සොක්රටීස් කියන හැටියට ගැනිමේඩ් කියන්නෙ සියුස් ප්රේමයෙන් ඇද වැටුණු තරුණයාට.
ගැනිමේඩ් ට්රෝයි නුවර අසල කඳු මිටියාවතක එයාගෙ බැටළුවන්ට තණ කෑමට ඉඩ හැරලා බලා සිටිනවා. සියුම් මේ තරුණයාව දැකලා මන්මත් වෙනවා. එයාට මේ තරුණයාගේ සුන්දරත්වය තාවකාලිකයි කියන එක දරාගන්න බැරි වෙනවා. එයාට ඕන වෙනවා ගැනිමේඩ් එක්ක සදාකාලික තාරුණ්යයක ගත වෙන ප්රේමයක්.

සියුස් රාජලියෙකුගේ වෙස් ගෙනවිත් ගැනිමේඩ් ගේ උරහිසේ වහනවා. මනුෂ්ය ප්රාණීන්ට බැහැ දෙවියන් සියැසින් දකින්න. එහෙම දකින මොහොතේ ඔවුන් අළුවී යනවා. ගැනිමේඩ් සියුස්ව දකිනවා. ඒ මොහොතේම එයා අළු බවට පත්වෙනවා.
සියුස් විසින් රාජාලි වේශයෙන් ගැනිමේඩ්ව දෙවියන්ගේ වාසභවන වූ ඔලිම්පස් කඳු මුදුනට රැගෙන ගිය බවයි කියන්නෙ. සියුස් සමීපයෙන්ම සිටින මධුවිත පුරන ප්රේමවන්තයා බවට ගැනිමේඩ් පත් වුනු බවයි කියන්නෙ.
තුෂාරා සෙව්වන්දි ලියපු මේ සිංදුව මං හිතන්නෙ සිංහලෙන් සමරිසි ප්රේමය ගැන මෙතෙක් ලියවුනු සොඳුරුතම ගීතය කියලයි.
තුෂාරා ඒක ලියන්නෙ මංගල සමරවීරට සැමරුමක් වනු පිණිසයි.
(චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



