි අපි දුකෙන් මුදවන්න උත්සාහ ගන්න ඕන. ජනාධිපති වෙන්න කලින් අනුර ඒ අම්මගෙ පුතා වුනු බව අමතක කරන්න නරකයි.
සමානාත්මතාවට ඉහමුරුත්තාවෙ ගිහින් නම් අඩු ගානෙ රෝද පුටුවල ඉන්න, දුබල අම්මලා තාත්තලා වෙනුවෙන් විශේෂ පෝලිමක් හරි හදන්න තිබුන. එහෙනම් ඒක අනිත් අම්මලටත් වටිනවා.
අනුර මචං, විජය කුමාරතුංග වගේ අනිත් අයට බුරියානි නැත්තං මටත් එපා කියන සමාජවාදෙට යන්න එපා. ගාමිනී වගේ මට වගේම අනිත් උන්ටත් බුරියානි දියන් කියන සමාජවාදෙ ට්‍රයි කරන්න.

කොහෙත්ම දේශපාලන පහර ගැසීමක් වෙනුවෙන් නෙමෙයි මේක ලියන්නෙ. රටක් හැටියටම මාර දුකක් දැනුනා ජනාදිපති විදිහට අනුර අම්මාව දළදා පෝලිමේ තියන් ඉන්නකොට. ඒ දුකටමයි මේ සටහන.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



