ආබාධිත වුනු සොල්දාදුවන් ඉන්නවා. ඒ අයගෙ දෙමව්පියන් නෑදෑයන් ඉන්නවා. තමන්ගේ දරුවා වීරයෙක් විදිහට ඒ අයගෙ හදවත්වල ඉන්නවා. යුද ජයග්‍රහණය නොසලකා හැරීම ඒ අයට වේදනාවක් වෙනවා.
අනෙක් පැත්තෙන් යුද්ධය නිසා මිය ගිය දෙමළ සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ අයගෙ දෙමව්පියන් නෑදෑයන් ඉන්නවා. යුද්ධය වීරත්වයක් විදිහට සැලකීම ඒ අයට වේදනාවක් වෙනවා.
තුන්වෙනුව යුද්ධය නිසා බස් එකකවත් යන්න බැරුව, ජීවිත භීතියෙන් පසුවුනු ජනතාවක් ඉන්නවා. ඒ අයට යුද්ධය අවසන් වීම ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ලබන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදී පිරිසක් පරාජය කරමින්. ඒක නොසලකා හැරීම ඒ අයට වේදනාවක් වෙනවා.
සිව්වෙනුව මෙසේ ත්‍රස්තවාදීන් යැයි පරාජයට පත්වන්නේ අපේම රටේ උතුරේ ජනතාව. අපේම මිනිස්සු. තමන් විශ්වාස කළ යුක්තියක් සාධාරණයක් වෙනුවෙන් රජයට එරෙහිව සටන් කරලා ඒ අය ත්‍රස්තවාදීන් විදිහට ලේබල් වෙනවා. විජයග්‍රහණයේ සැමරුම ඒ ජනතාවගේ හදවතට වේදනාවක් දෙනවා.
පස්වෙනුවට 88-89 කාලෙදි අද ආන්ඩුව, ඒ කාලෙ ජවිපෙ මේ විදිහටම ත්‍රස්තවාදී යැයි ලේබල් වදින වැඩවල යෙදෙනවා. ඝාතන සිදු කරනවා. රාජ්‍ය දේපල විනාශ කරනවා. ආන්ඩුව විසින් ඒ ව්‍යාපාරය අවියෙන් යටපත් කරනවා. ඒ කාලෙ ත්‍රස්තවාදී ලේබලය ලත් අද කාලෙ ආන්ඩුවට ඊට සමානම තත්වයක් වෙන උතුරේ යුද ජයග්‍රහණය සමරන්න වීම හෘදය සාක්ෂිමය වේදනාවක් ඇති කරනවා.
නමුත් ජාතිකවාදී ජනතාවට මේ ජයග්‍රහණය නොසලකා හැරීම දරාගන්න බැරි වේදනාවක් ඇති කරනවා. එය දේශප්‍රේමය සහ දේශද්‍රෝහය අතර වේදනාත්මක සලකුනු කිරීමක් වෙනවා.
මේ වගේ වේදනාත්මක කලාප වලදි පාර්ශ්වයක් නොගෙන ඒ ආතතිය ඉක්මවා යන්න නිර්මාණශීලී උත්සාහයන් දරන්න වෙනවා. මේ ස්පර්ශ කරන්නේ තුවාලයක්. එය සුවපත් කිරීමේ දිශාවට මිස පෑරීමේ දිශාවට වෙදකම නොකරන එක තමයි දේශපාලනයේ දක්ෂකම වෙන්නෙ.
යුද ජයග්‍රහණය කියන්නෙ පාලමක් නෙමෙයි තාප්පයක්. මේ තාප්පය උස්වෙන්න උස්වෙන්න ජයග්‍රහණය කොට වෙනවා. යුද්දය ආපහු ආරම්භ වෙනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
ජයග්‍රහණයේ තාප්පය | Chinthana Dharmadasa
T
The Leader
May 18, 2025 • 11:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විජයග්‍රහණය සැමරීම වේදනාවක් වෙලා තියෙනවා. එක පැත්තකින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිහින් මරණයට පත්වුනු,
- තමන් විශ්වාස කළ යුක්තියක් සාධාරණයක් වෙනුවෙන් රජයට එරෙහිව සටන් කරලා ඒ අය ත්‍රස්තවාදීන් විදිහට ලේබල් වෙනවා.
- පස්වෙනුවට 88-89 කාලෙදි අද ආන්ඩුව, ඒ කාලෙ ජවිපෙ මේ විදිහටම ත්‍රස්තවාදී යැයි ලේබල් වදින වැඩවල යෙදෙනවා.
- ඒ කාලෙ ත්‍රස්තවාදී ලේබලය ලත් අද කාලෙ ආන්ඩුවට ඊට සමානම තත්වයක් වෙන උතුරේ යුද ජයග්‍රහණය සමරන්න වීම හෘදය සාක්ෂිමය වේදනාවක් ඇති කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


