BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විනිශ්චය අවි - නිශ්චිතය ' Father ' ජනවාරි 09 දා සිට රිදී තිරයට

T

The Leader

December 24, 2025 • 3:32 AM

විනිශ්චය අවි - නිශ්චිතය ' Father ' ජනවාරි 09 දා සිට රිදී තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය සිනමාලෝලීන් මහත් උනන්දුවකින් බලා සිටි, චමින්ද ජයසූරියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "Father - ෆාදර්" චිත්‍රපටය එළඹෙන 2026 ජනවාරි 09 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
  •   සත්‍ය සිදුවීම් පෙළක සිනමා රූපණය   1970 සිට 1990 දක්වා කාලසීමාව තුළ මෙරට සිදුවූ සුවිශේෂී සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.
  • දශක තුනක සමාජ, දේශපාලනික සහ පුද්ගල අත්දැකීම් ගොනු කරමින් නිර්මාණය වූ මෙම කතාව, ප්‍රේක්ෂකයාට අමුතුම අත්දැකීමක් වනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.
  • සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සිනමාපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය පසුගිය 22 වනදා පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පීන්, නිෂ්පාදක කණ්ඩායම මෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටියහ.
 


සත්‍ය සිදුවීම් පෙළක සිනමා රූපණය
 

1970 සිට 1990 දක්වා කාලසීමාව තුළ මෙරට සිදුවූ සුවිශේෂී සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. දශක තුනක සමාජ, දේශපාලනික සහ පුද්ගල අත්දැකීම් ගොනු කරමින් නිර්මාණය වූ මෙම කතාව, ප්‍රේක්ෂකයාට අමුතුම අත්දැකීමක් වනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.

දැවැන්ත රංග වින්‍යාසය
father 2
මෙම නිර්මාණය තවත් සුවිශේෂී වන්නේ මෙරට සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එකම තිරයකදී දැකගත හැකි වීමයි.
සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි. පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක ඇතුළු පිරිසක් මීට දායක වෙති.
 
father 3
EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කු ගෙනි. සත්‍ය සිදුවීම් පදනම් කරගත් කතා තේමාවකට ප්‍රබල සිනමාමය රූප රාමු එක් කිරීමට අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු කණ්ඩායම කැප වී ඇත.

ලබන වසරේ මුලදීම සිනමා ශාලා වෙත පැමිණෙන මෙම සිනමා අත්දැකීම විඳගැනීමට දැන් ඔබටත් අවස්ථාව උදා වී ඇත.
 father 4
father 5

 father 6

father 7

father 8


father 9

father 10

father 11

father 12

father 313

father 14

father 15

father 16

father 17
fathwr 12

father 18

father 19

father 20

father 21

father 22

father 23

father 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...